IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


චීන ණයට පොළී අනුපාතයක් සඳහන් කර නැහැ - හිටපු මහ බැංකු අධිපති

චීන සංවර්ධන බැංකුවෙන් පසුගිය සතියේදී මෙරටට ලැබුණු ණය මුදලට අදාළ පොළී අනුපාත නිශ්චිතව සඳහන් කර නැතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
ඉකුත් බදාදා සිට අද  දක්වා කාලයේදී ණය පියවීමට ගෙවිය යුතු මුදල් ප‍්‍රමාණය රුපියල් මිලියන 1,100කින් වැඩි වී ඇතැයි ද හිටපු මහ බැංකු අධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
 
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
 
‘‘විදේශ විනිම නිශ්චිත කාලසීමාවක ණයක්  හරහා, චීන සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,000 ක ණය මුදලක් 2018 ඔක්තෝබර් 17 වැනිදා රජයට ලබාගන්නට හැකි වූ බව මහ බැංකුව ඉතා ආඩම්බරයෙන් නිවේදනයක් නිකුත් කළේය. එම ණය සඳහා පොලි අනුපාතය නිශ්චිතව සඳහන් නොකර තිබූ අතර, එම අනුපාතය දන්වා තිබුනේ ඇමෙරිකානු ඩොලර් ලන්ඩන් අන්තර් බැංකු අනුපාතය   මාස 6 අනුපාතයට  ”සම්බන්ධ”   බව පමණකි.
 
          එම ප‍්‍රකාශනයේම මහ බැංකුව තවදුරටත් කියා සිටියේ විදේශ විනිමය එලෙස රට තුළට ගලා ඒම නිසා, රටේ නිල විදේශ සංචිත ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,000 කින් වැඩි වූ බවය.
         
මෙකී ප‍්‍රකාශනය කිරීමට මූලික හේතුව, ආයෝජකයන් අතර විශ්වාසය ගොඩ නැංවීම හරහා රුපියලේ අගය රැුක ගැනීම යයි නිගමනයක් කළ හැකි වුවද, ඔක්තෝබර් 17 වැනිදා මෙම නිවේදනයෙන් පසුව, එදින උදෑසන පැවති ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ රුපියල අගය වූ 172.28,ඔක්තෝබර් 22 වැනි දා (අද) වන විට 173.38 දක්වා රු.1.10 කීන් අවප‍්‍රමාණය  වී ඇත. මෙයින් පෙනී යන්නේ, රජය ගෙන ඇති මෙම විදේශීය ණය වන ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,000 සඳහා පමණක්, පසුගිය බදාදා සිට අද දක්වා දින 5 තුළ, ණය පියවීමට ගෙවිය යුතු මුදල් ප‍්‍රමාණය රුපියල් මිලියන 1,100 කින් වැඩි වී ඇති බවය.
         
රුපියල දරුණු ලෙස කඩා වැටෙමින් පවතින මෙවැනි කාලයකදී, ශ‍්‍රී ලංකා ආර්ථිකය මෙලෙස ප‍්‍රපාතයකට හෙළන මෙවැනි තීරණ සඳහා වග කියන්නේ කවුරුන්ද ?’’

055



අදහස් (12)

චීන ණයට පොළී අනුපාතයක් සඳහන් කර නැහැ - හිටපු මහ බැංකු අධිපති

සෙනෙවි Monday, 22 October 2018 02:54 PM

එ් කාලෙ එ්වගේ හරි අනුපාතද කියලා බැලුවද? කරුණාකර ගත්ත ගාන හරියට කියන්න...

:       83       236

bamunuarachchiTuesday, 23 October 2018 03:54 AM

මොනවද ඔය කතා? ඒ කාලේ තිබුන නිසානේ මේගොල්ලෝ කටවහගෙන ඉන්නේ නැතිනම් ණයට ඉස්සෙලා කියන්නේ පොලී අනුපාතය ගැන.

:       76       112

theshan Tuesday, 23 October 2018 03:26 AM

ඔව් ඉතින් ඔයගොල්ලෝ දුන්නේ සින්නක්කරයට මිසක් ණයට ගත්තේ නැනේ.

:       8       27

Bamunuarachchi Tuesday, 23 October 2018 03:55 AM

තවම කොමිස් ගැන තීරණයක් ගන්න බැරුව ඇති ඒකයි.

:       104       217

sathyapala Tuesday, 23 October 2018 05:06 AM

දැන් පොලි අනුපාතය හොයලා වැඩක් නැහැ.

:       1       1

Priya divya Tuesday, 23 October 2018 06:54 AM

අන්නුගේ කාලෙය් ගත්ත ණය පොලිය ගැන කතා කරන්න කලින් තමන් බැංකු අධිපති වෙලා ඉන්න කාලෙයේ වෙච්ච ගනුදෙනු ගැනත් ටිකක් කිව්වොත් නේද හොඳ.

:       49       95

Sisira Tuesday, 23 October 2018 01:31 PM

කබ්රාල් අදද නින්දෙන් නැගිට්ටේ...? සෑහෙන කාලයකට...

:       9       3

lathaWednesday, 24 October 2018 06:11 PM

හොරු නිර්වස්ත්‍රව - අනුන්ගේ හොර පට්ට හොරු

:       0       1

kap Wednesday, 24 October 2018 06:47 AM

මෙයාටත් හිටපු කෙනාගෙ ලෙඩේ තියෙන්නෙ..තමන් අස්වුනා හෝ අස් කලාට පස්සෙ මේයාට මොකක්ද තියෙන ගනුදෙනුව මහ බැංකුව එක්ක. කට වහගෙන ඉන්නෙ නැතුව කියෝනවා..මෙයාගෙ කාලයේ හැම්දේම හරියට නීතියට උනා වගේ..දෙන්නම එකයි..අදෝනාව නවත්තගන්නවා.

:       32       2

kap Wednesday, 24 October 2018 06:48 AM

රජා ගේමු නේද?

:       0       2

rocky Saturday, 27 October 2018 08:52 AM

ඔබේ මස්සිනා කෙනෙක් කොටින්ගේ සපෝටරයෙක් වුනා නේද මුල්ම කාලේ? අපිට ඒ වගේ මතකයි. යූ.එන්.පී. එකෙන් ඡන්දෙකටත් ඉදිරිපත් වෙලා පැරදුනා නේද? අපිට මතකයි. හෙජින් එකෙන්, ග්‍රීක් ආයෝජනවලින් මහා බැංකුවට කෙලියා කියනවා නේද? අපට මතකයි. තව දේවල් තියනවා. සමහරු කියනවා ඔබ එකවුන්ටන්ට් කෙනෙක් විතරයිලු. බැංකු ගැන දන්නේ ඒවාට කෙලින විදිහ විතරයිලු. හරිද?

:       7       16

Bamunuarachchi Friday, 02 November 2018 07:29 AM

අපි යුද්දයක් කරන ගමන් 2008 ලෝක ආර්ථිකය කඩා වැටුන වෙලාවේ ඩොලරයේ අගයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවරව තබාගැනීමේ ගෞරවය ඔබට හිමී. ඒ ගැන කව්රුත් වාද කරනවානම් එයා මෝඩයෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site