IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


චීන ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් අනාවැකියක්

ලබන වසරේදී චීනයේ ආර්ථිකය සියයට 6.2ක අගයකින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව සඳහන් කරයි.
 
චීනයේ ආර්ථික සියයට 6.5ක අගයකින් වර්ධනය වනු ඇතැයි මීට පෙර අපේක්ෂා කළ අතර එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ඇති වූ වෙළෙඳ යුද්ධය හේතුවෙන් එලෙස ආර්ථික වර්ධන වේගය පහත වැටෙනු ඇතැයි ලෝක බැංකු වාර්තාව පෙන්වාදෙයි. 
 
මේ වසරේ චීනයේ ආර්ථික වර්ධනය වසර 28කට පසු වාර්තා වූ දුර්වලම ආර්ථික වර්ධනය යැයි සඳහන් කරන ලෝක බැංකුව, අප්‍රේල් මාසයේදී චීනය සම්බන්ධයෙන් කරන ලද පුරෝකථනවල වෙනසක් නැතැයි ද සඳහන් කර තිබේ.
 
 
“මූල්‍ය අවදානම් සීමා කිරීමට ක්‍රියාමාර්ග ගන්නා අතරවාරයේදී හිතකර නොවන වෙළෙඳාමට සම්බන්ධ කරුණු කාරණා කළමනාකරණය කරගැනීම යනාදිය චීනය හමුවේ තිබෙන ප්‍රධානතම ප්‍රතිපත්ති අභියෝග යැයි ද” ලෝක බැංකුව පෙන්වාදෙයි. 
 
චීනය යනු ලොව දෙවැනි විශාලතම ආර්ථිකයයි. 
 
චීන ආර්ථිකයේ ප්‍රධාන ධාවකය වනුයේ පරිභෝජනයයි. ණය වර්ධනය දුර්වල නිසා ආයෝජනවලට බලපෑමක් සිදුව ඇතැයි ද ඇමෙරිකා එක්සත් ජනපදය චීන නිෂ්පාදන මත තීරුබදු පැනවීම හේතුවෙන් චීන අපනයනවලට ඍණාත්මක බලපෑමක් එල්ල වී ඇතැයි ද ලෝක බැංකු වාර්තාව කියයි. 
 

“ආර්ථිකය බලගැන්වීමට නම් අයවැය ප්‍රතිපත්තියෙන් පොදු යටිතල පහසුකම් වර්ධනය වෙනුවට ගෘහ ඒකකවල පරිභෝජනය වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු” යැයි ද ලෝක බැංකු වාර්තාව පෙන්වාදෙයි. ව්‍යාපාරික බදු අඩු කිරීමට ද චීනයට අවස්ථාව තිබෙන බව ලෝක බැංකුව සඳහන් කරයි. 


ලබන වසරේදී බදු කපා හරින බවට චීන රජය පොරොන්දු වී ඇත. එහෙත් ඒ සම්බන්ධයෙන් චීන ආර්ථික විද්‍යාඥයන් අතර විවාදයක් ඇතිව තිබේ. බදු කපා හැරීමෙන් ලබන වසරේදී අයවැය හිඟය සියයට 3 සීමාව ඉක්මවා යනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පවසති. 
 
චීන රජය පසුගිය මාස කිහිපයේදී බදු කපා හැරීම්, වේගවත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති, ණය දීම පහසු සහ වේගවත් කිරීම සඳහා බැංකු සංචිත කපා හැරීම යනාදී ප්‍රතිපත්ති පියවර රැසක් අනාවරණය කළේය. 
 
ආසියාවේ ආර්ථික බලවතා වන චීනයේ තෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 6.5ක් දක්වා අඩු වූ අතර ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු චීනය වාර්තා කළ දුර්වලම ආර්ථික වර්ධනය එය බව ද පැවසේ. වසරේ අවසන් කාර්තුවේදී සහ ලබන වසරේදී නැවත වරක් චීනයේ ආර්ථික වර්ධන වේගය ඉහළ යනු ඇතැයි ද ලෝක බැංකුව අනුමාන කරයි. 
 
අන්තර්ජාතික මූල්‍ය අරමුදල ද පසුගිය නොවැම්බර් මාසයේදී චීනයේ ලබන වසරේ ආර්ථික වර්ධන පුරෝකථන පහළ දැමීය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල චීනයේ මේ වසරේ ආර්ථික දැක්ම වෙනස් නොකළ අතර ලබන වසරේදී ආර්ථිකය සියයට 6.4කින් වර්ධනය වනු ඇතැයි මීට පෙර අපේක්ෂා කර තිබිණි. එහෙත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල එය සියයට 6.2ක් දක්වා පහත දැමීය. 
 
 
 
චීනය ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ වෙළෙඳ සාකච්ඡා පවත්වන අතරවාරයේදීම ඔවුන්ගේ වෙළෙඳ පාර්ශවකරුවන් සමඟ බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම සහ තාක්ෂණික පැවැරීම් සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු යැයි ද ලෝක බැංකුව පෙන්වාදෙයි. 
 
 
(055)

 

(රොයිටර් ඇසුරෙනි)



අදහස් (1)

චීන ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් අනාවැකියක්

LLLL Friday, 21 December 2018 01:40 PM

මම දන්න විදිහට චීනයේ ආර්ථිකයේ ප්‍රධානම අංගය පරිභෝජනය නෙමෙයි.ආයෝජනයයි ප්‍රධානම අංගය...

:       0       50

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site