තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් සැලැස්මේ සහය සහිත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ කෙරුණු දෙවන සමාලෝචනයේදී ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණ තිබේ.
මාර්තු මාසයේදී කොළඹ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙලෙස එකඟතාවට පැමිණ තිබේ.
“තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් සැලැස්මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ කෙරුණු දෙවැනි සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා. පූර්ව ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීම හා එම අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව මෙම එකඟතාවට පැමිණීමට නියමිතයි “ අන්තර්ජාතික මූල්‍ය අරමුදල වොෂින්ටනයේ සිට ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
ලබන ජූනි මාසයේදී දෙවැනි සමාලෝචනය සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව කර ඇති ඉල්ලීම සලකා බැලීමට අධ්‍යක්ෂ මණ්ඩලය බලාපොරොත්තු වෙයි.
මෙහි පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස නව දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එසේම නව නීතිය ආදායම් බලමුලු ගැන්වීම මුල්කරගෙන කල් පවත්නා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය සඳහා හේතු විය යුතුයි.“එම අරමුදල කියයි.
ජාත්‍යන්තර සංචිත රැස්කීරීම නැවත ආරම්භ කිරීම ගැන එම අරමුදල මෙරට බලධාරීන්ට ප්‍රශංසා කළේය. එමගින් ශ්‍රී ලංකාවේ බාහිර අවදානම් තත්ත්වය අඩු කරගත යුතුයැයි එම අරමුදල පෙන්වා දෙයි.
2025 නොවැම්බර් මස 21
40
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
149
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1004
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල - ශ්‍රී ලංකාව මාණ්ඩලික මට්ටමේ එකඟතාවක