IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ලංකාව බරට ආධාර ඉල්ලයි

ආසියා සංවර්ධන බැංකුවෙන් ඩොලර් ලක්ෂ 2000 ක  (රුපියල් ලක්ෂ 264000) ආධාරත් ලෝක බැංකුවෙන් ඩොලර් ලක්ෂ 1100 ක  (රුපියල් ලක්ෂ 135200) ආධාරත් ලෙස අධ්‍යාපනය සංවර්ධනය හා කාලගුණ විපර්යාස වලට සූදානම් වීමේ කටයුතු සළසා ගැනීමට ඩොලර් ලක්ෂ 3100 ක  (රුපියල් ලක්ෂ 409200) ආධාර ලබා ගැනීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමි විය.

ආසියා සංවර්ධන බැංකුවෙන් ලබාගැනෙන ආධාර මුදල ශී්‍රලංකා ශ්‍රමිකයින්ගේ හැකියාවන් හා දක්ෂතාවන් වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ආරම්භ කිරීම සදහා යෙදවීමට නියමිතය.තත්කාලීන ලෝකයට ගැලපෙන දක්ෂ ශ්‍රමිකයින් සපයන්නෙක් ලෙස ශ්‍රී ලංකාවට 2020 වසර වන විට ලෝක වෙළදපොලේ ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට මෙමගින් රජය බලාපොරොත්තු වේ.

ලෝක බැංකුවෙන් ලබා ගැනෙන ආධාර මුදල යෙදවෙනු ඇත්තේ ලෝක කාලගුණ විපර්යාස වලට ශ්‍රී ලංකාවට සාර්ථකව මුහුණ දීමට හැකි වන සේ කටයුතු සම්පාදනය කිරීමට බව සදහන්ය.



අදහස් (0)

ලංකාව බරට ආධාර ඉල්ලයි

ආයුබෝවේවා Tuesday, 18 February 2014 03:37 PM

මටනම් පුදුම ආඩම්බර කමක් දැනෙන්නේ. සින්දුවක් ලියල අර මොකක්ද වාහිනී දෙකේ කියන්නත් හිතෙනවා හිතට දැනෙන ආශ්චර්යමත් හැගීමට. (දී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 17 February 2014 11:28 PM

ආසියා සංවර්ධන බැංකුවෙන් ඩොලර් ලක්ෂ 2000 ක (රුපියල් ලක්ෂ 264000) ආධාරත් ලෝක බැංකුවෙන් ඩොලර් ලක්ෂ 1100 ක (රුපියල් ලක්ෂ 135200) ආධාරත් ලෙස අධ්‍යාපනය සංවර්ධනය හා කාලගුණ විපර්යාස වලට සූදානම් වීමේ කටයුතු සළසා ගැනීමට ඩොලර් ලක්ෂ 3100 ක (රුපියල් ලක්ෂ 409200) ආධාර ලබා ගැනීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමි විය. මේ මුදල් කොහොමවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

ශෝභනා Monday, 17 February 2014 11:29 PM

මෙහෙම ගසා කෑමක් නම් මම මගේ අම්ම අප්පා කිරිකිත්තා කාලෙදිවත් ගසා කැවා කියල අහල දැකලනම් නැහැ.(නදී)

:       0       0

තුෂාර Tuesday, 18 February 2014 03:42 PM

නොදන්නා කමට අහන්නේ ලංකාව කොයි තරම් ණයද පිට රටට (දී)

:       0       0

තිස්ස Tuesday, 18 February 2014 03:47 PM

ණය ගන්න කලින් ගත්ත ඒවා ගෙවල ඉවර කලොත් නරකද ? හැම කෙනෙක්ම දැනටත් ලක්ෂ 3 ක් ණයයි. එක පව්ලක් ලක්ෂ 12 ක් . අපි ඉන්නේ අනුන්න්ගේ ඉඩමක වගේ (දී)

:       0       0

හැරල් Wednesday, 19 February 2014 03:44 PM

පාන් රාත්තලක් ගන්න සල්ලි ගෝනියක් ගෙනියන්න වෙන කාලය වැඩි ඇතක නෙවෙයි මේ ලඟම එනවා (අ).

:       0       0

පෙරේරා Monday, 07 April 2014 12:12 PM

මැච් එක දිනුවට වැඩක් තියෙනවද, රට මෙහෙම පරාජය වෙනකොට? (ස)

:       0       0

වසන්ත Wednesday, 26 March 2014 09:30 PM

ණය ගන්න තරමින් අපේ දිනුව පේනවා .තව ණය ගනිමු.(අ)

:       0       0

අමිල ගමගේ Sunday, 06 April 2014 07:05 AM

ණය නොමැතිකම මොනතරම් සැපයක්දැයි නොදන්නේද? (නි)

:       0       0

චමින්ද ජයනාත් Wednesday, 19 February 2014 12:51 AM

ඈ....ආධාර ඉල්ලනව ගිලෙන්නද යන්නෙ... (දී)

:       0       0

කෝසල Sunday, 06 April 2014 07:10 AM

කමක් නැහැ. ගෙවන්නේ ඉතින් අපිනේ (නි)

:       0       0

රොකි Saturday, 01 March 2014 07:08 PM

නය ගහමු. කානිවල් දමමු! රෝමයේ නීරෝ කෙරුවෙත් ඔය ටිකම තමයි.(නදී)

:       0       0

ගුණේ Thursday, 10 April 2014 07:36 PM

මට ලැජ්ජාත් හිතෙනවා (අ)

:       0       0

ගුණවර්ධන Thursday, 10 April 2014 07:42 PM

අපේ රටේ එකම වැරැද්ද මේක තමයි (නි)

:       0       0

නලින් පෙරේරා Saturday, 29 March 2014 11:55 AM

ආධාර ඉල්ලන එකනම් කොහොමටත් බරයි තමා (දී)

:       0       0

බංඩාර Tuesday, 18 March 2014 06:06 AM

මට ලැජ්ජාත් හිතෙනවා. මොකද අධ්‍යාපන සංවර්ධනයට මුදල් ගන්නවා කියපුවාම. මොකද මාවනැල්ලේ තිබෙන ප්‍රධානතම ජාතික පාසැල වන මයුරපාද ජාතික පාසැලට විදුහල් පතිවරයෙකු වසර තුනක් තිස්සේ දාගන්න බැරි රටක් මේක. මොකද ඒ ඉස්කොලෙට එක ලමයෙකුගෙන් 2014 වසර සදහා රු 1500/= ගෙවන ලෙසට විදුහල්පති අනකර තිබෙනවා. එනම් පාසැලට ලැබෙන මුළු ආදායම දල වශයෙන් 1500 * 3000= 45,00000(වාර්ෂිකව ළමුන් 3500 යකගෙන්). ඉතින් එක පාසැලක සංවර්දනයට එය මදිද? (නදී)

:       0       0

සරත් Wednesday, 26 March 2014 01:34 PM

අපිට දෙයියන්ගෙම පිහිටයි. (ස)

:       0       0

‍ජී‍ව Sunday, 23 February 2014 11:01 PM

‍ඇත්‍‍ත‍ටම ‍මේ ‍ණ‍ය ‍ගන්‍‍න‍ව ‍ද , ‍බ‍ලෙන්‍ ‍දෙ‍න‍ව‍‍‍‍ ද ?(නදී)

:       0       0

රිද්මා Tuesday, 18 February 2014 05:19 PM

අපි තවත් ණය කාරයෝ වෙනවා (දී)

:       0       0

ද සිල්වා Monday, 24 February 2014 01:47 AM

මහජනතාව දේශපාලකයන්ගේ වහලුන් බවට පත්වී අවසානය. දේශපාලකයන් ව්‍යවස්තාව ඇතුළු නීති දිනෙන් දින තමන්ට සහ තම සහචරයන්ට වාසි ලෙස වෙනස්කර ගනිමින් සිටිති. මහජනතාව ණයබර නමැති මඩ ගොහුරුවේ ගිලෙමින් පවතී. ඉදිරි පරම්පරා 7 ම ණයබරින් මිරිකී සිටිති.(නදී)

:       0       0

කුමුදු Thursday, 10 April 2014 04:45 AM

පුදුමාකාර සතුටක් දැනෙනවා මට අපේ අනාගතය ගැන (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 03 March 2014 10:59 AM

මෙහෙම බලනකොට දැන් අපේ ආණ්ඩුවත් ප්‍රයිවෙට් බස් එකක් වගේනේ. මොකද,කොච්චර සෙනග පැටෙව්වත් කොන්දොස්තරගේ හිතට මදි . ආණ්ඩුවටත් කොච්චර නය ගත්තත් හිතට මදි වගේ. අනේ අප්පේ මේවා ගෙවන්න වෙන්නේ අපිට පමණක් නොවෙයි. ඉදිරි පරම්පරා තුන හතරටත් නය ගෙවන්න වේවි. (නදී)

:       0       0

නිරාජ් Tuesday, 08 April 2014 11:29 AM

ණය ගැනීම නොවේ අපේ රටේ වැරැද්ද. ගන්න ණය කාර්යක්ෂමව යොදා නොගැනීම. මොකද, ණය දෙන ආයතන ණය දෙන්නේ ණය ගැතියගේ අනාගතයේ ණය ආපසු ගෙවීම හැකියාව සොයා බලා පමණි. කෙසේ වුවත්, ගත් ණය නිසි ලෙස යොදා නොගතහොත් අපේ රටේ අනාගත ණය ආපසු ගෙවීමට ඇති හැකියාව අඩු වීමට ඇති අවදානම ගැන සිතා බලා කටයුතු කළ යුතුවේ. (ස)

:       0       0

කුමා Wednesday, 02 April 2014 01:30 PM

දැන් කවුද ඉතින් මේවා ගෙවන්නේ? (නි)

:       0       0

සුරංග Sunday, 02 March 2014 11:53 AM

ආසියා සංවර්ධන බැංකුවෙන් ලබා ගැනෙන ආධාර මුදල ශී ලංකා ශ්‍රමිකයින්ගේ හැකියාවන් හා දක්ෂතාවන් වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ආරම්භ කිරීම සදහා යෙදවීමට නියමිතය. තත්කාලීන ලෝකයට ගැලපෙන දක්ෂ ශ්‍රමිකයින් සපයන්නෙක් ලෙස ශ්‍රී ලංකාවට 2020 වසර වන විට ලෝක වෙළද පොලේ ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට මෙමගින් රජය බලාපොරොත්තු වේ. අපි පිට රට ඈවිත් තියෙන්නේ ආන්ඩුවෙන් අපිට වියදම් කරලා නෙමේ. රට එන්න රජයේ ආයතන කීයකට ගෙවීම් කරන්න ඔනෙද? අනික ආවට පස්සෙ හොයල වත් බලනවද? ඒඕ 2020 නිසා ඩුබායි රජය එරට සියලුම රෑකියා සීමා කරනවා. කුවෙට් රජයත් එහෙම්මයි.(නදී)

:       0       0

රංගන Sunday, 06 April 2014 12:30 PM

ප්‍රීති ප්‍රීති!! තව තව ගන්න. සැරදේවා! (නි)

:       0       0

ජනතා Thursday, 27 February 2014 10:14 AM

නැතුව කොහොමද අපේ දරුවන්ගේ අනාගතේ සකසන්නේ. ඔය මදි මගේ හිතේ.(නදී)

:       0       0

මහින්ද අලුත්ගමගේ Monday, 17 February 2014 12:27 PM

මෙම ආධාර යන්නට වෙන වචනයක් වූවානම් කදිමයි (දිල්)

:       0       0

ලංකා Monday, 24 February 2014 10:21 PM

මේකයි ඇත්ත​. 2001දී පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව තියෙනකොට ලංකාවේ ඒක පුද්ගල ණය රු. 95,000. 2002 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඒක රු. 78,000ට අඩුකලා. හැබැ සන්ධාන ආන්ඩුව ආශ්ච‍ර්‍යත් එක්ක ඒක රු. 378,000 ට වැඩි කරලා...උපුටා ගැනීම ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියෙනි (අ)

:       0       0

ශාමිලා Thursday, 27 March 2014 05:23 AM

ජපානය 1988 දී සියලු විදේශ ණය ගෙවා දැමීය. අපි 2005 න් පසු තිබු ණය හතර ගුණයකින් වැඩිකර ගත්තේය. මෙන්න අාසියාවේ රටවල් දෙකක ආශ්චර්යයෙහි වෙනස! (නි)

:       0       0

දිනේෂ් Friday, 28 March 2014 09:19 AM

මේවා ඉල්ලන ගමන් බටහිර රටවල් එක්ක ගේමේම ඉන්න.(නදී)

:       0       0

ඉන්දු-ලන්ඩන් Monday, 24 February 2014 07:24 AM

අපි කන ගොඩක් කෑම ජාති වලට සියයට දෙතුන් සීයකට වඩා බදු ගෙවනවා. වරායේ ගහන බදු ප්‍රමාණය ඇහුවහම හිතා ගන්නවත් බැහැ. එක බද්දක් උඩ තව බද්දක්. ඊට පස්සේ එබදු දෙක උඩ තව බද්දක්. ඔහොම ඔහොම එකතු වෙනකොට මාර ගානක් අපි බදු ගෙවන්නේ.(නදී)

:       0       0

මහී Thursday, 03 April 2014 07:49 PM

දැන් මේවා ගෙවන්නේ කවුද? (නි)

:       0       0

ටානියා Sunday, 23 February 2014 07:03 AM

ණය බරින් උත්සන්න වෙලා (දී)

:       0       0

සෑම් Monday, 17 February 2014 02:31 PM

ඉස්සර අපිට ලැබුනේ ආධාර. ඒවා දුන්නේ පොහොසත් රටවල් වලින් සහ යුනෙස්කෝ ඩබ්, එච්. යු., යු එන් වැනි ආයතන වලින්. ඒවා ආපසු ගෙවිය යුතු නැහැ. ආසියා සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුවෙන් ලබාගන්නා පොලිය සමග ආපසු ගෙවිය යුතු මේ නය මුදල් ""ආධාර"" හැටියට හඳුන්වන්න තරම් අපේ රට දැන් පහලට වැටිලා. (නදී)

:       0       0

කුමාර Thursday, 03 April 2014 10:59 AM

ඇයි මෙච්චර ආධාර ගන්නේ. ලැබෙන අදායමට අනුව වියදම සකස් කර ගන්න ඕන. ණය අරන් කවදාවත් රටක් දියුණු කරන්න බැහැ. (ස)

:       0       0

නලිනි Monday, 24 February 2014 09:09 AM

අනී මිනිසුනේ මේ සැරේවත් මොලේ පාවිච්චි කරලා ජන්දේ දෙන්න (අ)

:       0       0

ජයන්ත Sunday, 02 March 2014 06:24 PM

රට විනාශ මුඛයට ගෙනියන කාලය වැඩි ඈතක නැත. අපි ලෝකයට පොලිය විතරක් කෝටි 97000 ගෙවනවා.(නදී)

:       0       0

මනුස Sunday, 02 March 2014 06:34 PM

මෙවන් ආකාරයෙන් නය අරගෙන ජනතාව මත බදු බර පැටවීම රජයේ වගකීමක්. නය ගෙවීම අපගේ වගකීමක්. ඕකට තමයි කියන්නේ ඉල්ලන් කෑම කියලා.(නදී)

:       0       0

සේන Monday, 17 February 2014 04:59 PM

මම හිතන්නේ මේක නායක් තවත් කොච්චර නම් නය ගෙවන්නද? (අ)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 19 February 2014 11:50 AM

ලෝක ආධාර ගැනීම විනෝදාංශයක් වෙලා. ජනගහනයෙන් බාගයකට වඩා වැඩියෙන් මැති ඇමති වරු ඉන්නවා? ඔය සල්ලි අනිවාර්යෙන්ම ඒ අයගේ සුඛ විහරණය සදහම තමයි.(නදී)

:       0       0

පෙරේරා Tuesday, 04 March 2014 11:24 AM

මොන පම්පෝරි කතා කිව්වත් හිඟා කන බව තමයි පෙනෙන්නේ. (අ)

:       0       0

ආකාෂ් Wednesday, 05 March 2014 11:33 AM

ලංකාවේ නිදහසේ ජිවත් උන අපිට යන එන මන් නැති කරන්නයි හදන්නේ. (නදී)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Saturday, 05 April 2014 09:17 AM

ආධාර කියන්නේ නය නොවෙයිනේ? අපිත් ඔය දුප්පත් අසරණ පුද්ගලයින්ට, පන්සල්, වෙහෙර විහාර හදන්න ආධාර කරන්නේ. ආධාර නම් කොච්චර ඉල්ලුවත් මොකද? නයට ඉල්ලුව නම් තමයි වැරදි. (දී)

:       0       0

සීල Saturday, 29 March 2014 04:51 AM

ලොකු ලොකු අයට ලැම්බෝගිනි ,අපිට බඩගිනි. (නි)

:       0       0

සත්‍ය්‍යා Thursday, 20 February 2014 06:51 AM

යන යකා කොරහ බිඳගෙන යනවා කියල කියමනක් තියෙනවා. මනුෂ්‍ය ආත්මයෙන් චුතවෙලා ප්‍රේත ආත්මයකට මාරුවෙන්න යන මොහොතේ අන්තිම විස්කි අඩියත් ගහල මැරෙන්න හදන තුන් ලොවම අහිමි වූ මිනිසෙක් වගේ ආණ්ඩුවත් වැටෙන්න කලින් උපරිම සොමියක් විඳින්න හදනවා. (අ)

:       0       0

සුදම් Tuesday, 25 February 2014 06:51 AM

ශ්‍රී ලාංකිකයා නිදහසේ ඉපදී මැරෙනතුරු ණය සහ බදු ගෙවයි මැරුණු පසු මරණ සහතිකයටත් රජයට ගෙවයි. බුදුන් වැඩු රටකට ගිය කලක් (අ)

:       0       0

ප්‍රදීපා Wednesday, 19 February 2014 01:00 PM

ණය අරගෙන අරගෙන පරම්පරා හතකට හම්බ කරගනියි, ඒත් අපේ ඉදිරි පරම්පරා හතකටවත් මේ ණය ගෙවලා ඉවර කරන්න බැරි වෙයි. (අ)

:       0       0

සමන් Friday, 21 February 2014 05:05 AM

නය අරගෙන අපි ගෙවනවා . රජ පුත්තු රේස් පදිනවා කෝටි ගණන් වටිනා වාහන වලින්. අනේ කලේ වනේ වාසේ කියල කිව්වේ කට කහනවටද ?? (අ)

:       0       0

විපුල Friday, 07 March 2014 09:21 AM

පුරෝහිත ප්‍රීතියි, ප්‍රීතියි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 81 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 143 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 108 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site