IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


එලායන්ස් ෆිනෑස්ස් වෙතින් බිලියන 2ක සමාජ බැඳුම්කර නිකුතුවක්

භානුක අමරසිංහ


එලායනස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 2ක් වටිනා සමාජ බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි. ඊට අදාළ අනුමැතිය සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගියදා ලබාදී තිබේ. ඒ අනුව ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි ජ්‍යෙෂ්ඨ සමාජ බැඳුම්කර නිකුතුවක් ලෙස මෙය සිදු කිරීම සැලසුම වී තිබේ.
 කෙසේ වෙතත් මෙම නිකුතුව සඳහා අදාළ සියලු‍ම නියාමන බලධාරීන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇතැයිද එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි සමාගම පවසයි. මෙම කොළඹ කොටස් හුවමාරුව තුළ නිකුත් කෙරෙන සමාජ බැඳුම්කර ස්ථාවර ආදායම් මූල්‍ය උපකරණයක් ලෙස සැලකෙන අතර, එයින් ලැබෙන ආදායම සමාජ ගැටලු‍ විසඳීම සහ ධනාත්මක සමාජ බලපෑම් ඇති කිරීම අරමුණු කරගත් ව්‍යපෘති සදහා මූල්‍යයනය හෝ ප්‍රතිමූල්‍යයනය සඳහා පමණක් යොදා ගැනීම සිදු කරයි. එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි සමාගම මීට පෙර රුපියල් බිලියන 1ක් වටිනා හරිත බැඳුම්කරයක්ද කොළඹ කොටස් හුවමාරුව තුළ නිකුත් කළේය. ඊට අධිදායකත්වයක් හිමි විය. 



අදහස් (0)

එලායන්ස් ෆිනෑස්ස් වෙතින් බිලියන 2ක සමාජ බැඳුම්කර නිකුතුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site