IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ඇඟලු‍ම් අපනයන ආදායම ඩො. බි. 4.76ක්


පසුගිය වසරේ මෙරට ඇඟලු‍ම් අපනයන ආදායම 2023 වසර සාපේක්ෂව සියයට 5 කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.76 දක්වා වර්ධනය වී ඇතැයි මෙරට ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාව ඇමෙරිකාවට සිදුකළ ඇඟලු‍ම් අපනයනය 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී සමස්තයක් ලෙස සියයට 5.23 කින් වර්ධනය වී ඉන් ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එක්සත් රාජධානිය හැර යුරෝපයට සිදුකළ ඇඟලු‍ම් අපනයනය සියයට 0.81 කින් වර්ධනය වී ඉන් ලැබූ අදායම ඩොලර් බිලියන 1.4 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම දත්ත වාර්තාවේ සඳහන් වේ.

එසේම ශ්‍රී ලංකාව එක්සත් රාජධානියට සිදුකළ ඇඟලු‍ම් අපනයන 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී සියයට 7.65 ප්‍රතිශතයකින් වර්ධනය වෙමින් ඉන් ලැබූ ආදායම ඩොලර් මිලියන 675 දක්වා ඉහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තාවල දැක්වේ. ඉහත රටවල් හැර අනෙක් රටවල්වලට සිදුකළ අපනයනද 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී සියයට 10.13 කින් වර්ධනය වෙමින් ඉන් ලැබූ අදායම ඩොලර් මිලියන 778.4 දක්වා ඉහළ ගොස් ඇති බවද ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය නිකුත් කළ දත්ත වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ඇඟලු‍ම් අපනයන ආදායම 2022 වසරේදී ඩොලර් බිලියන 5.6 ක් ලෙසත්, 2020 වසරේදී ඩොලර් බිලියන 5 ක් ලෙසත්, 2019 වසරේදී ඩොලර් බිලියන 5.3 ක් ලෙසත් සඳහන් විය. 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී මෙරට ඇඟලු‍ම් අපනයන ආදායම වර්ධනයක් පෙන්නුම් කළත් 2022 වසර සාපේක්ෂව එය පහළ යෑමකි.

පසුගිය දෙසැම්බර් මාසයේදී 2023 වසරේ එම කාල සීමාවට සාපේක්ෂව ඇඟලු‍ම් අපනයන ආදායම සියයට 2 කින් වර්ධනය වී ඉන් ලැබූ ආදායම ඩොලර් මිලියන 424 දක්වා ඉහළ ගොස් ඇතත් ඇමෙරිකාවට කළ අපනයනයන සියයට 4 කින් පහළ යමින් ඉන් ලැබූ ආදායම ඩොලර් මිලියන 424 දක්වාද, එක්සත් රාජධානියට කළ අපනයනයන් සියයට 10 කින් පහළ යමින් ඉන් ලැබූ ආදායම ඩොලර් මිලියන 49 දක්වාද අඩුවී ඇත.



අදහස් (0)

ඇඟලු‍ම් අපනයන ආදායම ඩො. බි. 4.76ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 515 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site