
විමුක්ති එස් රුද්‍රිගු
ආසියානු සංවර්ධන බැංකුවේ 11 සභාපතිවරයා ලෙස මසාටෝ කන්ඩා මහතා පසුගියදා වැඩ බාර ගත්තේය. ජපානයේ ජාත්‍යන්තර කටයුතු සඳහා නියෝජ්‍ය මුදල් ඇමැති ධුරය දරා ඇති මසාටෝ කන්ඩා මහතා ජාත්‍යන්තර මූල්‍ය හා සංවර්ධන ප්‍රතිපත්ති ක්ෂේත්‍රයේ දශක හතරකට ආසන්න පළපුරුද්දක් ඇති අයෙකි.
වෙළෙදපොළ අස්ථාවරත්වයක් පැවති කාල පරිච්ඡේදවලදී ලබාදුන් නායකත්වය සහ තීරණාත්මක මැදිහත්වීම් හේතුවෙන් කන්ඩා මහතාට ජාත්‍යන්තරයේ පුළුල් පිළිගැනීමක් හිමිව ඇත.
ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධුරයට පත්වීම තමන් ලද ගෞරවයක් බවත් එය ආසියානු කලාපයට ඉතා වැදගත් අවස්ථාවක් බවත් ධුරයේ වැඩ බාර ගනිමින් කන්ඩා මහතා ප්‍රකශ කළේය. ආසියානු සංවර්ධන බැංකුවේ සාමාජික රටවල් 69 සහ කාර්ය මණ්ඩලයේ සහායෙන් ආසියානු කලාපයේ තිරසාර, ජීවන තත්වය ඉහළ යන සහ අර්බුදවලට ඔරොත්තු දෙන ආර්ථික වර්ධනයක් ඇති කිරීමට තමන් බලාපොරොත්තු වන බවද ඔහු පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 04
558
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
492
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආසියානු සංවර්ධන බැංකුවේ නව සභාපති වැඩ අරඹයි