
අමානා බැංකුව පසුගියදා නුවරඑළිය සහ හම්බන්තොට යන ප්‍රදේශවලදී පැවැත්වුණු ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගී විය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමග අත්වැල් බැඳගෙන සංවිධානය කරන ලද මෙම වැඩසටහන් මාලාවේ තේමාව වූයේ “ඩිජිටල් ගනුදෙනු තුළින් අනාගතය හැඩගන්වමු” යන්නයි. මේ යටතේ නුවරඑළිය ප්‍රදේශයේදී පැවති වැඩසටහන ග්‍රෙගරි වැව ආශ්‍රිතවද, හම්බන්තොට ප්‍රදේශයේදී පැවති වැඩසටහන මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදීද පැවැත්විණි.
මෙම වැඩසටහන්වලට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රමුඛව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර, රජයේ නිලධාරීන්, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ පොදු මහජනතාව ඇතුළු පිරිසක්ද මෙම වැඩසටන්වලට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සැලසුම් කර ඇති මෙම වැඩසටහන් මාලාව දිවයින පුරා ඩිජිටල් බැංකුකරණ සහ ගෙවීම් ක්‍රම භාවිතය වේගවත් කරවීම මූලික අරමුණින් පැවැත්වී ඇත. මෙය ඩිජිටල්කරණයෙන් තිරසාර හා අන්තර්කරණය වූ ආර්ථික වර්ධනයක් ඇති කිරීම සම්බන්ධයෙන් රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අනුගමනය කරන පුළුල් ක්‍රමෝපායට සමගාමී ප්‍රයත්නයකි.
මෙම වැඩසටහනේදී අමානා බැංකුව විසින් සිය මාර්ගගත බැංකුකරණ යෙදුම, වීඩියෝ ඔස්සේ ගනුදෙනුකරුවන්ගේ තොරතුරු තහවුරු කරගනිමින් දුරස්ථව ගිණුම් විවෘත කිරීමේ ක්‍රමවේදය සහ WhatsApp බැංකුකරණ සේවා ඇතුළු සේවා රැසක් පිළිබඳ පාරිභෝගිකයන් දැනුවත් කරන ලදි. එමෙන්ම මෙහිදී අමානා බැංකුවේ ඩිජිටල් සේවා සඳහා ලියාපදිංචි වීමටද ගනුදෙනුකරුවන්ට අවස්ථාව හිමි විය. ඊට අමතරව බැංකුව විසින් මෙහිදී LankaQR සේවාව ප්‍රවර්ධනය කිරීමටද කටයුතු කරන ලදි. LankaQR භාවිතා කරන ගනුදෙනුකරුවන්ට මුදල් භාවිතයෙන් තොරව, තම ජංගම දුරකථන හරහා වඩාත් පහසුවෙන් මෙන්ම සුරක්ෂිත, ඉක්මන් හා සහනදායී ලෙස එදිනෙදා ගනුදෙනු සිදුකිරීමට අවස්ථාව හිමි වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා බැංකුවේ සහකාර උප සභාපති (තැන්පතු සහ ඩිජිටල් නවෝත්පාදන) අර්ශාඩ් ජමාල්ඩීන් මහතා මෙසේ පැවසුවේය. ශ්‍රී ලංකා මහ බැංකුව සංවිධානය කළ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනට දායක වීමට හැකි වීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටට පත් වනවා. මෙය වඩාත් පහසුවෙන් භාවිත කළ හැකි ඩිජිටල් බැංකුකරණ සහ ගෙවීම් විසඳුම් හඳුන්වා දීම සඳහා අමානා බැංකුව දරන උත්සාහය සමග බෙහෙවින් සමපාත වන වැඩසටහනක්. එමෙන්ම එය ප්‍රජාව සවිබල ගන්වමින් ඩිජිටල් වශයෙන් අන්තර්කරණය වූ ශ්‍රී ලංකාවක් බිහිකිරීම සම්බන්ධයෙන් අමානා බැංකුව සතු දැක්ම මැනැවින් නිරූපණය කළ අවස්ථාවක් ලෙසද හැඳින්විය හැකියි.
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDBසමූහය යනු AAA ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අමානා බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන සමග එක් වෙයි