සමහර ආයතන වසා දමන්නටත් තවත් ඒවා ඒකාබද්ධ කරන්නටත් වේවි
ආයතන ගණනක් රාජ්‍ය අයවැයට බරක්
යම් කොටස් ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළට නිකුත් කරන්නටත් අවධානය
අංජුල මහික වීරරත්න
රජයට පරිබාහිරව ඉතා ශක්තිමත් කාර්යක්ෂම ඉදිකිරීම් සමාගම් රැසක් බිහි වී තිබෙන බැවින් රජයේ ඉදිකිරීම් සමාගම් තවදුරටත් පවත්වාගෙන යා යුතු දැයි කල්පනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ආර්ථික සමුළුව අමතමින් පැවසීය.
ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට සූදානම් බව කී ජනාධිපතිවරයා, සමහර ආයතන වසා දමන්නටත්, සමහර ආයතන ඒකාබද්ධ කරන්නටත් ඇතැම් ආයතනවල විෂය පථය වෙනස් කරන්නටත් සිදුවනු ඇතැයි කීය.
එම තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා මේ දිනවල හඳුනා ගැනීම් කරමින් සිටින බව කී ජනාධිපතිවරයා, එය අභියෝගාත්මක තීන්දුවක් බව දන්නා නමුත්, කළ යුතුම ක්‍රියාවක් වශයෙන් හඳුනාගෙන තිබෙන්නේ යැයි පැවසීය.
මෙතෙක් ආයතන පවත්වාගෙන යාම සඳහා ගෙන ගිය පරිපාලනය අසාර්ථක මෙන්ම දූෂිත විනාශකාරී යැයි කී ජනාධිපතිවරයා, එම නිසා බොහෝ ආයතන ගණනක් රාජ්‍ය අයවැයට බරක් වී තිබෙන බව සඳහන් කළේය.
පැරැණි කෝණයෙන් ආයතන දෙස බලන්නේ නැතිව ආයතන ව්‍යුහාත්මක වෙනසකට ලක් කරන්නට රජය සූදානම් යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ආයතන ඒකාබද්ධ කොට හෝල්ඩින් සමාගමක් හරහා යම් කොටස් ප්‍රමාණයක් කොටස් වෙළඳපොළට නිකුත් කරන්නට හැකියාව තිබේ දැයි අධ්‍යයනය කරමින් සිටින බව කී ජනාධිපති අනුර දිසානායක මහතා, එම නිසා රාජ්‍ය සංස්ථා සහ ආයතන පිළිබඳව අලුතින් සිතා කටයුතු කරන්නට සූදානම් යැයි කීය.
එමෙන්ම එකම කාර්ය කිරීම සඳහා රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක් තිබෙන බව කී ජනාධිපතිවරයා, සමහර ආයතන ගොඩනැගූ කාලයේ අවශ්‍යතාව තිබුණාට වර්තමානයේදී ඒවායේ අවශ්‍යතාවක් නැති බව සඳහන් කළේය.
කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මෙම ආර්ථික සමුළුව පැවැත්විණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ආයතන පවත්වාගෙන ගිය පරිපාලනය ආසාර්ථකයි දූෂිතයි