IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යෝජිත සංචාරක බුබුළ අත් හිටුවා නෑ

( තිළිණි ද සිල්වා )

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ආරම්භ කිරීමට යෝජිත සංචාරක ගුවන් බුබුළ අත් හිටුවා නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

කෙසේ වෙතත් ඉන්දියාවේ මේ දිනවල පවතින කොවිඩ් තත්ත්වය සලකමින් ලබන 26 වැනිදා සිදු කිරීමට නියමිතව තිබූ කුෂිනගර් -  කටුනායක ගුවන් ගමන තාවකාලිකව කල් දැමිමට තීරණය කළ බව ද සංචාරක ඇමතිවරයා කියා සිටියේය

 ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස නවීකරණය කරන ලද ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ  ප්‍රාන්තයට අයත් කුෂී නගර් තොටුපළට පළමු ජාත්‍යන්තර ගුවන් යානයක් ගොඩබැස්සවීම සදහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවට කරන ආරාධනයකට අනුව මෙම ගුවන් ගමන සංවිධානය කළ බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී..  

ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර ආගමික සබදතා වැඩි දියුණු කර මෙරට බැතිමතුන්ට බෞද්ධ සිද්ධස්ථාන වැද පුදා ගැනීමට හැකිවන පරිසරයක් නැවත නිර්මාණය කිරීම එම ගුවන් ගමනේ අරමුණ බවද එම අමාත්‍යාංශය පෙන්වා දේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුළ ක්‍රියාත්මක කිරීමට තීරණය කරනු ලැබුවේ  දෙරට අතර සංචාරක ව්‍යාපාරය නංවාලීම සදහාය.

දෙරට අතර සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණින් ,සංචාරක ගුවන් බුබුළ යටතේ දෙරට අතර නැවත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීම එහි අපේක්ෂා කරන බව ඇමතිවරයා වැඩිදුරටත් කීය.

 

 



අදහස් (2)

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යෝජිත සංචාරක බුබුළ අත් හිටුවා නෑ

chandima Wednesday, 21 April 2021 01:52 PM

සංචාරෙට ඇවිත් ආයෙත් වතාවක් මාලුකඩේ පැත්තේ යයිද?

:       0       0

wicky Wednesday, 21 April 2021 01:58 PM

හොඳයි ., හොඳයි, ඉන්දියාවේ තියෙන්නේ බුබුළු නෙවෙයි, කොරෝනා ගෙඩි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 115 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 361 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site