ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා මුදල් ඇමැති රවී කරුණානායක මහතා බදාදා (05) අලුයම අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතය.
සමුළුව ඔක්තෝබර් මස 07 වැනි දා සිට නව වැනිදා දක්වා අමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි, ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේ දී පැවැත්වේ. මෙවර ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට ලොව රටවල් 189ක මුදල් අමාත්‍යවරු ඇතුළු මූල්‍ය ක්ෂේත්‍රයේ ඉහළ පෙළ නිලධාරීහු සහභාගී වෙති. සමුළුවට පෙර ඔක්තෝබර් මස 5 වැනි දා සහ 6 වැනි දා ජී 24 සාමාජික හමුව පැවැත්වීමට නියමිතය.
කරුණානායක මහතාට අමතරව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරු ඇතුළු පිරිසක් ද එක් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවද්ද එන්නේ . එහෙන් තවත් කොහාට හරි යනවද ? වැය ශීර්ෂ වල මුදල් ඉතිරි වෙලා ඇති මගේ හිතේ. (බ)
කවදාද එන්නේ? එහෙන් තවත් කොහේහරි යනවද? (නි)