IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ආර්ථිකය පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ඉහළට

ව්‍යාපාර ලෝකය තුළ යම් යම් සංවේදීතා තිබුණත් රටේ ආර්ථිකය පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව තුළ තිබෙන විශ්වාසය මෙම මාසයේදී සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇතැයි මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන එල්.එම්.ඩී සඟරාව DailyFT  පුවත්පතට විශේෂ වාර්තාවක් ලබාදෙමින් ප්‍රකාශ කළේය.
පෙපර් කියුබ් ව්‍යාපාර විශ්වාසනීය දර්ශකය 2015 වසරින් පසුව වාර්තා කළ ඉහළම අගය මෙම මාසයේදී වාර්තා කර තිබෙන බවත් ඒ පිළිබඳ තොරතුරු ඉදිරි මාර්තු කලාපයේ ඇතුළත් වන බවත් එල්.එම්.ඩී සඟරාව පැවැසුවේය. පසුගිය ජනවාරි මාසයේදී ලබාගත් ලකුණු 198 සාපේක්ෂව මෙම මාසයේදී පෙපර් කියුබ් ව්‍යාපාර විශ්වාසනීය දර්ශකය පදනම් ලකුණු 6 කින් ඉහළ යමින් ලකුණු 204 දක්වා පැමිණ ඇතැයි එම සඟරාව ප්‍රකාශ කළේය. මෙරට 2015 වසරේදී මහ මැතිවරණයක් පවත්වා සභාග රජයක් පිහිටුවීමෙන් පසුවද මෙලෙසම පෙපර් කියුබ් ව්‍යාපාර විශ්වාසනීය දර්ශකය ලකුණු 204 වාර්තා කළ බවත් ඉන්පසුව ලකුණු 204 ක් වාර්තා කළ පළමු අවස්ථාව මෙය බවත් එල්.එම්.ඩී සඟරාව පැවැසුවේය.
එල්.එම්.ඩී සඟරාවට අනුව ව්‍යාපාර විශ්වාසනීය දර්ශකය එහි ඓතිහාසික මධ්‍ය අගය වන 123 ට වඩා ලකුණු 81 ක් මෙම මසදී ඉහළින් සිටින අතර පසුගිය මාස 12 සාමාන්‍ය වන ලකුණු 129 ට වඩා ලකුණු 75 ක් ඉදිරියෙන් සිටී. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පෙපර් කියුබ් ව්‍යාපාර විශ්වාසනීය දර්ශකය වාර්තා කර තිබුණේ ලකුණු 81 ක් පමණක් බවද එල්.එම්.ඩී සඟරාව ප්‍රකාශ කළේය.
ආර්ථිකය පිළිබඳ ඉහළ යන විශ්වාසය සහ ශක්තිමත් විකුණුම් පුරෝකතනයෙන් ආර්ථික බලාපොරොත්තු සහ ව්‍යාපාර කාර්යසාධනය අතර පරතරය අවම වීමක් ව්‍යාපාර විශ්වාසනීය දර්ශකයේ මෙම මස ප්‍රතිඵලවලින් පිළිඹිඹු වන්නේ යැයි පෙපර් කියුබ් උපදේශකයන් ප්‍රකාශ කළේය.
මෙය දිගුකාලීන ස්ථාවරත්වයකට පරිවර්තනය කිරීමට නම් බදුකරණය, උද්ධමනය සහ රජයේ අකාර්යක්ෂමතාව වැනි තීරණාත්මක සාධකවලට අවධානය යොමුකළ යුතු බව එම උපදේශකයෝ පෙන්වා දුන්හ.
අනාගතය ගැන කතා කිරීමේදී ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ පසු අයවැය කාලය එළැඹීමත් සමග පෙපර් කියුබ් ව්‍යාපාර විශ්වාසනීය දර්ශකය එහි ඉහළම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 204 පසුකර යෑමට හැකියාව ලැබේද යන්න යැයි එල්.එම්.ඩී සඟරාවේ ප්‍රකාශිකාවක් පැවැසුවාය.
රජය පසුගිය 17 වැනිදා ඉදිරිපත් කළ මූල්‍ය සැලසුම ව්‍යපාර ලෝකය දකින්නේ කෙසේදැයි යන කරුණ මත පෙපර් කියුබ් ව්‍යාපාර විශ්වාසනීය දර්ශකය ඉදිරියේදී ගමන් කරන දිශාව තීරණය වනු ඇතැයි ඇය ප්‍රකාශ කළාය. ඉතාමත් ඉක්මනින් බොහෝ දෙනා බලාසිටින එල්.එම්.ඩී සඟරාවේ මාර්තු කාලපය නිකුත් වනු ඇතැයිද ඇය පැවැසුවාය.

 



අදහස් (0)

ආර්ථිකය පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site