( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලම දිස්ත්‍රික්කයේ ඉස්සන් වගාවෙන් මෙවර සාර්ථක අස්වැන්නක් ලැබුණද දිස්ත්‍රික්කයේම අස්වැන්න එකවර ලැබිත් සමඟ මිල සිඝ්‍රයෙන් පහළ වැටී ඇතැයි ගොවීහු කියති.
වසර ගණනාවකට පසු මෙවර ඉතා සාර්ථක අස්වැන්නක් ඉස්සන් වගාකරුවෝ හිමිකර ගෙන ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත , අරච්චිකට්ටුව, මුන්දලම, පුත්තලම, කල්පිටිය,යන කලාප පහ තුළ ඉස්සන් වගාව ආරම්භ කිරිම නිසා මෙම ඉස්සන් මිල පහළ ගොස් ඇතැයි ඔවුහු පවසති.
මේ නිසා රටට ලැබිය යුතුව තිබු විශාල විදේශ විනිමයක් වගකිව යුතු බළධාරින්ගේ නිසි කළමණාකරණයක් නොමැති විම නිසා අහිමි කර ඇති බවද ඔවුහු චෝදනා කරති.
මෙවර පුත්තලම දිස්ත්‍රික්කයේ ඉස්සන් වගා කරන කලාප පහ තුළම ඉස්සන් වගා කර ඇති අතර වසර දහයකට ආසන්න කාලයක් තුළ දි වැඩිම අස්වැන්නක් මෙවර ලැබි ඇති බවත් එය මෙට්‍රක් ටොන් 600 කට ආසන්න විය හැකි බවද වගාකරුවෝ කියති.
පුත්තලම දිස්ත්‍රික්කයේ පොකුණු තුළ වගාකරන කරදිය ඉස්සන් සදහා වැඩි ඉල්ලුමක් ජපානය , ඇමෙරිකාව , ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක් ඇති අතර මෙවර දේශිය මෙන්ම විදේශිය වෙළෙඳපොල ද අහිමිව ගොස් ඇතැයි ඔවුහු කියති.





2025 දෙසැම්බර් මස 04
533
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
481
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉස්සන් මිල පහළ යාමෙන් ගොවීන් අමාරුවේ
de silva berlin Monday, 02 April 2018 10:35 AM
පාරිභෝගික අපට මේක හොඳ ආරංචියක් , ඉස්සෝ වැඩියෙන් නිෂ්පාදනය කරලා නම් මිල අඩු කරන්න එතකොට පාරිභෝගිකයෝ වැඩියෙන් මිලයට ගනීවි ,එතකොට ගොවියාට පාඩුවක් වෙන්නේ නැහැ , ඉස්සෝ කකුළුවෝ පොකිරිස්සෝ වැනි මත්ෂ්‍යයන්ගේ මිල කලාපයේ අනිකුත් රටවල් එක්ක සන්සන්ධනය කරන කොට අපේ රටේ මිල ඉතාම වැඩිය
suneth Hemantha Monday, 02 April 2018 11:43 AM
රට ඇතුලේ නම් ඉස්සෝ මිල අඩුවෙලා නැහැ . අතරමැදියෝ ඒකෙන් වාසි ගන්නවා. පාරිබෝගිකයට හැමදාම එකම මිල. මිල වැඩි උනොත් නම් ඒක පාරිබෝගිකයගෙන් අල්ලනවා.
sudesh Tuesday, 03 April 2018 09:39 AM
සාමාන්‍ය ජනතාවට නම් ඉස්සෙක් කන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඔය වෙඩින් එකකට ගියොත් හෝටලයකින් තමයි. මොකද මිල වැඩි නිසා
Sira Tuesday, 03 April 2018 09:55 AM
දැන් සිල්ලර ඉස්සෝ මිල අවමය රු 1200. අතරමැදියා හැමදාම ගසා කන්නේ. එළවලු වලටත් මේකම තමා.
සෙනෙවි ගාල්ල Tuesday, 03 April 2018 11:48 PM
දකුණට එවන්න මෙහෙ මිල රු 1000 ට වැඩියි. ජංගම රථ වලින් අඩුවට අලෙවි කරන්න.
දිමුත් Wednesday, 04 April 2018 02:54 PM
ඒ වුණාට අපි ගන්න මිල අඩු වෙලා නැහැනේ??