IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


එරාන්ගෙන් ආයෝජකයන්ට ආරාධනා

ශ්‍රී ලංකාවේ නව ව්‍යාපාර අවස්ථාවලින් ලාබ ලැබීමට ලාංකීය හා විදේශීය අයෝජන සමාගම්වලට ආරාධනා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. වික්‍රමරත්න මහතා දිවුරුම් දීමේදී වෙළෙඳ ගිවිසුම් ඉදිරියට පවත්වාගෙන යන බවට හා ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සමග සහයෝගයෙන් කටයුතු කරන බව පොරොන්දු දුන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කටුයුතුවලට සමාන බවක්ද පෙනෙන්නට තිබේ.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ ශ්‍රී ලංකා ආයෝජන සහ ව්‍යාපාර සභාවේදී ය.
“අපි මේ දෙවල් කරන්නේ මූලිකවම ආර්ථිකය නිදහස් කරගැනීමට සඳහායි. ඒ වගේම ආයෝජකයාට හිතකර ප්‍රතිපත්ති සමගින් ඉදිරියට යාම අපේ බලාපොරොත්තුවයි“වික්‍රමරත්න මහතා කීය.

සංචාරක ක්ෂේත්‍රය,නිෂ්පාදන සහ භාණ්ඩ ප්‍රවාහනය දැවැන්ත ආයෝජන විෂය පථයක් බව කී අමාත්‍යවරයා කෘෂිකර්මය හා ධීවර ක්ෂේත්‍රය ඌන ආයෝජිත ක්ෂේත්‍ර බවද පැවසීය.

රටපුරා අපනයන සැකසුම් කලාප 12ක් ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා රාජ්‍ය-පෞද්ගලික හවුල් පදනම මත තවත් කලාප ඇති කළ යුතු බවද පෙන්වා දුන්නේය.විදෙස් ආයෝජකයින්ට නිෂ්පාදන අවස්ථා පමණක් නොව මෙම කලාපයට සම්බන්ධ වීමට අවස්ථා ද ලබා දිය යුතු බවත් ඒ මහතා කීවේය.

කොළඹ නගරය දකුණු ආසියාවේ ජීවත් වීමට සුදුසුම නගරය බවට පත් වෙනු ඇතැයි ඒ මහතා පැවසීය.  එය පිරිසිදු,ක්‍රමවත් සහ සැපපහසුකම්වලින් සපිරි නගරයක් වනු ඇතැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

“බදු නවීකරණය කිරීම, ප්‍රධාන කාර්යාල සහ ප්‍රාදේශීය කාර්යාල, මම හිතන්නේ ශ්‍රී ලංකාවේ කදිම අවස්ථාවක් තියෙනවා“
චීනය හා ඉන්දියාව වැනි ප්‍රමුඛ ආර්ථිකයන් පවා ශ්‍රී ලංකාව භාණ්ඩ ප්‍රවාහනය සඳහා උපාය මාර්ගික පිහිටීමක් ඇති රටක් ලෙස හඳුනාගෙන ඇතැයි ද ඒ මහතා කීය. එය මුහුදෙන් හෝ ගුවනින් කියා වෙනසක් නැතැයි ද කියැවිණි.

කලාපයේ වඩාත්ම සාක්ෂරතාවයෙන් යුතු ශ්‍රම බලකාය ලංකාවේ සිටින හෙයින් විදේශ ආයෝජකයින් දැනුම-පදනම් කරගත් ක්ෂේත්‍ර පුළුල් කිරීමට බලාපොරොත්තු වන්නේනම් වෛද්‍යවරුන්,නීතීඥයින්,ඉංජිනේරුවන් සහ ගණකාධිකාරූවරුන් වැනි වෘත්තිකයින් අවශ්‍ය තරමට සිටින බවද ඒ මහතා කීවේය.

උපයෝගීතා සේවා සංවර්ධනය කිරීමට දැවැන්ත හැකියාවක් ඇතැයි සීග්‍රයෙන් වර්ධනය වන සංචාරක ක්ෂේත්‍රය ගැන අදහස් දක්වමින් වික්‍රමරත්න මහතා කීය.

“සංචාරක ව්‍යාපාරය කියන්නේ හෝටල් පමණක් නෙවෙයි. විනෝද ක්‍රීඩා, උද්‍යාන සහ උපයෝගී සේවාත් මෙයට ඇතුළත් වෙනවා. විශාල විෂය පථයක් තියෙනවා“ යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.



අදහස් (2)

එරාන්ගෙන් ආයෝජකයන්ට ආරාධනා

senarath Friday, 02 June 2017 05:25 PM

මේ රජයේ බදු ප්‍රතිපත්ති සහ අනෙකුත් අවිධිමත් වැඩ දැක්කම ආයෝජකයෝ ඒවිද ? පසුගිය අවුරුදු 2ට කී දෙනෙක් ආපසු ගියාද. දැන්වත් රට ගැන හිතල තීරණ ගන්න

:       0       1

vipula Saturday, 03 June 2017 05:19 AM

පිටරට ආයෝජකයෝ ලංකාවට එනකන් දැන් අවුරුදු කීයක් බලන් හිටියද. ලංකාවේ තියෙන බදු මිලය වැටුප් තත්වේ හැටියට ආයෝජකයෝ ගෙන්වන්න අමාරුයි . ලංකාවේ තියෙන බහුජාතික සමාගම් වගේම බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ලංකාවේ ආරම්භකළ සමාගම් තියෙනවා . ඒවාට උදව් කරන්න පුළුවන් නම් ඔවුන් ලවා ලංකාවේ නිපැයුම් ආරම්භ කරන්න පුළුවන් නම් එය වඩාත් කාලෝචිත වේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17656 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site