IMG-LOGO

2025 ජනවාරි මස 13 වන සඳුදා


කොමර්ෂල් බැංකුවේ ශක්තිමත් වර්ධනයක්

කොමර්ෂල් බැංකු සමූහය 2021 ජූනි 30 වැනිදායින් අවසන් වූ මාස හයක කාලය තුළදී ප්‍රධාන දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක් ලබාගැනීමට සමත්වී තිබේ. දෙවැනි කාර්තුව තුළදී ණය පොත රුපියල් ට්‍රිලියන 01 ක සීමාව පසුකරමින් දේශීය පෞද්ගලික වාණිජ බැංකුවක් එවැනි සීමාවක් පසුකළ පළමු අවස්ථාව සනිටුහන් කර ඇතැයි එම බැංකුව නිවේදනය කර තිබේ.

කොමර්ෂල් බැංකුව සහ එහි අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහය මෙම කාල සීමාව තුළදී රුපියල් බිලියන 79.931 ක දළ ආදායමක් වාර්තා කර තිබෙන අතර එය 2020 වසරේ පළමු අර්ධය සමග සැසඳීමේදී සියයට6.34 ක වර්ධනයකි. එසේම, මෙය 2021 දෙවන කාර්තුව සඳහා ද සියයට 11.23 ක වර්ධනයකි.

බැංකු සමූහය 2021 පළමු කාර්තුවේදී ලබාගත් ඍණ සියයට 2 ක පොලී ආදායම් වර්ධනය දෙවන කාර්තුව වනවිට සියයට 9 ක් දක්වා වර්ධනය කරගැනීමට සමත්ව තිබෙන අතර 2021 පළමු අර්ධය අවසානයේදී රුපියල් බිලියන 63.355 ක පොලී ආදායමක් ලබාගෙන තිබෙන්නේ පෙර වසරේ පළමු අර්ධයට සාපේක්ෂව සියයට3.22 ක වර්ධනයක් පෙන්වමිනි. සලකා බලන කාලය තුළදී සමූහයේ පොලී වියදම සියයට16.65 කින් රුපියල් බිලියන 32.197 ක් දක්වා අඩුවී තිබෙන අතර සලකා බලන කාල සීමාව තුළදී සමූහය විසින් රුපියල් බිලියන 31.158 ක ශුද්ධ පොලී ආදායමක් වාර්තා කරගෙන තිබේ. එය මාස හය සහ දෙවැනි කාර්තුව සඳහා පිළිවෙළින් සියයට36.86 ක සහ සියයට 57.06 ක වර්ධනයකි.

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා පැවසුවේ බැංකුවේ තැන්පතු වලට සාපේක්ෂව ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ තැන්පතු අනුපාතය ^CASA ratio& 2020 අවසානයේ තිබූ සියයට 42.72 ක සහ 2020 ජූනි තිබූ සියයට 40.79 මට්ටමේ සිට සියයට 45.37ක් දක්වා වර්ධනය වී තිබෙන බවයි.

‘‘අපගේ ණය පොත රුපියල් ට්‍රිලියන 01 ක සීමාව පසුකිරීම මගින් අපි තව තවත් දිරිමත් වූ අතර ප්‍රධාන ශේෂ පත්‍ර දර්ශක 3ක් රුපියල් ට්‍රිලියනයේ සීමාව පසුකළ ශ්‍රී ලංකාවේ පළමු පුද්ගලික වාණිජ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව කැපී පෙනෙනවා. අපගේ වත්කම් 2016 වසරේදී මෙම සීමාව පසුකළ අතර 2019 වසරේදී තැන්පතු ප්‍රමාණය මෙම සීමාව පසුකිරීමට සමත් වුණා,’’ යනුවෙන් රෙන්ගනාදන් මහතා වැඩිදුරටත් පැවසීය.

සලකා බලන මාස හයක කාලය තුළදී බැංකු සමූහයේ සමස්ත මෙහෙයුම් ආදායම සියයට30.78 කින් වර්ධනය වී රුපියල් බිලියන 46.344 ක්වූ අතර හානි පූරණ ගාස්තු සහ අනිකුත් අලාභ සඳහා වෙන්කළ ප්‍රතිපාදන රුපියල් බිලියන 13.654 ක් දක්වා සියයට47.44 කින් ඉහළ නැග ඇත.

මේ හේතුවෙන් සලකා බලන කාලයේදී සමූහයේ මෙහෙයුම් ආදායම සියයට 24.88 කින් රුපියල් බිලියන 32.690 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර මෙහෙයුම් වියදම් සියයට8.42කින් වර්ධනය වී රුපියල් බිලියන 14.079 ක්වී ඇත. මේ නිසා, සලකා බලන මාස හයක කාලය තුළදී කොමර්ෂල් බැංකු සමූහයේ මූල්‍ය සේවා මත අගය එකතු කිරීමේ බදු වලට පෙර මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 18.611 ක්වී තිබේ. මෙය පෙර වසරේ මුල් මාස හයට සාපේක්ෂව සියයට41.09 ක ශක්තිමත් වර්ධනයකි. සලකා බලන කාල සීමාව තුළ මූල්‍ය සේවා මත අයකළ අගය එකතු කිරීමේ බදු ප්‍රමාණය සියයට37.82 කින් රුපියල් බිලියන 2.857 ක් දක්වා වර්ධනය වූ අතර ආදායම් බදු වලට පෙර බැංකු සමූහය රුපියල් බිලියන 15.754 ක ලාභයක් 2021 මුල් අර්ධය තුළදී වාර්තා කිරීමට සමත්ව තිබේ. එය 2020 මුල් මාස හයට සාපේක්ෂව සියයට41.71 ක වර්ධනයකි.

සලකා බලන කාල සීමාව තුළදී 2020 ආදායම් බදු සම්බන්ධ ප්‍රතිපාදනයන් වෙනස් කිරීම නිසා ආදායම් බදු සියයට 7.33 කින් අඩුවී රුපියල් බිලියන 3.400 ක්වී තිබේ.

මේ හේතුවෙන් 2021 මුල් මාස හය තුළදී කොමර්ෂල් බැංකු සමූහය බදු වලට පසු රුපියල් බිලියන 12.354 ක ලාභයක් වාර්තා කිරීමට සමත්වී තිබෙන අතර එය සියයට 65.87 ක වර්ධනයක් වන අතර දෙවැනි කාර්තුවේ පමණක් සියයට 52.93 ක වර්ධනයක් ලබාගැනීමට සමත්ව ඇත. වෙනම ගත්විට මෙම කාල සීමාව තුළදී කොමර්ෂල් බැංකුව බදුවලට පෙර රුපියල් බිලියන 15.420 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය සියයට47.61 ක වර්ධනයකි. 2021 මුල් මාස හය තුළදී කොමර්ෂල් බැංකුව බදු වලට පසුව රුපියල් බිලියන 12.134 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 74.31 ක කැපී පෙනෙන වර්ධනයකි.

මෙම කාල සීමාව තුළ බැංකු සමූහයේ සමස්ත වත්කම් 2021 ජූනි 30 වැනිදා වනවිට රුපියල් බිලියන 172 කින් හෙවත් සියයට 9.77 කින් රුපියල් ට්‍රිලියන 1.935 ක් දක්වා වර්ධනය වී තිබේ. මේ අතර, ගෙවීගිය මාස 12 තුළ බැංකු සමූහයේ වත්කම් රුපියල් බිලියන 368 කින් හෙවත් සියයට 23.49 කින් වර්ධනය වී ඇත.

සේයාරූ සටහන - කොමර්ෂල් බැංකුවේ සභාපති, විනිසුරු කේ. ශ්‍රීපවන් සහ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන්



අදහස් (1)

කොමර්ෂල් බැංකුවේ ශක්තිමත් වර්ධනයක්

gagana Saturday, 28 August 2021 11:39 AM

අධ්‍යාපනයට විදේශගතවන දරුවන්ගේ වියදමට අවශ්‍ය අනුමත ප්‍රමාණවත් විදේශ මුදල්වත් ලබා නොදෙන, 3.4% හිඟන පොළී ගෙවගෙවා තව ලැජ්ජා නැතුව කියනවා බැංකුව ශක්තිමත් වෙලාලු...

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 

දියත

’ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට රාජ්‍ය නොවන සංවිධානවල සහය
2025 ජනවාරි මස 13 59 0

’ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන පිළිබඳව රාජ්‍ය නොවන සංවිධානවල අදහස් විමසිමේ වැඩසටහනක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද


ලොස් ඇන්ජලිස් ළැව් ගින්නේ අලුත්ම තත්වය
2025 ජනවාරි මස 13 336 0

ලොස් ඇන්ජලිස් ළැව් ගිනිවලින් මියගිය ගණන 24 දක්වා ඉහළ යද්දී සුපිරි ධනවතුන් ටින්සල් ටවුන්හි සුපිරි ධනවතුන් ඔවුන්ගේ මිලියන ගණනක් වටිනා නිවාස සහ සුපිරි දේ


දමිළ ජනයා ‘අස්වැන්න නෙලීමේ උත්සවය' සැමරීමට සූදානම් වෙති
2025 ජනවාරි මස 13 191 0

තෛපොංගල් උත්සවය හෙට (14) පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට හින්දු බැතිමතුන් බොහෝමයක් පිටකොටුවට අද(13) පෙරවරුවේ පැමිණ සිටියහ.


වත්තේගම මාළු ව්‍යාපාරිකයාගේ ඝාතනයට 3ක් සැකපිට
2025 ජනවාරි මස 13 686 0

මහත් ආන්දෝලනයකට තුඩුදුන් වත්තේගම මාළු අලෙවි ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පුද්ගලයන් තිදෙනෙකු සැකපිට අද (13


ජලාශ 36ක් වාන්මට්ටමට
2025 ජනවාරි මස 13 216 1

පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රාජාංගනය, යෝධවැව, කවුඩුල්ල, නාච්චිදූව, වීරවිල, යෝධවැව, මහකණදරාව, ඇතුලු ප්‍රධාන ජලාශ 36 ක් වාන්මට්ටමේ පවතින බව ව


ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය
2025 ජනවාරි මස 13 236 0

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දළදා සමිඳුන් විෂයෙහි ඉටු කරන්නට නියමිත සාම්ප්‍රදායික සිරිත් සම්මත සතර මහා මංගල්‍යයන් අතුරෙන් වසරේ ප්‍රථම මංගල්


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 173 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 538 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 288 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site