දේශීය කෘෂිකර්මාන්තය සහ ගොවීන් නගාසිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකා කෘෂි ව්‍යවසායකයන්ගේ සංසදය (SLAF) සහ හැටන් නැෂනල් බැංකුව (HNB) එක්ව අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය ප්‍රදේශයේ මිරිස් වගාව පිළිබඳ වැඩමුළුවක් සංවිධාන කළේය. මෙම වැඩමුළුවේ මූලික අභිප්‍රාය වූයේ, මිරිස් වගාවේ ඇති අභියෝග ජය ගැනීමට අවශ්‍ය දැනුම, ප්‍රායෝගික කුසලතා ගොවීන්ට ලබා දීමයි. පළිබෝධනාශක භාවිත සහ ඉහළ මිරිස් අස්වැන්නක් ලබා ගැනීමේ විවිධ ක්‍රම පිළිබඳව මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා කළේය.
රාජංගනය ප්‍රදේශයේ ගොවි මහත්ම මහත්මීන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රාජාංගනය කාර්යාලයේ මහත්ම මහත්මීන් ඇතුළු 65 දෙනෙක් පමණ මෙම වැඩමුළුවට සහභාගි වූහ. ප්‍රධාන දේශක ලෙස සහභාගි වූ හේලීස් ඇග්‍රිකල්චර් සමාගමේ උපායමාර්ගික ව්‍යාපාර සංවර්ධන ඒකකයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කේ.ඒ.කේ. බොරලැස්ස මහතා විසින් නවීන වගා තාක්ෂණ ක්‍රම, පළිබෝධ කළමනාකරණය ඇතුළු ඉහළ අස්වැස්නක් ලබා ගැනීමේ ක්‍රමෝපාය පිළිබඳව වැඩමුළුවේදී ආවරණය කරන ලදී. එමෙන්ම, පළිබෝධනාශක භාවිතය පිළිබඳව ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද සමගින් එය අස්වැන්නේ ගුණාත්මකභාවය සහ ප්‍රමාණය කෙරෙහි ඇති විශාල බලපෑම ඉස්මතු කළේය. වගා ක්‍රමෝපායන්ට අමතරව, හැටන් නැෂනල් බැංකුව විසින් ගොවීන් සඳහා මූල්‍ය ආරක්ෂාව පිළිබඳව ද දේශනයක් පවත්වන ලදී. මෙහිදී ගොවීන්ට විශ්වසනීය බැංකුවල ඉතිරි කිරීමේ වැදගත්කම, ජීවනෝපාය සඳහා නොව ආයෝජන සඳහා පමණක් ණය ගැනීම, වංචනික ව්‍යාපාරවලින් වැළකීම, OTP (One Time Password) අන් අය සමග බෙදා නොගැනීම සහ ඩෙබිට් කාඩ්පත් වංචාවලින් ආරක්ෂා කර ගැනීම වැනි මාතෘකා ආවරණය විය.
වැඩසටහනට සහභාගි වූ ගොවීහු ඔවුන්ගේ වගා ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අගය කළහ. මෙම අවස්ථාව දැනුම හුවමාරු කිරීමේ වේදිකාවක් ලෙස පමණක් නොවෙ, මූල්‍ය ආයතන, කෘෂි සංවිධාන හා ගොවීන් අතර සහයෝගිතාවේ වැදගත්කම ඉස්මතු කළේය. මෙමගින් කෘෂි ක්ෂේත්‍රයේ තිරසාර වර්ධනය උදෙසා අවශ්‍ය සහයෝගිතාව ගොඩනැගීමට උත්සාහ ගන්නා ලදී.
ශ්‍රී ලංකා කෘෂි ව්‍යවසායකයන්ගේ සංසදය (SLAF) මගින් මෙවැනි වැඩසටහන් සංවිධාන කිරීමෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නගාසිටුවීමට පිටිවහලක් වීම, එමගින් දේශීය ගොවියා මුහුණ පාන ගැටලු ජය ගැනීමට අවශ්‍ය දැනුම ලබා දීමෙන්, සාර්ථක සහ ඉහළ අස්වැන්නක් ලබා දෙන ඵලදායි මිරිස් අස්වැන්නක් ලබා ගනිමින් මිරිස් වගාව වඩා වැඩි ලාබ ලබන වගාවක් බවට පත් කිරීමට දායක වීමට බලාපොරොත්තු වන අතර, ඉදිරියේදී ද මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරමින් රට පුරා ගොවීන් නගාසිටුවීමට කටයුතු කරනු ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කෘෂි ව්‍යවසායකයන්ගේ සංසදය - HNB එක්ව රාජාංගනයේ ගොවීන්ට මිරිස් වගා වැඩමුළුවක්