IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ණය තොරතුරු කාර්යාංශයට නව ගණනය කිරීමේ පද්ධතියක්

(හර්ෂණ තුෂාර සිල්වා)

ලබන වසරේ සිට ණය තොරතුරු කාර්යාංශයට නව ගණනය කිරීමේ පද්ධතියක් හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ණය තොරතුරු කාර්යාංශය සම්බන්ධයෙන් විශාල සැලකිල්ලක් තිබෙන බවත් එම නිසා ඊට නව්‍යතාවක් එක් කිරීමේ අරමුණින් ගණනය කිරීමේ පද්ධතියක් හඳුන්වාදෙන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා කීවේය.

ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ අද (29) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කරුණාරත්න මහතා එම අදහස් පළ කළේය.
එහිදි ඔහු මෙසේ ද කීය.

“ජනවාරි මාසයේ සිට ණය තොරතුරු කාර්යාංශය ගණනය කිරීමේ පද්ධතියක් මගින් වාර්තා කිරීම් කරනවා. එය ණය තොරතුරු කාර්යාංශයේ එක් අංගයක් පමණයි. එහිදි 250ත් 800ත් අතර ගණනය කිරීම් කරනවා. 250 යනු අවදානම් වැඩි අගය වන අතර අවදානම අඩු බව 800න් කියැවෙනවා. ඒ අනුව ණය දෙන ආයතනවලට ඉතා හොඳ තීරණ ගැනීම සඳහා අවස්ථාව සලසනවා”.

 

 

 

 



අදහස් (5)

ණය තොරතුරු කාර්යාංශයට නව ගණනය කිරීමේ පද්ධතියක්

bandara Friday, 29 November 2019 05:49 PM

ඉතාම හොඳ දෙයක්. සියලුම බිල්පත්, බැංකු ණය, ලීසිං ආදී සියලුම ගෙවීම් මේ සඳහා ඇතුළත් විය යුතුයි. නිසි මූල්‍ය විනයක් පවත්වා ගැනීම සඳහා මෙය අත්‍යාවශ්‍ය දෙයකි.

:       108       204

bandaraMonday, 02 December 2019 04:06 PM

ඇයි දෙවියනේ මං කියපු දේට මිනිස්සු ඩිස්ලයික් කරලා තියෙන්නේ... ණයක් දිය යුත්තේ අසරණයන්ට නොව.. ඔවුන්ට දිය යුත්තේ ආධාර.. ණයක් දිය යුත්තේ ආයෝජනයට අත දීමක් හැටියට... ආයෝජනයට පෙර නිසි මූල්‍ය කළමනාකාරීත්වයක් අත්‍යවශ්‍යයි. එසේ නැතිනම් ඔවුන් ණය ගැනීමෙන් වැළකිය යුතුයි. ඒ මුදල නිසි කළමනාකාරීත්වයක් ඇති පුද්ගලයෙක්ට ආයෝජනයක් සඳහා දිය යුතුයි..

:       0       11

DUMINDA Sunday, 01 December 2019 10:11 AM

කෙනෙක්ට ණයක් ගන්න ඕනි නම්, බැංකුවෙන් දෙන්නෙත් නැත්නම් ඒ අය වැඩි පොලියට කොහෙන් හරි ගන්නවා. අන්තිමට හම්බකරන ඔක්කොම පොලී ගෙවලා ආණ්ඩුවලට බැන බැන ඉන්නවා. ණය ගන්න එන අයව හොරු විදිහට දකින්නේ නැතිව, පුද්ගලයෙක් අදායමෙන් කීයක් පොලි ගෙවනවද බලලා සහනයක් දෙන එකයි. ඔන්න අලුත් ආණ්ඩුව ඇත්තට මිනිස්සු ගැන හිතනවා නම් කරන්න වැඩ...

:       0       56

rathnapriya Tuesday, 03 December 2019 08:25 AM

එක් එක් පුද්ගලයන් පසුගිය වසරවල් තුළ (වසර 5, 10, 20 , 30 ,40 ත් 50 ත් අතර කාලයක් තුළ) කොපමණ පොළී ගෙවා ඇද්ද යන්නත් සැලකිය යුතුයි. එම පොළිය නොගෙවූ වාරික පොළී පියවීම සඳහා නව insurance ක්‍රමයක් ඇතිකර පුද්ගල අමාරුකම් අවස්ථාවලදී එමගින් පියවිය යුතුයි. රජයට තවත් ආදායමක් සහ බැංකු වලින් එම පොළිය අඩුකර අවධානම අඩුකළ හැකිය. ණය ලබා ගන්නන්ටත් පහසුයි. ඒ ඒ පුද්ගලයා ඒ ඒ බැංකුවට ගෙවා ඇති (පසුගිය වසරවල් තුල ) පොළී ගණනය රජයෙන් 50 % පියා හෝ මව ඇති හෝ නැති දරුවන්ගේ අධ්‍යාපන ණය ලබාදීමට හෝ පියවීමට යෙදවීම යෝග්‍ය වේ (ඉහත කි insurance මගින් ). credit report සඳහා බැංකුව නොව සෑම පුද්ගලයෙක්ම ගෙවීමක් සිදුකරයි.

:       0       1

sampath Wednesday, 04 December 2019 08:09 AM

මේකෙන් කිසි වැඩක් නැහැ. ගමේ දවසට පොළියට මහා පරිමාණයෙන් ණය දෙනවා දෛනික එකතු කිරීම්.මේක මහා උගුලක් එත් මිනිස්සු මේවට යන්නේ මේ කිසි තේරුමක් නැති දේවල් නිසා. එක වාරිකයක් ගෙවන්න බැරි උන ගමන් ණය තොරතුරු කාර්යාංශයට යනවා. බැංකුවක් නය දෙන්නේ ඇපයක් තියාගෙනයි. මොන එහෙකටද ණය තොරතුරු බලන්නේ? ව්‍යාපාර දියුණු වෙනවා, කඩා වැටෙනවා. දැනට මේකේ නැති කෙනෙක් නැතුව ඇති. මේකේ නම නැති කෙනෙක්ට ණය දීම කළු නික සෙවීමක් වගෙයි. බැංකු මීට වඩා ජනතාවාදී විය යුතුයි. ගිනි පොළී සමග පුද්ගලික ව්‍යාපාර වලින් ජනතාව බේරගන්න ඕනේ. පිටකොටුවේ දවසට 10% යි. රුපියල් 90 ක් උදේට දුන්නම හවසට 100ක් දෙන්න ඕනේ. මුළු ව්‍යාපාරයම දුවන්නේ මේවගේ අයගෙන්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 59 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 47 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 22 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 54 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 15 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 16 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 678 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1389 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 355 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site