IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


එලායන්ස් ෆිනෑන්ස් රු. බිලියනයකින් ද්විතීක ප‍්‍රාග්ධනය ඉහළ නංවා ගනී

ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීම සහ පහසුකම් සැලසීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගම සිය නියාමන ප‍්‍රාග්ධනය ශක්තිමත් කිරීමේ අරමුණින්,  රුපියල් බිලියනයකින් තම ද්විතීක ප‍්‍රාග්ධනය ඉහළ නංවා ගැනීමට සමත්වී සිටී.

වසර 5ක කාල සීමාවකට යටත්ව මෙරට ප‍්‍රමුඛතම ආයෝජන බැංකුවක් වන කැපිටල් එලායන්ස් සමාගම (CAL) මගින් ලබාගත් උපකාරක ණය ව්‍යූහගත කිරීමක් මගින් මෙම ප‍්‍රාග්ධනය රැස්කිරීමට එලායන්ස් ෆිනෑන්ස් ආයතනය කටයුතු කර ඇත.

මෙම ජයග‍්‍රහණය  පිළිබඳව අදහස් දක්වමින් එලායන්ස් ෆිනෑන්ස් ආයතනයේ නියෝජ්‍ය සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ රොමානි ද සිල්වා මහතා මෙසේ පැවසීය. “අපගේ තිරසාර ව්‍යාපාරික දර්ශනය කෙරෙහි  ආයෝජකයන් තුළ ඇති විශ්වාසය මෙම ජයග‍්‍රහණයෙන් ඉතා හොඳින් පිළිබිඹු කරනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් මේ රටේ ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දැඩි ලෙස අභියෝගයන්ට මුහුණ දුන්නා. ඒ නිසා ඔවුන්ට වෙන කවරදාටත් වඩා වැඩි සහයෝගයක් ලබා දිය යුතු බව අපි අවබෝධ කරගත්තා. උපකාරක ණය ක්‍රමවේදයක් මගින් අපගේ ද්විතීක ප‍්‍රාග්ධනය රුපියල් බිලියනයකින් ඉහළ නංවාගැනීම නිසා, අපටම ආවේණික ව්‍යාපාරික ආකෘති භාවිතා කරමින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බලගැන්වීමේ හැකියාව අපට  තිබෙන බව පැවසීමට කැමතියි. ඒ වගේම අප කෙරෙහි තබා ඇති විශ්වාසය වෙනුවෙන් කැපිටල් එලායන්ස් ආයතනයට මගේ අවංක ස්තුතිය පුදකර සිටිනවා. 2019 වසරේ දී ලෝක බැංකු සමූහයේ පෞද්ගලික අංශයේ  තාක්ෂණික සහයෝගය ඇතිව, අභ්‍යන්තර ප‍්‍රතිව්‍යුහගතකරණයකට ලක්කිරීමෙන් පසුව, මේ රටේ මූල්‍ය ක්ෂේත‍්‍රය තුළ සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කරමින් සියයට 1.6ක ණය වත්කම් වර්ධනයක්, සියයට 169ක ලාභයේ  වර්ධනයක් සහ අක්‍රිය ණය අනුපාතය (NPL) හි සියයට 23 ක  අඩුවීමක් 2020/21 මුල්‍ය වර්ෂය තුළ දී වාර්තා කිරීමට එලායන්ස් ෆිනෑන්ස් ආයතනයට හැකියාව ලැබුණා. ශ‍්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගම  වගේම, ග‍්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් ණය ලබා දෙන ආයතනයෙක් විදියට එලායන්ස් ෆිනෑන්ස් ආයතනය සියලුම ජනතාවගේ තිරසාර සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන බව පැවසිය යුතුම කරුණක්.”

එලායන්ස් ෆිනෑන්ස් ආයතනය මෙරට ආර්ථිකය සවිබල ගැන්වීමෙන් ඔබ්බට යමින්, සාමාජීය හා පාරිසරික තිරසාරභාවය කෙරෙහි ද සුවිශේෂී  අවධානයක් යොමු කරයි. 2012 වසරේ දී ත‍්‍රිත්ව ලාභද‌ායිත්ව සංකල්පය අනුගමනය කරමින් එහි ආරම්භක වටිනාකම් ආයතනගත කිරීමට එලායන්ස් ෆිනෑන්ස් ආයතනය පියවර ගෙන ඇති අතර, එය ආයතනයේ අද පවතින ආයතනික තිරසාර ප‍්‍රගතිය සඳහා හේතු පාදක වී ඇත. එමෙන්ම 2020 වසරේ දී, එලායන්ස් ෆිනෑන්ස් ආයතනය, පුරෝගාමී තිරසාර ප‍්‍රමිති සහ සහතිකකරණ වැඩසටහන (SSCI) යටතේ පරිපූර්ණ තිරසාරභාවය පිළිබඳ සහතික ලැබූ ප‍්‍රථම දකුණු ආසියානු  මූල්‍ය ආයතනය බවට පත්විය.



අදහස් (0)

එලායන්ස් ෆිනෑන්ස් රු. බිලියනයකින් ද්විතීක ප‍්‍රාග්ධනය ඉහළ නංවා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 462 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site