රටේ ආර්ථික මට්ටම ඉහළට ඔසවා දැමීමට සහාය ලබාදීමක් ලෙසින් කැබූ හෝල්ඩින්ග් පෞද්ගලික සමාගමේ නිර්මාණයක් වන ‘කැබූ’ මෘදුකාංගය හඳුන්වාදීම අද (6) කොළඹ දී සිදු කෙරිණි.
කොළඹ ‘හිල්ටන් රෙසිඩන්සීස්’ හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී එම මෘදුකාංගය හඳුන්වාදෙන ලදී.
නව ව්‍යාපෘති රැසක් ද ඇතිව ‘කැබූ’ මෘදුකාංගය හඳුන්වාදෙන බව මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණු අතර මෙරට කුඩා, මධ්‍ය හා මහ පරිමාණ නිෂ්පාදකයන්ට ඔවුනොවුන්ගේ නිෂ්පාදන දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කිරීමට මෘදුකාංගයෙන් අවස්ථාව උදා කර දී ඇත.
එපමණක් නොව ඇමෙරිකාව, යුරෝපය, මැදපෙරදිග සහ ආසියානු වෙළෙඳපොළවල් ඉලක්ක කරගත් අලෙවි වැඩසටහනක් ද ක්‍රියාත්මක වන මාධ්‍ය හමුවට එක්වූ කැබූ හෝල්ඩින්ග් පෞද්ගලික සමාගමේ නිලධාරිහු කීහ.
කැබූ මෝල් (Caboo Mall), කැබූ ඩිලිවරී (Caboo Delivery) සහ කැබූ ටේස් (Caboo Tase) යනුවෙන් මෙම නව ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.
කුලී රථ සේවයක් (ටැක්සි) ලෙස ආරම්භ කරන ලද කැබූ නව පියවරක් තබමින් මෙලෙස නව ව්‍යාපෘති රැසක් ආරම්භ කරමින් අන්තර්ජාල වෙළෙඳාමට පිවිස ඇත.
කැබූ හෝල්ඩින්ග් පෞද්ගලික සමාගමේ සභාපති වේරංග විතානආරච්චි, සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ඉරාජ වීරරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.
(හර්ෂණ තුෂාර සිල්වා)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘කැබූ’ නමින් නව මෘදුකාංගයක්
Raveendra Friday, 06 September 2019 12:19 PM
දරුවනේ නුඹලාට අපගේ උණුසුම් සුබපැතුම්..!! තව තවත් මෙවන් නිර්මාණ කර ලක්මවට තම යුතුකම් කිරීමට ඔබ සැමට ශක්තිය ලැබේවා...!!!
pakeer Friday, 06 September 2019 06:04 PM
අලුත් දෙයක් කරපල්ලා... නවතාවයකින් අලුත් අදහස් ඕනේ...
abaran Saturday, 07 September 2019 12:54 AM
කොම්පියුටරෙන් හරි කමක් නෑ...රටේ මිනිස්සුන්ගේ ජීවන මට්ටම ඉහල යවනවානම්..
ANR Saturday, 07 September 2019 07:35 AM
මුස්ලිම්, වෙන රටවල් වලට සල්ලි අදින ඒවා නැතිව මේවගේ ඒවා එන එක සෑහෙන්න වටිනවා.
Kamal Tuesday, 17 September 2019 08:47 AM
ඔය තැඹිලි පාට ටයි එකක් දාගෙන ඉන්නේ... ඔය මනුස්සයා duo එකේ වැඩ කළා. වැඩක් අලුතෙන් පටන් ගන්න නිසා කියන්නේ.. පරිස්සමින්!!! ජයවේවා..!