පළමු වසරේ ලකුණු වාර්තා පොත:
අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව 2025 සැප්තැම්බර් මාසය වන විට වසරක කාලය සම්පූර්ණ කරනු ලැබුවේය. ආණ්ඩුව හැරුණු කොට බොහෝ අය මෙම පළමු වසරේ කාර්ය සාධනය විශ්ලේෂණය කරන්නට යත්න දැරූහ. ආණ්ඩුවේ පැත්තෙන් ඒ ගැන කාර්ය සාධන වාර්තාවක් 2025 නොවැම්බරයේදී, 2026 අය වැය ඉදිරිපත් කරන විට ඉදිරිපත් කෙරේ යයි බලාපොරොත්තු වේ.
එල් බෝඩ් ආණ්ඩුවක් ලෙස හංවඩු ගැසීම:
ආණ්ඩුවේ ඉන්නා උදවියට, රට පාලනය කිරීමේ පූර්ව අත්දැකීම් නොමැති නිසා ධනනාත් ප්‍රනාන්දු හා චරින්දු චන්ද්‍රසේන යන විශ්ලේෂකයන් දෙදෙනා ඇඩ්වො චැට් වැඩසටහනක දී එය එල් බෝඩ් ආණ්ඩුවක් නැතහොත් පුහුණු වෙන රජයක් ලෙස නම් කළෝය. මෙම නම් කිරීමෙන් ඇඟවෙන්නේ එවැනි පුහුණු වන්නකු නිරන්තරයෙන්ම බලපත්‍ර හිමි පුහුණුකරුවකුගේ සමීප අධීක්ෂණයට පාත්‍ර විය යුතු බවකි.
ඔවුන් දෙදෙනා දෘෂ්ටිකෝණ කිහිපයකින් ආණ්ඩුවේ කාර්ය සාධනය වෙත අවධානය යොමු කළහ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ක්‍රියාත්මක කිරීම ඇරඹූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ ඔවුන් හසුරුවන්නේ කෙසේද?, ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළ සම්පූර්ණ කළේ කෙසේද? ඩිජිටල් කරණය උදෙසා ගත් ක්‍රියාමාර්ග හා ආර්ථිකය ඩිජිටල් කරණයට භාජන කිරීම, දූෂණ විරෝධී උත්සාහය සහ මත්ද්‍රව්‍යවලට එරෙහි සටන දියත් කිරීම ආදිය ඉන් කිහිපයකි. ධනනාත් හා චන්ද්‍රසේන යන දෙදෙනා අනුර කුමාර දිසානායක රජය කෙරේ සානුකම්පිතව කතා කළේ, ඇතැම් අංශවල එය දැක් වූ අසාර්ථකත්වය නොසැලකා හැර රජය සතුටුදායක ලෙස කාර්යසාධනය ඉටු කළ වග කියා පෑමෙනි.
විරුද්ධ පක්ෂ මාධ්‍ය ප්‍රකාශයට අනුව ආණ්ඩුව වූ පොරොන්දු ඉටුකිරීමට අසමත් වී තිබේ. විරුද්ධ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලාංකිකයන් අතර දරිද්‍රතාව තුරන් කිරීමට අනුර කුමාර දිසානායක ආණ්ඩුව අසමත් වූ බවට චෝදනා කර තිබේ. එජාප මාධ්‍ය ප්‍රකාශකට අනුව අනුර කුමාර දිසානායක සිය මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට අසමත්ව ඇත. අනුර කුමාර දිසානායක ආණ්ඩුව එහි දේශපාලනයට විරුද්ධ කවරකු හෝ දඩයමට ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කී බව වාර්තා වේ.
සාර්ථක හා අසාර්ථකභාවය සැසඳීම:
ජනප්‍රිය ආර්ථික විද්‍යා වෙබ් අඩවියක් වූ Economy Next වෙත ලියන නිර්නාමික විශ්ලේෂකයකු, මැතිවරණ ප්‍රචාරන වැඩසටහනේ දී අනුර කුමාර දිසානායක දුන් පොරොන්දුවලින් ඉටු නොකළ පොරොන්දු හා අඩක් ඉටු කළ පොරොන්දු හඳුනාගෙන තිබේ. ඒ අනුව අනුර කුමාර දිසානායක, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට, ඉහළ ජීවන වියදමෙන් පහර වැදුණු අයට සහන සැලසීමට, රාජ්‍ය අංශය ප්‍රතිව්‍යුහගත කිරීමට, නව රැකියා උත්පාදනයට හා අලුත් දේශපාලන සංක්කෘතියක් නිර්මාණය කිරීමට අසමත් වී තිබේ. එම රචකයාට අනුව ඔහු පහත සඳහන් පොරොන්දු අර්ධ වශයෙන් ඉටු කර තිබේ. දූෂණයට එරෙහිව සටන් වැදීම හා සොරකම් කළ ධනය නැවත පියවා ගැනීම, ණය ප්‍රතිව්‍යුහගත කරනය හා ආර්ථිකය යථා තත්වයට පත් කරලීම, අවධානමට පාත්‍ර වුවන් ආරක්ෂා කිරීමට සුබසාධන පිරිනැමීම, නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම. කිනම් ප්‍රමිතියකින් සලකා බැලුවද එය අගය කළ හැකි ලකුණු පුවරුවක් නොවේ.
කියූ දේ කරයි ද? කළ දේ කියයි ද?
සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලියන තවත් නිර්නාමික රචකයෙක්, අනුර කුමාර දිසානායක පළමු වසරේ කියූ දේ කළාද?, කළ දේ කීවාද? යන ප්‍රශ්නය එඩිතරව විමසා ඇත. ඔහු සිය ඇගයීම සමාප්ත කර ඇත්තේ ඇ.ඒ.ජ.පදය ගොඩනැගූ ජාතියේ පියා ලෙස සැලකෙන ජෝර්ජ් වොෂින්ටන් ඔහුගේ ලාබාල සගයා වූ ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් වෙත දුන් උපදෙසක් සිහිපත් කරමිනි. එනම්, දිනාගැනීම ඉතා පහසු වූ නමුත්, පාලනය කිරීම අසීරුය යන්නයි. මේ ආකාරයට එම ඇගයුම් විවිධාකාරය. ඒවායේ නිගමන විවිධය, මිශ්‍රිතය.
කාර්ය සාධනය ඇගයුම් කිරීමට
නොතරමි කෙටි කාලයකි
මතක තබාගත යුතු එක් කාරණයක් වන්නේ අනුර කුමාර දිසානායකගේ කාර්ය සාධනය අර්ථවත් ලෙස ඇගයුම් කිරීමට එම වසරක කාලය පමණට වඩා කෙටි කාලයක් යන්නයි. එය තමාගේ අපොස (සා.පෙළ) අවධානය වැඩසටහන සම්පූර්ණ කිරීමට වසර දෙකක් ඇති සිසුවකුට එක් වසරක් ගෙවී ගිය විට ඔහු විභාගය අසමත්ව ඇතැයි කියන්නාක් මෙනි. පරීක්ෂකයාට කිව හැක්කේ එම සිසුවා ඒ වන විට නිවැරැදි දිසාවට යොමුව ඇත්තේ ද, විභාගය සමත් වන තුරු කෙසේ ශක්තිමත් විය යුතු ද සහ ඔහුගේ පසු බැසීම් හා වැරදි හඳුනාගෙන නිවැරදි මාර්ගයේ ඔහු කෙසේ ගමන් කළ යුතු ද යන්න පමණකි. දේශපාලන හෝ ආර්ථික ප්‍රතිසංස්කරණයන් යනු යම් කාලයක් ගත වන ක්‍රියාදාමයන්ය. එම ක්‍රියාදාමයේ මැද හරිය ප්‍රතිසංස්කරණ ක්‍රියාදාම තක්සේරු කර බැලීමට සුදුසු අවධියක් නොවන්නේය. එම නිසා මෙකී මැද හරියේ දී අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව අසමත් යයි හංවඩු ගැසීම අසාධාරණය.
මේ අර්ථයෙන් ගත් කළ අනුර කුමාර දිසානායක නිවැරදි දිසාවට ගමන් කරන්නේ යයි මට පෙනී යන නමුදු, ඔහු ආර්ථික වර්ධනය වේගවත් කිරීමට රැකියා උත්පාදනය කිරීමට ශ්‍රී ලංකාව සෙසු ලෝකය සමග ඒකාබද්ධ කර ගැනීමට සහ දරිද්‍රතාව තුරන් කර දැමීමට සවිමත් පරිපූර්ණ වැඩසටහනක් සමග ඉදිරියට යොමුවිය යුතුවේ. මේ සඳහා දැනටමත් මේ ආකාරයේ වැඩසටහනක් දියත් කිරීම සඳහා ඔහුගේ රජය ප්‍රමාද වූවා වැඩිය. ඔහු පසුගිය සතියේ එක්සත් ජාතීන් ඉදිරියේ සිය මංගල කතාව කරමින් ලෝකයේ සෙසු ජාතීන්ට උපදෙස් දුන් ආකාරයට, දැන් ඉහළ ජීවන වියදමෙන් උග්‍ර වී ඇති දරිද්‍රතාවට එරෙහිව ඔහුට සටන් වැදිය හැක්කේ එසේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජය අනුගමනය කිරීමේ විචක්ෂණශීලී බව:
මුලින් මා තර්ක කර අති ආකාරයට, මින් පෙර රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති ධුරය යටතේ ශ්‍රී ලංකාව අවතීර්ණය වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය යෝජනා ක්‍රමයට අඛණ්ඩව අනුගත වීම අනුර කුමාර දිසානායකගේ පැත්තෙන් විචක්ෂණශීලී බවකි. එසේ වන්නේ 2024 සැප්තැම්බරයේ ඔහුගේ නිලතලය ආරම්භ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටි ආර්ථික අර්බුදයේ ගැඹුර, ඔහුගේම වචනවලින් කියූ ආකාරයට ඔහුගේ ආණ්ඩුවට යම්තමින් හෝ වරදක් කිරීමට අවසර නොමැති තරමට දරුණුව පැවැති නිසාය. වියවුලේ වැටී සිටි ආර්ථිකය නිසි පිළිවෙළට සකස් කර ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය ගොඩනැගීම උදෙසා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන් තුළ කටයුතු කිරීමට ඔහුගේ රජය තීරණය කළේය.
1997-98 සමයේ නැගෙනහිර ආසියානු මූල්‍ය අර්බුදයෙන් අනතුරුව මැලේසියාවේ මහතිර් මොහොමඩ්ට පිරිනැමුවා මෙන්ම, ඔහුගේ රජය විසින් තීරණය කළ ප්‍රතිපත්ති පැකේජවල අවශ්‍යතා මගහරවාගෙන ගෙවුම් ශේෂ අර්බුද විසඳා ගැනීමට කලින් තීරණය කළ ප්‍රතිපත්ති සහිත ප්‍රතිපත්ති පැකේජයන් අනුර කුමාර දිසානායකට හා ඔහුගේ ඉහළ නායකත්වයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සම්පාදනය කොට තිබිණි.
මහතීර් මොහොමඩ්ගේ සම්මත ප්‍රවේශය:
මහතීර්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගයෙන් තොරව බාහිර කම්පනවලින් පහර වැදී තිබුණු සිය ආර්ථිකය බේරා ගැනීමට සම්මත සාර්ව ආර්ථික සැලැස්මක් අනුගමණය කළේය. එවැනි දැනුම් පදනමකින් තොර වූ අනුර කුමාර දිසානායකට මූල්‍ය අරමුදලේ පැකේජය අනුගමනය කරනු විනා වෙනත් විකල්පයක් නොවූයේය. ඔහුගේ පුර්වගාමියා වූ රනිල් වික්‍රමසිංහ අනුගමනය කරන ලද්දේ එයමය. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිය තුළ ආර්ථිකයේ මූල්‍ය අංශය ස්ථාවර කිරීමේදී ඊටම ආවේනික දුර්වලතා පැවතිණි. ජනතාවගේ ධනය උත්පාදනය කිරීමේ, වඩාත් වැදගත් අවශ්‍යතාව එයින් නොසලකා හැරිණි. වැදගත් අවශ්‍යතාවක් වූ නාමික ආර්ථිකය ස්ථාවර කරනු වස්, මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශයේ සහයෝගය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුර කුමාර දිසානායකට සහයෝගය දුන්නේය. එහෙත් දීර්ඝ කාලීන සංවර්ධන මාවතට රට තල්ලු කිරීමට එය ප්‍රමාණවත් නොවන්නේය. ඒ සඳහා වූ පරිපූර්ණ සැලැස්මක් අනුර කුමාර දිසානායක රජය විසින් නිර්මාණය කළ යුතුව තිබේ.
ශ්‍රී ලංකාවේ මන්දගාමී යථාතත්වයට පත්වීම:
2020, 2022, හා 2023 වසරවල පැවති ඍණ ආර්ථික වර්ධනයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය මන්දගාමීව යථා තත්වයට පත් වෙමින් පවතී. 2024 දී එය සියයට පහක (5%) මධ්‍යස්ථ වර්ධනය වේගයක් අත්කර ගත්තද, එය රටට සතුටු විය හැකි ජයග්‍රහණයක් නොවේ. සුබසාධන පැත්තෙන් ගත් විට එය හේතු දෙකක් නිසා පුම්බා පෙන්වූ සංඛ්‍යා ලේඛනයකි. ඉන් එක හේතුවක් නම්, 2023 පැවති ස්ථාවර මිලගණන් අනුව එම නිෂ්පාදනයේ වෙළෙඳපොළ මිල හා සැසඳූ විට සංඛ්‍යාත්මක කාරකයේ පැවැති පහත් පදනමයි. එය 2022 නිෂ්පාදනය හා සැසඳූ විට තිබුණේ හුදෙක් සියයට 2.6 (2.6%) වර්ධනයක් පමණකි. දෙවැන්න නම් මෙම සංඛ්‍යාව භාණ්ඩ හා සේවා ඉහළ වටිනාකමකින් තීරණය කළ ශුද්ධබදු මත පමණට වඩා පුම්බා පෙන්වා තිබීමයි. ඒ 2023 වසරට වඩා 2024දී එම භාණ්ඩ හා සේවාවන්ට සපයා තිබූ සහනාධාර දළ බදු වලින් අඩු කොට තිබීම නිසාය.
මෙය දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකම, වෙළෙඳ පොළ මිල මත දළ බදු එකතු කොට සහනාධාර අඩු කිරීමෙන් කළ ගණනය කිරීමේ සංඛ්‍යාත්මක ක්‍රමවේදයකි. එම වටිනාකම 2023 වටිනාකම වූ රු. බිලියන 742හා සඳහා බැලූ විට 2024දී රු. බිලියන 824 වූයේ, සියයට 11ක වැඩිවීමක් සනිටුහන් කරමිනි. එසේ වූයේ ප්‍රධාන වශයෙන්ම ඍජු බදු අනුපාතයන් වැඩි වීම හේතුකොට ගෙනය.
මෙය භාණ්ඩ හා සේවා මිලදී ගත් පාරිභෝගිකයන් දැරූ වියදමක් වේ. එය රජය විසින් උපයා ගන්නා ලද්දක් වන අතර, නිෂ්පාදකයන් විසින් උපයා ගන්නා ලද්දක් නොවේ. නිෂ්පාදකයන් හට අත්වන්නේ එකතු කරන ලද දළ වටිනාකම (GVA)යි. එම වටිනාකම මනිනු ලබන්නේ නිෂ්පාදිත භාණ්ඩ නම් කම්හල් ගේට්ටුවෙන් පිටවන විට වටිනාකමෙනි, කෘෂිකාර්මික භාණ්ඩ නම් ගොවිපොළේ දොරටුවෙන් නික්මෙන විට වටිනාකමෙනි, සේවාවල නම් කාර්යාල දොරටුවෙන් නික්මෙන විට පැවැති වටිනාකමෙනි. GVA හෙවත් එකතු කරන ලද දළ වටිනාකම නිෂ්පාදකයන්ගේ සුබසාධන මට්ටම පෙන්වන දර්ශකයයි. මන්ද යත්, එය කම්හල් හිමිකරුවන් වේවා, ගොවීන් වේවා සේවා සම්පාදකයන් වේවා අත්කර ගන්නා වටිනාකම බැවිනි. 2024දී එකතු කරන ලද දළ වටිනාකම (GVA) වැඩි වී ඇත්තේ 2022 හා සසඳා බැලූ විට සියයට 2කින් පමණි. අනෙක 2025 පළමු අරධය තුළ ආර්ථිකය සියයට 4.8කින් වර්ධනය වූ බව වාර්තා වීමයි.
මෙයද සුබසාධන අර්ථයෙන් බැලූ විට ඉහත කී දුර්වලතාවයෙන්ම පෙළෙන්නකි. 2025 පළමු හය මාසය තුළ ස්ථාවර මිල ගණන් අනුව බදු එකතු කොට, සහනාධාර අඩු කළ විට රු. බිලියන 428ක් විය. එය රු. බිලියන 387 සමග සැසඳූ විට සියයට 11ක වැඩි වීමක් වනුයේ ප්‍රධාන වශයෙන් සියයට 18ක වැට් (VAT) බදු එකතු කළ විටයි. එම විශාල පරිභෝජන වටිනාකමක් සහ ආනයනය කළ වාහනවලට අය කළ බදු වලින් එම වැට් බදු ඒකරාශි වූයේය. එහෙත් 2025 වසරේ පළමු අර්ධයේ GVA (එකතු කරන ලද දළ අගය) රු. ටිලියන 5.9ක් වූ නිසා, 2024 පළමු මාසයේ GVA වටිනාකම වූ රු. ටිලියන 5.7 සමග සැසඳූ විට වැඩි වී ඇත්තේ සියයට 3.5ක වටිනාකමක් පමණි.
කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්ය සාධනය තවමත් පවතින්නේ 2019 වසරට පහළ මට්ටමකයි. 2025 පළමු හය මාසයේ කාර්ය සාධනය 2019 පළමු හය මාසයේ කාර්යසාධනය වූ රුපියල් ට්‍රිලියන 6ට වඩා සෑහෙන පහත පවතින්නකි. එම නිසා අනුර කුමාර දිසානායක ආණ්ඩුව 2025 වාර්තාකර ඇති කාර්ය සාධනය සම්බන්ධයෙන් සන්තුෂ්ඨියට පත්විය යුතු නැත. ආර්ථිකය නිරන්තරව විස්තීර්ණ වීම උදෙසා එය අදාළ ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුය.
ශ්‍රී ලංකාව: පහළ මට්ටමේ වර්ධනයක් ඇති රටකි
මෙම සියයට 5 (5%) වර්ධනය අනුර කුමාර දිසානායක අණ්ඩුව හඹා යා යුතු ඉන්ද්‍රජාලමය වර්ධන ඉලක්කයක් නොවේ. ශ්‍රී ලංකාව, නිදහසින් පසු අවධිය තුළ සාමාන්‍ය වර්ධනය අඩු මට්ටමේ පැවති රටක් වූයේය. සාමාන්‍යයෙන් 1950-2024 කාලය තුළ එහි වර්ධනය සියයට 4.1 පැවැතිනි.
ඇතැම් වර්ෂවල පමණක් මෙම සාමාන්‍ය වර්ධන වේගය ඉක්මවා ගියේය. එහෙත් මෙම ඉහළ වර්ධනය පැවැති අවුරුදු ගෙවී ගිය පසු එසැනින්ම එම වර්ධනය පහත වැටුණේ එහි ආර්ථික ව්‍යුහය සහ නිෂ්පාදන ක්‍රමවේද එම වර්ධනය තිරසාරව පවත්වා ගැනීමට තුඩු නොදුන් බැවිනි.
එම නිසා රට කිසිවක් අමුතුවෙන් නොකළ විට පවා සියයට 4ක පමණ වර්ධන වේගයක් පවත්වා ගත හැකි වූයේය. එම අර්ථයෙන් ගත විට සියයට 5ක වර්ධනයක් යනු ශූන්‍ය වර්ධන වේගයකි. එබැවින් ශ්‍රී ලංකාව, එහි ජනතාවගේ සුබසාධනය ඇති කරලීමට නම් සියයට 8කට වඩා වර්ධනයක් ඇති කරලීමට වෑයම් කළ යුතුය.
අනුර කුමාර දිසානායක සැලසුම් කළ ආර්ථිකයේ තාක්ෂණික පරිවර්තනය, විශේෂයෙන් ඩිජිටල් පරිවර්තනය මෙම අරමුණට ළඟා වීම සඳහා ඔහුට උපකාරී වනු ඇත. සැලසුම් ගත මෙකී පරිවර්තනයෙන් රටේ ආර්ථිකයේ ඵලදායිතාව වැඩි වනු ඇත.
ඵලදායිතාවයේ වැඩිවීමක් සිදු නොවුවහොත් ඒ හේතුවෙන් සාමාන්‍ය පිරිවැය පහතට ගෙන ඒම කළ නොහැකි වන්නේය. එවිට ශ්‍රී ලංකාවට ගෝලීය වෙළෙඳපොළේ තරග කළ නොහැකි වනු ඇත. විශේෂයෙන් එහි අපනයනයන් මත, ඒවා ආනයනය කරනු ලබන ප්‍රධාන රටවල් පස මිතුරු තීරු බදු පැනවූ විට එසේ තරග කළ හැකි නොවන්නේමය.
රියදුරු අසුනේ රනිල් වික්‍රමසිංහ:
රනිල් වික්‍රමසිංහ උපක්‍රමශීලී රියැදුරකු වූ අතර ඔහු නිලයෙන් ඉවත් වන්නට පෙර අනාගත ආණ්ඩු, ඔහු සැකසූ ඉලක්ක වෙත බැඳ තබන විශේෂිත පනත් ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව මෙහෙය වූවේය. එම පනත ආර්ථික පරිවර්තන පනත නම් විය. ආර්ථිකය පරිවර්තනය කිරීමට අදාළ කිසිදු කාර්යයක් ඒ තුළ නොවූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විස්තීර්ණ ණය යෝජනා ක්‍රමය උදෙසා පැනවූ ඉලක්ක නීතිගත කිරීම ඊට අදාළ විය.
අනුර කුමාර දිසානායක ජනාධිපති පදවියට පත් වූ විගස ඔහුට පෙර පැවැති රනිල් වික්‍රමසිංහ රජයෙන් පැන වූ ඉලක්කවලට අනුගත වීම ඔහු මුහුණ පාන මූලිකම ගැටලුව බවට මම අනතුරු හැඟවීමි. එසේ කළේ ආර්ථික පරිවර්තන පනතෙන් අනුර කුමාර දිසානායකට විලංගු ලූ බැවිනි. ඔහුගේම ප්‍රතිපත්ති සමග ඉදිරියට යෑමේ නිදහස ඒ නිසා ඔහුට ලැබෙන්නේ නැත.
ඔහුගේ වේගවත් ගමන විලංගු විසින් වලකාලනු ඇත. ඉන් වසරකින් අනතුරුව පවා අනුර කුමාර දිසානායක රජය මෙම පසමිතුරු නීති සංශෝධනය කිරීමට සමත් වී නැත. ඔහු එම අරමුණුවලට යාමට අසමත් වුවහොත් ඔහුගේ රජය අධිකරණයේ කරනු ලබන අභියෝගවලට වගකිවයුතු වනු ඇත.
අනුර කුමාර දිසානායකගේ ප්‍රවේශය වෙනස්ය
මේ දක්වා අනුර කුමාර දිසානායකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වෙන්වී ආර්ථික පරිවර්තන පනතේ විලංගු වලින් නිදහස් වීමට නොහැකි වී තිබේ. අනුර කුමාර දිසානායක, තමා රනිල් වික්‍රමසිංහගෙන්, දූෂණයට හා අල්ලසට එරෙහිව දැඩිව හා ශක්තිමත් ලෙස සටන් කිරීම නිසා, වෙනස් බවට පෙන්නුම් කිරීමට උත්සාහ දැරුවේය. රනිල් වික්‍රමසිංහ මෙම සටන මුවින් පමණක් කළ අතර අනුර කුමාර දිසානායක යෝධ බලයකින් ඒ වෙත ඇදේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවේ දී, දූෂණයට එරෙහිව සටන් කිරීම භයානක, මුත් එසේ නොකර සිටීම ඊට වඩා භයානක බව ප්‍රකාශ කිරීමෙන් ඔහු ඒ බව පැහැදිලිව දැක් වූයේය.
මින් පෙර ලිපියක තර්ක කළ පරිදි අනුර කුමාර දිසානායක මිනිසාගේ පාලනය නොව, නීතිමය පාලනය දැඩි සේ ක්‍රියාත්මක කළ යුතුය. සෑම ප්‍රසිද්ධ වේදිකාවකම ඔහුගේ රජය රටේ සැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත්, කිසිවකු නීතියට ඉහළින් නොසිටින බවත්, සැවොම නීතියට යටත් බවත් හෙතෙම පුන පුනා කීවේය.
එහෙත් අනුර කුමාර දිසානායක අනුගමනය කරනුයේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිපත්තිමය. එම නිසා තවම රියැදුරු අසුනේ සිටින්නේ රනිල් වික්‍රමසිංහමය. එහෙත් අනුර කුමාර දිසානායක අල්ලසට හා දූෂණයට එරෙහිව ප්‍රබල ලෙස යුද්ධ ප්‍රකාශ කරමින් එසේ කරන්නේය.
2025/9/29 Daily FT හි පළවූ
First Year of AKD Government. Is it RW in Driving seat with a Difference?
ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජනපතිගේ වසරක කාලය: රියැදුරු අසුනේ තවමත් රනිල්ද ?