(හර්ෂණ තුෂාර සිල්වා)
දේශීය ඇඟළුම් කර්මාන්තය ‘හරිත කර්මාන්තයක්’ බවට පත් කිරීමේ අරමුණින් එච්.එස්.බී.සී. බැංකුව සහ සොබාදහම සංරක්ෂණය කිරීම සඳහා වූ අන්තර්ජාතික සංවිධානය කොළඹදී අද (3) නව ව්‍යාපෘතියක් ආරම්භ කළේය.
මෙරට ඇඟළුම් කර්මාන්තයෙන් නිකුත් කෙරෙන කාබන් ප්‍රමාණය අවම කරමින් ඉහළ සංවර්ධනයක් ඇති කරගනිමින් ‘හරිත කර්මාන්තයක්’ බවට පත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබෙන අතර ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟළුම් සංසදය, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය සහ ආයෝජනය මණ්ඩලය ද මෙම ව්‍යාපෘතියට හවුල් වී සිටී.
කොළඹ එච්.එස්.බී.සී. බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී මේ බව නිවේදනය කළ අතර “වගකීමක් සහගත විලාසිතාකරණය” යන ගෝලීය සම්මුතියට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන බව ද එහිදි නිවේදනය කෙරුණි.
එච්.එස්.බී.සී. බැංකුව 2017 වසරේදී තිරසර මූල්‍යකරණය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 100ක් වෙන් කළේය.
කාබන් භාවිතය අවම අනාගතයක් උදෙසාත් දේශගුණික විපර්යාසවලට අනුගත මූල්‍යකරණ, කළමනාකරණ සහ හැඩගැස්සවීමේ ගෝලීය පාර්ශවකරුවන් අතර ද සිටින එච්.එස්.බී.සී. බැංකුව 2015 දී අත්සන් කරන ලද දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියට සහ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අභිමතාර්ථ ළඟා කරගැනීමට අවශ්‍ය මූල්‍ය සහාය ද ලබා දේ.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවේදී එච්.එස්.බී.සී. බැංකුවේ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් ප්‍රොතෙරෝ සහ සොබාදහම සංරක්ෂණය කිරීම සඳහා වූ අන්තර්ජාතික සංවිධානයේ ශ්‍රී ලංකාවේ දේශීය නියෝජිත ආචාර්ය ආනන්ද මල්ලවතන්ත්‍රී යන මහත්වරු ද අදහස් දැක්වූහ.
ව්‍යාපෘතිය ආරම්භ කරන බව නිවේදනය කිරීමෙන් පසුව සාකච්ඡා වටයක් ද පැවැති අතර සොබාදහම සංරක්ෂණය කිරීම සඳහා වූ අන්තර්ජාතික සංවිධානයේ ශ්‍රී ලංකාවේ දේශීය නියෝජිත ආචාර්ය ආනන්ද මල්ලවතන්ත්‍රී, එච්.එස්.බී.සී. බැංකුවේ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ බැංකු සේවා අංශයේ ප්‍රධානී ස්ටුවර්ට් රොජර්ස්, බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී සුචිර සුරේන්ද්‍රනාත්, ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති රෙහාන් ලඛානි සහ ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී සමන්ත කුමාරසේන යන මහත්වරු එහිදි අදහස් දැක්වූහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඇඟළුම් කර්මාන්තය ‘හරිත කර්මාන්තයක්’ බවට පත්කිරීමේ ව්‍යාපෘතියක්