IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඩොලර් බිලියන 51.824න් චීන ණය බිලියන 5.5ක් පමණයි - චීනය

ශ්‍රී ලංකාවේ සමස්ත ණයවලින් චීන ණයවල ප්‍රමාණය සියයට 1-0.6ක් පමණකැයි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
 
‘ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව 2017’ වාර්ෂික වාර්තාවට අනුව මෙරට සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 51.824ක් බව සඳහන් කරන චීන තානාපති කාර්යාලය එයින් ශ්‍රී ලංකාව චීනයට ගෙවීමට ඇත්තේ ඩොලර් බිලියන 5.5ක් පමණක් යැයි ද නිවේදනයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය සඳහන් කරයි. 
 
හම්බන්තොට වරාය හා චීන ණය පිළිබඳවත් චීනයේ ‘චයිනා හාබර්’ සමාගම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට මුදල් ලබාදුන් බවටත් සඳහන් කරමින් ජූනි 26 වැනිදා ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළ වූ ගවේෂණාත්මක ලිපිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා  මාධ්‍ය හමුවක් පැවැත්වූ චීන තානාපති කාර්යාලය එම මාධ්‍ය හමුවේදී ණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉහත කරුණු සඳහන් කර ඇත. 
 
ඊට අමතරව චීන ණයවලින් සියයට 61.5ක් (එක්සත් ජනපද ඩොලර් බිලියන 3.38ක්) සහනදායී පදනම යටතේ දුන් ණය බවත් එම ණය මුදල් බොහෝමයක පොළී අනුපාතය ජාත්‍යන්තර වෙළෙඳපොළේ පොළී අනුපාතවලට වඩා අඩු බවත් චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ 
 
වාණිජ ණය ලබාදීමේදී සෑම විටම ණය ගන්නා පාර්ශ්වය සමඟ ජාත්‍යන්තර වෙළෙඳපොළේ තිබෙන අනුපාතවලට සරිලන අනුපාතයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව එම නිවේදනයේ සඳහන් කර තිබේ. 
 
055



අදහස් (4)

ඩොලර් බිලියන 51.824න් චීන ණය බිලියන 5.5ක් පමණයි - චීනය

Nuwan Thursday, 05 July 2018 07:33 PM

"ඩොලර් බිලියන 51.824ක් වන මුළු නය වලින් ශ්‍රී ලංකාව චීනයට ගෙවීමට ඇත්තේ ඩොලර් බිලියන 5.5ක් පමණක් " එහෙනම් ඔය මහින්ද චීනෙන් ගත්ත ණය නිසා තමයි ලංකාව හිරවෙලා ඉන්නේ කියන්නේ..

:       63       95

dhamneth Friday, 06 July 2018 12:26 PM

බිලියන 5 නම් මොකක්ද? ඕක ගෙවන එක මොන කජ්ජක්ද?

:       0       0

Bamunuarachchi Saturday, 07 July 2018 10:16 AM

මහින්ද මහතා 2005 පාලනය භාර ගන්න විට තිබු ණය කොපමණද 2015 භාර දෙනවිට තිබු ණය කොපමණද කියා දන්නා කෙනෙක් කියන්න.

:       0       0

samarasinghe Monday, 09 July 2018 02:53 AM

ඇයි,එහෙනම් වරාය විකුණුවේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 156 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 777 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 379 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site