IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


එලිෆන්ට් හවුස් ඉන්දියාවේ Campa බීම සන්නාමය මෙරටට හඳුන්වා දෙයි

භානුක අමරසිංහ

මෙරට ප්‍රමුඛතම සන්නාමයක් වන එලිෆන්ට් හවුස් සන්නාමය අයත් Ceylon Cold Stores (CCS), ඉන්දියාවේ Reliance Consumer Products Limited (RCPL) සමග හවුල්කාරිත්වයකට එළඹෙමින්, එරට ජනප්‍රිය දේශීය සිසිල්බීම සන්නාමයක් වන Campa සන්නාමය අද (12) සිට ශ්‍රි ලංකාවට හඳුන්වා දෙන බව පවසයි.

පසුගිය වසරේදී Ceylon Cold Stores (CCS) සමාගම ඉන්දියාවේ Reliance සමූහය සමගින් ඇති කරගත් එකඟතාවකට අනුව එලිෆන්ට් හවුස් පාන වර්ග ඉන්දියානු වෙළෙඳපොළට සාර්ථකව හඳුන්වා දීමේ සහයෝගීතාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම හඳුන්වාදීම සිදු කෙරෙන බව සමාගම් දෙකම පවසයි. 

මෙම Campa සන්නාමය 1970 - 80 දශකවල සිත් ගත් සන්නාමයක් වන අතර, 2022 වසරේදී Reliance Consumer Products Limited සමාගම මෙම Campa Cola සමාගම අත්පත් කරගැනීමෙන් අනතුරුව නැවතත් එය ඉන්දියානු වෙළෙඳපොළ වෙත හඳුන්වාදුනි. Reliance Consumer Products Limited සමාගම ඉන්දියාවේ මෙන්ම ආසියාවේද අංක එකේ ධනවතා වන මුකේෂ් අම්බානිට අයත් Reliance සමූහයට අයත් සමාගමකි. 

විශේෂයෙන්ම මෙම Campa සන්නාමය, ලංකාවේ වෙළෙඳපොළට ඇතුළුවීම, Reliance Consumer Products Limited  හි පාරිභෝගික සන්නාම, ප්‍රධාන කලාපීය වෙළෙඳපොළවල් හරහා පුළුල් කිරීමේ උත්සාහය තවදුරටත් ශක්තිමත් කරන බව එම සමාගම පවසයි. 

 



අදහස් (0)

එලිෆන්ට් හවුස් ඉන්දියාවේ Campa බීම සන්නාමය මෙරටට හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 31 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site