IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජ්‍යාත්‍යන්තර ආයෝජකයන් අතර ලංකාවට ධනාත්මක ආකල්ප

  • ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිකරණයේ ප්‍රගතිය මෙරට වතක්මවල ආයෝජනය කර ඇති ආයෝජකයන් පිළිගෙන ඇතැයි ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ආසියාවේ සහ දකුණු ආසියාවේ පර් යේෂණ ප්‍රධානීහු පවසති.
  • මෙම වසරේ දෙවැනි භාගයේදී උද්ධමනය සියයට 5 පසු කරනු ඇති 
  • ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 110 ක මට්ටමේ තිබිය හැකියි 
  • මීළඟ වසර දෙක තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 3.5 කින් වර්ධනය වනු ඇති
  • මැදි කාලීනව බාහිර ණය ගෙවීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 600 සීමාවේ
  • වාහන ආනයනයෙන් වෙළෙඳ හිඟය පුළුල්වේවි

විමුක්ති එස් රුද්‍රිගු


ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ගෝලීය ප්‍රධානී, ස්ථාවර ආදායම් පර් යේෂණ  සහ ආසියානු පර් යේෂණ ප්‍රධානී කෞෂික් රුද්‍රා

දකුණු ආසියානු ආර්ථික විද්‍යාඥ සෞරව් ආනන්ද්

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ඒ.ඩී.ඒ, එෆ්.එක්ස් පර් යේෂණ ප්‍රධානී දිව්‍යා දේවේෂ්

ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක ආකල්ප ආයෝජකයන් අතර වර්ධනය වෙමින් පවතින බවත් විශේෂයෙන් ජාත්‍යන්තර ආයෝජකයන් තුළ මෙලෙස ශ්‍රී ලංකාව කෙරෙහි ධනාත්මක ආකල්ප වර්ධනය වෙමින් පවතින බවත් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව පසුගියදා ප්‍රකාශ කළේය.
මෙරට සාර්ව ආර්ථික වර්ධනයන් කෙරෙහි ආයෝජකයන් තුළ විශ්වාසයක් ගොඩනැගී තිබෙන බව ඉන් පිළිබිඹු වන බවද ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව පැවැසුවේය. කෙසේ නමුත් මෙරට මුහුණ දෙන විශාල අභියෝග හමුවේ මෙරට ස්ථාවර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ ළඟා කරගත් වර්ධනයන් අඛණ්ඩව ඉදිරියට ගෙනයාම ශ්‍රී ලංකාව මුහුණදෙන අවදානම් අවස්ථා බව ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවර කිරීමේදී ලබාගෙන ඇති ප්‍රගතිය හඳුනාගනිමින් ජාත්‍යන්තර ආයෝජකයන් ශ්‍රී ලංකාව දෙස ධනාත්මක ආකල්පයකින් බලන බව ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ගෝලීය ප්‍රධානී, ස්ථාවර ආදායම් පර් යේෂණ සහ ආසියානු පර් යේෂණ ප්‍රධානී කෞෂික් රුද්‍රා මහතා මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කළේය.
විශේෂයෙන් ණය වෙළෙඳපොළ තුළ සිටින ආයෝජකයන්ගේ විශ්වාසය මෙලෙස ඉහළ ගොස් තිබෙන බවත් එමගින් ඔවුන් මෙරට වත්කම්වලට නිරාවරණය වීම ඉහළ ගොස් ඇති බවත් කෞෂික් රුද්‍රා මහතා පැවැසුවේය. එමගින් මෙරට සාර්ව ආර්ථික වර්ධනය කෙරෙහි ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරුවී ඇති බව පෙන්නුම් කරන බව කෞෂික් රුද්‍රා මහතා ප්‍රකාශ කළේය.
කොළඹදී පැවැති ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ගෝලීය පර් යේෂණ වාර්තාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනකදී කෞෂික් රුද්‍රා මහතා මෙම අදහස් පළ කළේය. එම වැඩසටහනට ස්ටෑන්ඩර්ඩ් චාර්ටඞ් බැංකුවේ දකුණු ආසියාව පිළිබඳ ආර්ථික විද්‍යාඥ සෞරව් ආනන්ද්, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ඒ.ඩී.ඒ, එෆ්.එක්ස් පර් යේෂණ ප්‍රධානී දිව්‍යා දේවේෂ් සහ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිඟු‍මල් තේවරතන්ත්‍රි යන මහත්වරු එක්ව සිටියහ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නව ආර්ථික ප්‍රතිපත්ති සමග ගෝලීය ආර්ථිකයේ සිදුවන නව වෙනස්කම් තුල ශ්‍රී ලංකාවට නව අවස්ථා උදාවනු ඇතැයි රුද්‍රා මහතා ප්‍රකාශ කළේය. නැගීඑන වෙළෙඳපොළ වෙෙළඳ ප්‍රවාහ ඉහළ යමින් පවතින බවත් භූගෝලීය පිහිටීම හේතුවෙන් ඉන් ආසියාන් සහ මැද පෙරදිග කලාප රටවලට මෙන්ම චීනය සහ ශ්‍රී ලංකාවට වාසි අත්වනු ඇති බවත් රුද්‍රා මහතා පැවැසුවේය.
ජාත්‍යන්තර වෙළෙඳාමේ අනාගත විභවයන්ගෙන් ප්‍රයෝජන ලබාගැනීමටත්, ජාත්‍යන්තර වෙළෙඳාම් ප්‍රවණතාවලින් මැදි කාලීනව වාසිලබා ගැනීමටත් ශ්‍රී ලංකාව හොඳ ස්ථානයක සිටින බව ඔහු පැවැසුවේය.
එහිදී අදහස් දක්වමින් දකුණු ආසියානු ආර්ථික විද්‍යාඥ සෞරව් ආනන්ද් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම මධ්‍යස්ථ වර්ධනයක්, විභව උද්ධමන පීඩනයක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ මූල්‍ය ඉලක්ක කරා කැපවීමක් සහිත ප්‍රකෘතිමත් වීමේ අවධියක් යෝජනා කරන බවය. මෙරට හැකිලීමට ලක්වූ ප්‍රධාන අංශ නැවතත් හිස ඔසවමින් සිටින බවද ඔහු පැවැසුවේය.
කෙසේ නමුත් ශ්‍රී ලංකාව ඉදිරියේ ව්‍යුහාත්මක අභියෝග තවමත් පවතින බවද ඔහු ප්‍රකාශ කළේය. එම අභියෝග ජයගැනීමට බාහිර ස්ථාවරත්වය සහ අඛණ්ඩව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බවද ඔහු පැවැසුවේය. මීළඟ වසර දෙක තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 3.5 කින් වර්ධනය වනු ඇති බවත් එම පුරෝකතනය අභිබවා යාමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බවත් සෞරව් ආනන්ද් මහතා ප්‍රකාශ කළේය. ආර්ථිකය අර්බුදය හේතුවෙන් පසුගිය වසර දෙකක කාලය තුළදී මෙරට ආර්ථිකය සියයට 10 කින් පහළ ගොස් ඇති බවත් තවමත් මෙරට ආර්ථික වර්ධනය සාමාන්‍ය ප්‍රවණතාවට වඩා පසුපසින් සිටින බවත් සෞරව් ආනන්ද් මහතා ප්‍රකාශ කළේය.
මෙම වසරේ දෙවැනි භාගයේදී මෙරට උද්ධමනය ඉහළ යාමට ඉඩ තිබෙන බවත් එහිදී උද්ධමනය සියයට 5 පසුකරනු ඇති බවත් සෞරව් ආනන්ද් මහතා ප්‍රකාශ කළේය. හතරවැනි කාර්තුවේදී සියයට 6ක මට්ටමේ මෙරට උද්ධමනය පැවැතීමට ඉඩ තිබෙන බවද ඔහු පැවැසුවේය. ප්‍රතිපත්ති පොලී අනුපාත සියයට 8 මට්ටමේ පවතින බවත් මෙරට උද්ධමනය සියයට 4 ත් 5 ත් අතර පවතිනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන බවත් ආනන්ද් මහතා ප්‍රකාශ කළේය..
මීළඟ වසර දෙකක කාලය සඳහා මෙරට ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 110 ක මට්ටමේ පවතිනු ඇතැයි පුරෝකථනය කර තිබෙන බවත් විනයකින් යුතුව මූල්‍ය කළමනාකරණය සිදු කරනු ලැබුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදී තිබෙන කාල සීමාවට එම මට්ටම සියයට 100 දක්වා පහළට ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බවත් ඔහු පැවැසුවේය.
මැදි කාලීනව බාහිර ණය ගෙවීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 600 සීමාවේ පවතිනු ඇති බවත් ඉන් පසුව වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක මුදලක් බාහිර ණය ලෙස ගෙවනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමග වෙ​ෙළඳ හිඟය පුළුල් විය හැකි බවද ඔහු පැවැසුවේය.
බාහිර අවදානම් මධ්‍යයේ වුවද, හොඳින් කළමනාකරණය කරන ලද ප්‍රතිපත්ති ප්‍රවේශයක් මඟින් ශ්‍රී ලංකාවට අඛණ්ඩ අභියෝග ජය ගැනීමට සහ වඩාත් ඔරොත්තු දෙන ආර්ථික පදනමක් ගොඩනගා ගැනීමට හැකියාව පවතින බවද ඔහු පැවැසුවේය.
ගෝලීය මුදල් වෙළෙඳපොළ පිළිබඳ අදහස් දක්වමින් දිව්‍යා දේවේෂ් මහතා ප්‍රකාශ කර සිටියේ ඉහළ පොලී අනුපාත සහ ඔරොත්තු දෙන ආර්ථික ක්‍රියාකාරිත්වය හේතුවෙන් ඇමෙරිකානු ඩොලරය ශක්තිමත්ව පවතිනු ඇති බවත් නැගී එන වෙෙළඳපොළවල මුදල් ඒකකවලට එය පීඩනයක් එල්ල කරනු ඇති බවත්ය. ඉන් ශ්‍රී ලංකා රුපියලටද බලපෑමක් එල්ලවනු ඇතැයි ඔහු පැවැසුවේය.

 



අදහස් (0)

ජ්‍යාත්‍යන්තර ආයෝජකයන් අතර ලංකාවට ධනාත්මක ආකල්ප

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13552 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 121 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 951 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site