IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


කුණාටු බලපෑමට ලක්වූ ව්‍යාපාරවලට සහන දෙන්න ආණ්ඩුවේ සාකච්ඡා

කුණාටු බලපෑමට...

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවලට මෙවැනි ආකාරයේ කම්පනයකට ඔරොත්තු දීමේ හැකියාව අඩුයි.

ආර්ථික කඩාවැටීම වැළැක්වීමට බලධාරීන් මෙරට මූල්‍ය පද්ධතිය සමග සක්‍රීය සංවාදයක්.

ඉතාමත් ඉක්මනින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ රක්ෂණ සමාගම් මුණ ගැසෙනු ඇති.

අයවැය ප්‍රතිපාදන යටතේ ක්ෂණික අභියෝගවලට මුහුණ දීම සඳහා රුපියල් කෝටි 3000 කට ආසන්න මුදලක් වෙන් කරලා.

සුළි කුණාටුවෙන් හානි සිදුවූ නිවාස සඳහා මූල්‍ය ආධාර ලබාදීම සඳහා තවත් කෝටි 750 ක මුදලක්.

ලබන වසරේ ආර්ථික වර්ධන මාවතේ විශාල වෙනසක් නොවනු ඇතැයි රජයට අපේක්ෂාවක්.


විමුක්ති එස් රුද්‍රිගු


ලබන වසරේ මෙරට සාර්ව ආර්ථික ගමන්මගට සහ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රයට බලපෑමක් නොවන අයුරින් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මෙරට පවුල්වලට, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවලට සහ ව්‍යාපාරවලට සහන සැලසීම සඳහා රජය මෙරට බැංකු පද්ධතිය සහ රක්ෂණ සමාගම් සමග සාකච්ඡා කරමින් සිටින බව භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

නිවාස සම්පූර්ණයෙන්ම විනාශවූ දුප්පත් පවුල්වලට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට මෙවැනි ආකාරයේ කම්පනයකට ඔරොත්තු දීමේ හැකියාව අඩු බවද භාණ්ඩාගාර ලේකම්වරයා පැවැසුවේය. ආර්ථික කඩාවැටීම වැළැක්වීම සඳහා බලධාරීන් මෙරට මූල්‍ය පද්ධතිය සමග සක්‍රීය සංවාදයක් ගොඩනගා ගෙන තිබෙන බවද සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

සිය සේවාදායකයන් සහ පාරිභෝගිකයන්ට එල්ල වී ඇති බලපෑම තේරුම් ගැනීමට සහ කණ්ඩායමක් ලෙස රට ඉදිරියට ගෙන යා හැක්කේ කෙසේද යන්න තීරණය කිරීම සඳහා රජය මෙරට බැංකු පද්ධතිය සමග සම්බන්ධ වී සිටින බවද භාණ්ඩාගාර ලේකම්වරයා පැවැසුවේය. ඉතාමත් ඉක්මනින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ රක්ෂණ සමාගම් මුණ ගැසෙනු ඇති බවත් ආපදා තත්වය හේතුවෙන් කඩා වැටුණු ව්‍යාපාර නැවත නගා සිටුවීම සඳහා ඔවුන්ගේ ප්‍රතිචාරය කුමක්දැයි දැන ගැනීම අත්‍යවශ්‍ය බවත් සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

රජය උත්සාහ කරන්නේ ව්‍යාපාරවලට එල්ලවන බලපෑම හැකිතාක් අඩු කරමින් මිනිසුන්ගේ ජීවනෝපායන්ට බාධා එල්ල වීම අවම කිරීමට බවද ඔහු පැවැසුවේය.

හදිසි අවශ්‍යතා සඳහා අයවැය ප්‍රතිපාදන තිබෙන බවත් ඒ යටතේ ක්ෂණික අභියෝගවලට මුහුණ දීම සඳහා දැන් රුපියල් කෝටි 3000 කට ආසන්න මුදලක් වෙන් කර තිබෙන බවත් භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කළේය. එසේම දිට්වා සුළි කුණාටුවෙන් හානි සිදුවූ නිවාස සඳහා මූල්‍ය ආධාර ලබාදීම සඳහා තවත් කෝටි 750 ක මුදලක් භාණ්ඩාගාර වෙන්කර තිබෙන බවද ආචාර්ය සූරියප්පෙරුම මහතා පැවැසුවේය.

ලබාදෙන සහාය කඩිනම් කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සිටින නිලධාරීන්ට වියදම් කිරීමේ බලතල ලබාදී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය. වංචා හා දූෂණ ක්‍රියාවලට ඉඩ නොතිබීම සහ නිසියාකාරයෙන් අරමුදල් භාණ්ඩාගාරයට යොමු කිරීමට රජය කටයුතු කිරීම හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට අවශ්‍ය සහන ලබාදීමට රජයට හැකියාව ලැබී තිබෙන බවද බවද ඔහු පෙන්වා දුන්නේය.

ලෝක බැංකුවේ සහාය ඇතිව රජය කඩිනම් හානි ඇස්තමේන්තුවක් ආරම්භ කර තිබෙන බවත් ලෝක බැංකුව හානිය ඇස්තමේන්තු කිරීම සඳහා සිය සහාය රජයට පිරිනමා තිබෙන බවත් භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කළේය. එම වාර්තාව මගින් දිට්වා සුළි කුණාටුව මෙරටට සිදුකර ඇති හානිය සහ එහි වටිනාකම තීරණය කෙරෙනු ඇති බවද ආචාර්ය සූරියප්පෙරුම මහතා පෙන්වා දුන්නේය.

දිට්වා සුළි කුණාටුවෙන් පිඩාවට පත් මෙරට ජනතාවට සහාය සැපයීම සඳහා රජය පරිත්‍යාග ලබා ගැනීමට මාර්ගගත වේදිකා පිහිටවූ බවත් ඒ යටතේ මෙරටට රුපියල් කොටි 30 කට වඩා වැඩි ආධාර ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ලබන වසරේ අයවැය මගින් ඉදිරිපත් ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට කිසිඳු වෙනසක් සිදු නොවනු ඇති බවත් එම න්‍යාය පත්‍රය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනු ඇති බවත් භාණ්ඩාගාර ලේකම්වරයා පැවැසුවේය. රට ඉදිරියට ගෙන යාම සඳහා උපාය මාර්ග හයක් රජයට තිබෙන බවද ආචාර්ය සූරියප්පෙරුම මහතා සඳහන් කළේය.

දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සැලකිය යුතු හානියක් සිදුව ඇතත් දැනට තිබෙන තොරතුරු අනුව ලබන වසරේ ආර්ථික වර්ධන මාවතේ විශාල වෙනසක් වනු ඇතැයි රජය අපේක්ෂා නොකරන බවත් ඒ හේතුවෙන් ආර්ථික වර්ධන ගමන් මගේ විශාල වෙනසක් සිදු නොවනු ඇති බවත් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

ලංකා වාණිජ මණ්ඩලය පසුගියදා සංවිධානය කළ ආර්ථික සමුළුවකදී භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙම අදහස් පළ කළේය.



අදහස් (0)

කුණාටු බලපෑමට ලක්වූ ව්‍යාපාරවලට සහන දෙන්න ආණ්ඩුවේ සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 121 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 361 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site