IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කොළඹ පරිසර හිතකාමී නගරයක් කරයි

(හර්ෂණ තුෂාර සිල්වා)

(ඡායාරූප - ඉෂාන් සංජීව)


පරිසර හිතකාමී ඉදිකිරීම් සහිත නරගයක් වෙනුවෙන් කොළඹ මහ නගර සභාවේ නගර සැලසුම් අංශය සහ ශ්‍රී ලංකා ග්‍රීන් බිල්ඩින්ග් කවුන්සිලය අද (13) අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදි. 


කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවති ‘ගෝ ග්‍රීන් කලම්බු’ වැඩමුළුවට සමගාමීව එම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලද අතර කොළඹ මහ නගර සභාවේ නගර සැලසුම් අංශයේ අධ්‍යක්ෂිකා ඉංජිනේරු ප්‍රියන්තා පීරිස් මහත්මිය සහ ශ්‍රී ලංකා ග්‍රීන් බිල්ඩින්ග් කවුන්සිලයේ සභාපති මහාචාර්ය රන්ජිත් දිසානායක මහතා එම ගිවිසුමට අත්සන් තැබූහ. 
කොළඹ මහ නගර සභාවේ නගර සැලසුම් අංශය හරිත ඉදිකිරීම් සහිත කොළඹ නගරයක් යන්න තේමා කරගනිමින් ‘ගෝ ග්‍රීන් කලම්බු’ වැඩමුළුව සංවිධානය කර තිබිණි. 


වැඩමුළුවට සමගාමීව අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමත් සමඟ කොළඹ නගරයේ ඉදි කිරීම් සහ අලුතෙන් ඉදි කරන ගොඩනැගිලි කොතරම් පරිසර හිතකාමීද යන්න ශ්‍රේණිගත කෙරෙන අතර ඉදි කිරීම් සඳහා බලපත්‍ර දීමේදී එය සාධකයක් ලෙස සැලකිල්ලට ගනු ලැබේ. ඊට අමතරව පරිසර හිතකාමී අමුද්‍රව්‍ය භාවිත කරන ඉදි කරන ක්ෂේත්‍රයේ සමාගම්වලට සහ කොන්ත්‍රාත්කරුවන්ට ද ප්‍රමුඛත්වයක් හිමිවනු ඇත.

 



අදහස් (5)

කොළඹ පරිසර හිතකාමී නගරයක් කරයි

akila Monday, 15 January 2018 01:10 AM

කොච්චර පරිසර හිතකාමීද කියලා බලන්න පුළුවන් පොළ දවසට කොළඹ කොටුවේ පොඩ්ඩක් වටේ අවිද්දාම....

:       0       1

dasnyaka Monday, 15 January 2018 09:28 AM

කියන තරම් පරිසර හිතකාමි වුනොත් තමයි පුදුම!! පටන්ගන්නකොට නම් බොහොම පරිසර හිතකාමියි. එත් ටිකකලත් යනකොට තමයි ඉතින් ගොඩනැගිලි හදන අය කීය කීය හරි හොර පාරෙන් දෙනකොට පරිසරය නිකම්ම අමතක වෙනවා. ලංකාවේ කොහෙද මෙහෙම වෙලා තියෙන්නේ? මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න මුලින්ම.

:       0       1

indika Tuesday, 16 January 2018 06:28 AM

කොළඹ හරිම ලස්සනයි දැන්. නමුත් තව තියෙනවා ඇහැට පෙනෙන නැති තැන පිරිසිදු කරන්න. මම ඉන්නේ වෙන රටක. නමුත් එම රටට වඩා කොළඹ පිරිසිදුයි.

:       2       0

emerson Tuesday, 16 January 2018 07:31 PM

බෙර ගහල නටල සෝබන දැම්මට වැඩක් නැ වැඩේ වෙන්නේ නැත්නම්

:       0       1

nesair Thursday, 18 January 2018 05:20 AM

මුලින්ම ගස් කපන එක නවත්තන්න. ආසාවට ගහක් හොයාගන්න නැති වේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 669 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17762 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 745 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site