( තිළිණි ද සිල්වා )
ඇමෙරිකාව ඇතුලු බටහිර රටවල මේදිනවල පවතින ශීත දේශගුණයෙන් ඈත් වී නිවාඩුව ගත කිරීම සඳහා ලොව හොඳම ගමනාන්ත 20 අතරින් පළමු ස්ථානයට ශ්‍රී ලංකාව නම් කර ඇත.
ඇමෙරිකාවේ යූ.එස්.ඒ ටුඩේ සගරාව විසින් මෙම ලොව හොදම ගමනාන්ත විස්ස නම් කරනු ලැබ ඇත.
ඒ අනුව එම සගරාව ප්‍රකාශයට පත් කළ ලැයිස්තුවේ පිළිවෙලින් පළමු ස්ථානය ශ්‍රී ලංකාවද , දෙවැනි ස්ථානයට ගැලපගොස් දූපත් ද , තෙවැනි ස්ථානයට එක්සත් අරාබි එමිර් රාජ්‍ය යේ ඩුබායි නගරය ද නම් කර ඇත.
මීට අමතරව වියට්නාමයේ හැනොයි නුවරද,ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නගරය , කැරබියන් දූපත් සමූහයට අයත ශාන්ත ලුසියා දූපත,තායිලන්තයේ කෝ සමුයි නගරය, පේරු හි ලීමා අගනුවර, පැසිෆික් සාගරයේ පිහිටි ශාන්ත කීට්ස් දූපත, බේලීස් රාජ්‍යය , ඉන්දුනීසියවේ බාලි දූපත් ,බ්‍රසීලය, මෙක්සිකෝව, ඇමෙරිකාවේ ෆ්ලෝරීඩා,කාම්බෝජය,නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය,චීලී රාජ්‍යය , දකුණු අප්‍රිකාව , ඕස්ට්‍රෙලියාව සහ ජැමෙයිකාව පිළිවෙලින් හොදම ගමනාන්ත විස්සට ඇතුළත්ව ඇත.
යූ.එස්.ඒ.ටුඩේ සගරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම ලැයිස්තුගත කිරීම අනුව ලබන 2020 වසරේ පළමු මාස දෙක තුළ ශීත සෘතුවේ ශ්‍රී ලංකාව ඇතුලු මෙම රටවල් සංචාරය කිරීම හෝ සංචාරකයෙකු වීම ගැන සලකා බැලීමට සංචාරකයින්ට මනා මඟ පෙන්වීමක් ලබා දෙනු ඇත.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඝර්මකලාපීය රටවල හොඳම ගමනාන්තය ශ්‍රී ලංකාව
Chandana F Tuesday, 10 December 2019 09:44 AM
කරුණාකර අපවෙත එන සංචාරකයන් හට ආචාරශීලීව හා සත්‍යවාදීව සළකන්න. එවිට ශ්‍රී ලංකාව තවත් ලොව ප්‍රචලිත වේවි.
Walter White Tuesday, 10 December 2019 12:46 PM
ශ්‍රීලංකාව, සංචාරක ගමනාන්ත වලින් අංක එක වුනත් මිනිසුන්ගේ ගතිගුණ අතින් නම් අංක එක නෙවේ, විදේශිකයන් කියන්නේ පුළුවන් තරම් සල්ලි හූරගෙන කන්න පුළුවන් හැගීම් දැනීම් නැති පිටසක්වලයන් කියලා හිතාගෙන ඉන්න උදවිය ඉන්නවා, ඒත් ඔවුනුත් අපි වගේම දරුපවුල් තියෙන අපි වගේ රක්ෂාවක් කරගෙන ඉන්න මනුෂ්‍යයෝ, ඔවුන් මේ රටට එන්නේ අප ගැන විශ්වාසයෙන්, ඔවුන් කඩයකින් යමක් ගන්නේ, සේවාවක් ගන්නේ අප ගැන විශ්වාසයෙන්, ඒ විශ්වාසය කඩ කරන්න එපා! සංචාරකයන් නිසා මිලියන ගානක් ශ්‍රීලාංකිකයන් ජීවිකාව ගෙන යනවා, එසේම ඔවුන් වියදම් කරන මුදල ඉතා සුළු වුනත් ඒ ඩොලර් ලංකාවේ ආර්ථිකයට කරන සේවය අතිවිශාලයි. තෘප්තිමත් සංචාරකයන් තමයි තවත් සංචාරකයෙක් මේ රටට ගෙන්වා ගන්න තියෙන හොඳම ප්‍රචාරකයා. ඔවුන් තම තමන්ගේ රට වලට ගිහින් ලංකාවේ දී අත් විඳි දෑ, අත්දැකීම් ඥාතීන්ට මිතුරන්ට පැහැදිලිකර දෙන විට ඒ කාරණා මත තවත් සංචාරකයෙකු ලංකාවට එම හෝ නොඑම තීරණය කරනවා.
මායිමේ banda Wednesday, 11 December 2019 02:45 AM
මේ ගරුත්වය රැක ගන්න අපේ රටේ බොහෝ අය නොදන්නවා ඇති. සංචාරකයෙකුට කතා කරන විලාශය සහ ඔවුන් පිළිගන්නා විදිහ නම් බොහෝවිට හරිම අප්‍රසන්නයි. යම් භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගන්න එන අවස්ථාවේ බොහෝවිට ගසාකන්න තමා බලන්නේ. ත්‍රීරෝද රථයක හෝ බස් රථයක ගමන් කරන විදේශිකයන්ට ලිංගික හිරිහැර පවා සිදුවෙන බව ඔබ බොහෝවිට දැකලා ඇති. ඉතින් ආකර්ෂණීය අයුරින් සහ අපේ රටේ ප්‍රතිරූපය ඉහළට ගෙනියන්න සැමදෙනාට ශක්තිය ලැබේවා ජයවේවා ශ්‍රී ලංකා !
suranjithSaturday, 14 December 2019 05:41 PM
විදේශිකයන්ට පමණක් නොවේ, අද අපේ රටේ ගැහැණියකටවත් අද පොදු ප්‍රවාහන සේවයේ ලිංගික අතවර නැතිව ගමන් කරන්නට අමාරුයි. අද මිනිසුන් බොහෝ දෙනෙකුගේ ලැජ්ජාව බය තුරන්වී ඇත.
Binkunndaa Saturday, 14 December 2019 06:42 PM
ත්‍රීවීල් මාෆියාවෙන් සංචාරකයන් ආරක්ෂා කරන්න.
ranatunga Sunday, 15 December 2019 12:52 AM
පළමුව අර මඟපෙන්වන කට්ටියට අපෙ ඉතිහාසය ඉගැන්නුවොත් තමා ඉතා හොඳ. සමහරු සංචාරකයන්ට කියලා දෙන්නේ බොරු.
eresh S kumara Monday, 16 December 2019 11:37 AM
මම දකින්නේ තවමත් විදේශිකයින්ට අපි සලකනවා මදි කියලා. ටුක් ටුක් අයියලා රටේ අනාගතේ ගැන හිතලා කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා..