(හර්ෂණ තුෂාර සිල්වා)
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් නාම යෝජනා බාර දීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා රුපියල ස්ථාවර වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල අද (8) 182.57ක් ලෙස සටහන්ව තිබිණි.
ඒ අනුව සඳුඳා 183.07ක් ලෙස දැක්වුණු විකුණුම් මිල ඊයේ තවදුරටත් පහළ ගිය අතර ශ්‍රී ලංකා රුපියලේ අගය වැඩි විය.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ ගැනුම් මිල අද (8) 178.90ක් ලෙස සටහන් වී තිබිණි.
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් නාම යෝජනා බාර දීමත් සමඟ ආයෝජකයන්ගේ විශ්වාසය නැවත වරක් ඉහළ යෑම ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවද දැක්වේ.
කෙසේ නමුත් දේශපාලන පක්ෂ සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කරන තුරු ආයෝජකයන් විමසිල්ලෙන් බලා සිටින බව ද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
පසුගිය සතියේ සිකුරාදාට (4) වඩා සඳුඳා (7) ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වූ බවත් මේ වසරේ මේ දක්වා කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 0.97 % කින් ඉහළ ගිය බවත් රොයිටර් පුවත් සේවය තවදුරටත් වාර්තා කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල පසුගිය සතියේ බදාදා (2) 184.03ක් ලෙසත් බ්‍රහස්පතින්දා (3) 183.55ක් ලෙසත් සිකුරාදා (4) 183.21ක් ලෙසත් මේ සතියේ සඳුඳා (7) 183.07ක් ලෙසත් දැක්විණි.
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව පසුගිය සතියේ සිකුරාදා දක්වා මේ වසරේ ගත වූ කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 0.6% කින් ඉහළ ගොස් තිබේ.
එම කාලයේදී ස්ටාර්ලිං පවුමට සාපේක්ෂව 3.3% කින් ද යුරෝවට සාපේක්ෂව 4.8%කින් ද ඉන්දීය රුපියලට සාපේක්ෂව 2.2% කින් ද ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් තිබේ. කෙසේ නමුත් ජපානයේ මුදල් ඒකකයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 2.7% කින් පහළ වැටී තිබේ.
2025 නොවැම්බර් මස 04
331
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2143
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1622
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොටස් වෙළඳපොළ රුපියල ස්ථාවර වෙයි
Prasanna Tuesday, 08 October 2019 12:39 PM
මේ ආර්ථික සුරංගනා කතා ඇහුවම ගමේ පෙට්ටිකඩේ මුදලාලිටත් හිනායනවා. රටක ජනපතිවරණයට නාම යෝජනා දුන්නම කොටස් මිල, ඩොලර් රේට් අඩුවැඩි වෙන්නේ සිරියාවේ, ඉරාකේ, සෝමාලියාවේ වගේ ආර්ථිකේ අළු දූවිලි වෙච්ච රටවල... ලංකාවේ නාම යෝජනා දුන්නයි නොදුන්නැයි කියලා වෙනස දැනෙන්නේ, මෙහේ ඉන්න මෝඩ පක්ෂ ගැත්තන්ට විතරයි. ගිය අගෝස්තුවල මුඩිස් රිපෝර්ට් එකේ තිබුණු අපේ ආර්ථිකේ හරිම තත්වේ.... මුඩිස්ට අනුව ලංකාව තියෙන්නේ ඉතාම අවදානම් ආයෝජක රටක් හැටියට. ඉතාම දැඩි අවදානම් මට්ටමේ ඉඳලා චුට්ටක් උඩින් ලංකාව තියෙන්නේ. 19/11/2018 ලංකාව බී 1 රින මට්ටමේ ඉඳල 8/10/19 වෙන කොට බී2(ස්ථාවර) දක්වා පහත වැටිලා තියෙනවා. තව යන්න තියෙන්නේ, සමස්ථ ආර්ථික කඩාවැටීමකට විතරයි. ඉතින් නාමයෝජනා ගැන කරන විහිලුවට ඇනෙස්ලි, බර්ටි පරාදවෙනවා. මහා බැංකුවෙන් ඩොලර් එක බේරා ගන්න ඩොලර් සංචිතවල ටැප් එක ඇරලා කියලා තමයි ආරංචි... හොරාම මිනිස්සු හිඟමනට දානවා. ඡන්ද උණුසුමේ... අන්න නාම යෝජනා නිසා, රට උඩට ගන්න හැටි අපේ ඇමැති ගව රැල... 17/11/19 න් පස්සේ රටට හිඟා නොකා හිඟා කන්න වෙනවා.