ලෝ ප්‍රකට ඇපල් සමාගම තම සේවාදායකයන්ට ලබාදෙන සේවා තවදුරටත් පහසු කිරීමේ අරමුණින් ඩිජිටල් සේවා සපයන ‘ටෙක්ෂර්’ සමාගම මිලදී ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.
සඟරා සේවා සපයන සමාගමක් සහ මෘදුකාංගයක් වන ‘ටෙක්ෂර්’ මිලදී ගැනීමත් සමඟ ඇපල් භාවිත කරන්නන්ට විවිධ සමාගම් ප්‍රකාශයට පත් කරන සඟරාවල ලිපිවලට පහසුවෙන් ප්‍රවේශවීමට හැකියාව ලැබෙනු ඇත.
එපමණක් නොව මාසික දායක මුදල් යටතේ පවත්නා සඟරාවල ලිපිවලට ද අදාළ මුදල් ගෙවීමෙන් පහසුවෙන් කියවීමේ හැකියාව ඇපල් දුරකතන භාවිත කරන්නන්ට හැකියාවේ ලැබෙනු ඇත.
‘නෙක්ස්ට් ඉෂූ මීඩියා’ සමාගමට ‘ටෙක්ෂර්’ සමාගම අයත්ව තිබිණි. ‘නෙක්ස්ට් ඉෂූ මීඩියා’ යනු හර්ස්ට් සඟරාව, මෙරාදිත්, නිව්ස්, රොජර්ස් මීඩියා, කොන්දේ නාස්ට් සහභාගිත්වයෙන් ස්ථාපිත කරන ලද හවුල් සමාගමකි.
මූල්‍ය කොන්දේසි, මෙම මිලදී ගැනීම පිළිබඳ යනාදිය තොරතුරු අනාවරණය කිරීම ඇපල් සමාගම ප්‍රතික්ෂේප කර තිබිණි.
රොයිටර් 055
2025 දෙසැම්බර් මස 04
533
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
481
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇපල් සමාගමට තවත් සමාගමක් එක්වෙයි