(කාංචන කුමාර ආරියදාස)
ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද(04) දීන විශාල එළවළු තොග ප්‍රමාණයක් ලැබී තිබිණි .
දඹුල්ල ප්‍රධාන මාර්ග රැසකම එළවළු රැගත් වාහන දිගු පෝලිම් දැකගැනීමට හැකි විය.
එළවළු කිලෝ ලක්ෂ 50කට අධික ප්‍රමාණයක් අද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබී ඇති බව ද ව්‍යාපාරිකයෝ පවසති.
ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ද මධ්‍යස්ත මිල ගණන් පැවති බව වෙළෙන්දෝ කියති .
ඇඳිරිනීතිය අවසන්වීමත් සමඟ වීවිධ ගමන් බිමන් යෑම සඳහා පැමිණි ජනතාව පොදු ප්‍රවාහන සේවාවන් නොමැති නිසා නගරයේ තැන තැන විශාල වශයෙන් රැස්ව සිටින අයුරුද දැක ගැනීමට හැකි විය.
දඹුල්ල නගරයේ සෑම කෘෂි රසායන අලෙවි සැලකම දේශීය ලොකු ලූනු බීජ මිලදී ගැනීම සහ පොහොර මිලදී ගැනීම සඳහා දිගු පෝළිම් දැකගැනීමට හැකිවිය .
බොහෝ දෙනා කියා සිටියේ දේශීය ලොකු ලූනු බීජ සහ පොහොර නොමැති බවයි.
මීට අමතරව දඹුල්ල නගරයේ වෙසක් කූඩු වෙසක් සැරසිලි අලෙවි කිරීම සඳහා තබා තිබෙන අයුරු ද දැක ගැනීමට හැකි විය.





COMMENTS
මේ දිනවල රටේ ඇති අතිරික්ත එළවලු ටික මාලදිවයිනට එවන්න ක්‍රමවේදයක් හදන්න. මේ දිනවල මාලදිවයිනේ හැම එළවළුවකම මිල ලංකා මුදලින් රු. දහසක් පමණ වෙනවා. ඇතැම් ඒවා ඊටත් වැඩියි. භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා ක්‍රියාත්මකයි.
නියම අදහස , ගොවීන්ට ත් හොඳ අදායමක් ලබන්න ඇහැකි, අපේ දේශපාලුවෝ අත දාල අහවර කොරයි, සම්තින් නැත්නම්.
බණ්ඩාරවෙල නම් තොග එළවළු මිල අඩුයි... හැම එළවළුවකම රුපියල් 50, 100 අතර...
ඔය කොයිතරම් එළවලු ආවත් කොළඹට නම් එකක්වත් නෑ.. මිළගණන් වල අඩුවකුත් නෑ...
නිකම් දුන්නත් කමක් නැහැ විසි කරන්නේ නැතිව. එහෙම යෝජනාවක් කරපු ප්‍රදීප් ට පින් දෙන්න ඕනේ. මේවට තමා ජනපති කාර්ය සාධක බලකායේ මැදිහත් වීම ඕනේ. නැතිනම් කරන්න බැහැ.