IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ආර්ථික නිදහස සමුළුව අද අරැඹෙයි

(හර්ෂණ තුෂාර සිල්වා)
 
ඇඩ්වොකාටා ආයතතනය සංවිධානය කරන ‘ආර්ථික නිදහස’ සමුළුව අද (11) පස්වරුවේ කොළඹ නිපෝන් හෝටලයේදී ආරම්භ වීමට නියමිතය.
 
ලෝක ආර්ථික නිදහස පිළිබඳව වාර්තාව එළි දැක්වීමට සමගාමීව මෙම සමුළුව සංවිධානය කර තිබේ. එම වාර්තාව ප්‍රකාශයට පත් කරන කැනඩාවේ ෆ්‍රේසර් ආයතනය සහ නිදහස් වෙළෙඳපොළ පිළිබඳ ජාත්‍යන්තර චින්තන මණ්ඩල ජාලයක් වන ඇට්ලස් ජාලය සමඟ සහයෝගීත්වයෙන් ඇඞ්වොකාටා ආයතතනය ‘ආර්ථික නිදහස’ සමුළුව සංවිධානය කර තිබේ.
 
ප්‍රධාන සැසිවාර තුනකින් සමන්විත සමුළුවේ ප්‍රධාන සැසිවාරය වනුයේ විවෘත ආර්ථික ක්‍රමය ශ්‍රී ලාංකිකයන්ට යහපත උදා කිරීමට සමත් වීද යන්නයි. ඉන් අනතුරුව දෙවැනි ප්‍රධාන සැසිවාරය හෙට(12) සෞභාග්‍ය සඳහා ප්‍රතිපත්ති රාමුවක් ලෙස ආර්ථික නිදහස යන මැයෙන් සැසිවාරයක් පැවැත්වේ. 
 
සමුළුවේ එම සැසිවාර දෙක ඉංග්‍රිසි බසින් පැවැත්වෙන අතර සිංහල බසින් ආර්ථික නිදහස සහ අපි යන මැයෙන් අනිද්දා 13 තෙවැනි ප්‍රධාන සැසිවාරය පැවැත්වේ. මහාචාර්ය රොහාන් සමරජීව මහතා එහි ප්‍රධාන දේශනය පවත්වයි. 



අදහස් (0)

ආර්ථික නිදහස සමුළුව අද අරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 331 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 854 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1276 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site