IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් ගමන්වල සියයට 14 ක වර්ධනයක්


යොහාන් භාසුර


බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ ගුවන් ගමන්වල මෙම වසරේ පළමු මාස 8 තුළ සියයට 14 ක වර්ධනයක් ලබා ඇතැයි ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පැවසීය.

පසුගිය වසරේ (2024) පළමු මාස 8 තුළ ගුවන් ගමන් වාර 38,607 ක් සම්පූර්ණ කර ඇති අතර, මෙම වසරේ පළමු මාස 8 තුළ සම්පූර්ණ කර ඇති ගුවන් ගමන්වාර සංඛ්‍යාව 44,185 ක් බවත්, ඒ අනුව 2024 ට සාපේක්ෂව ගුවන් ගමන් වාරවල සියයට 14.4 ක වර්ධනයක් ඇති බවත් එම සමාගම කීය.

මෙම වසරේ පළමු මාස 8 තුළ වැඩිම ගුවන් ගමන්වාර සංඛ්‍යාව ලෙස ගුවන් ගමන් වාර 5976 ක් අගෝස්තු මස සම්පූර්ණ කර ඇති අතර, ඉදිරි සංචාරක සමය සඳහා ද ගුවන් ගමන් සඳහා ඉහළ ඉල්ලු‍මක් පවතින බවත්, එම ඉල්ලු‍ම කළමනාකරණය කර ගනිමින් ඉදිරි සංචාරක සමය තුළ ද කාර්යක්ෂම සේවාවාවක් සැපයීමට බලාපොරොත්තු වන බවත් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් ගමන්වල සියයට 14 ක වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 748 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 903 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 375 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site