IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අපනය කලාපවල ගිනි නිවන්න ජපන් යෙන් මිලියන 300ක්

 නිමල කොඩිතුවක්කු


ජපාන රජයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අපනයන සැකසුම් කලාපවල ගිනි නිවන ඒකක ස්ථාපිත කිරීම සහ උපකරණ වැඩි දියුණු කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන අපනයන සැකසුම් කලාප තුළ නවීන ගිනි නිවන උපකරණ සහිත අභ්‍යන්තර ගිනි නිවන ඒකක ස්ථාපිත කිරීම මගින් ආයෝජකයන් තුළ විශ්වාසය ගොඩනැංවීමට හැකි වන බවත්, ක්ෂණික ප්‍රතිචාර හරහා ශ්‍රමිකයන් හා කර්මාන්ත දේපළ ආරක්ෂා කර ගනිමින් හානි අවම කර ගැනීමට හැකි වන බවත් හඳුනාගෙන ඇත.

ඒ සඳහා ජපන් ආර්ථීක හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපන් යෙන් මිලියන 300ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 590ක) ප්‍රදානයක් මඟින් කටුනායක, බියගම, සීතාවක සහ වතුපිටිවල අපනයන සැකසුම් කලාප සඳහා ලීටර් 4000ක ධාරිතාවකින් යුත් ගිනි නිවන රථ 4ක් සහ උපකරණ කට්ටල 12ක් ලබා දීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය සහ ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහයෝගීතාව මත සිදු කිරීමට නියමිතය. 
ඒ අනුව, යෝජිත ප්‍රදානය ලබා ගැනීම සඳහා අදාළ හුවමාරු පත්‍ර සහ අනෙකුත් ලියකියවිලි අත්සන් කිරීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 



අදහස් (0)

අපනය කලාපවල ගිනි නිවන්න ජපන් යෙන් මිලියන 300ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 19 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 702 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site