IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නැතුවම බැරි කෙනකු වන්න

ප්‍රධාන විධායක නිලධාරීන් හා නායකයන් අනාගතය කෙරේ අවධානයෙන් ඒ දෙස නෙත් යොමන විට, මඳක් නැවතී අතීතය ගැන කල්පනා කර බලන ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු. අතීතයෙන් ඔවුන් උගත් මහඟු පාඩම් අපටද කියා දෙන ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.

අපේ ජීවිත හා වෘත්තීය දිවිය ප්‍රගතිය කරා ඇදී යද්දී, අප දන්නා දේට වැඩිමනක් තවත් දේ අනාගතයෙන් අපි නිරන්තරයෙන්ම උගනිමු. එහෙත් අපේ තරුණ පරපුරත්, උන්නතිකාමී නායකයනුත්, අන්තර් ඥාණයෙන් කුමක් ග්‍රහණය කරගෙන මෙතැන් පටන්, වඩා ධනාත්මක, වඩා ඵලද‌ායී, වඩා බලගැන්වුණු ජීවිතයකට අවතීර්ණය වෙමින් ක්‍රියා කරත්ද?

මහජන බැංකුවේ සභාපතිවරයා වන සුජීව රාජපක්ෂගෙන්, මිෂෙල් නුගවෙල අසා සිටින්නේ, නැවත තම අතීතයට ගොස් විපරම් කොට, තරුණවියේ තමන්ටම දියහැකි උපදේශය කුමක්ද? කියාය.

තරුණ උදවියටත්, දියුණුව අපේක්ෂා කරන නායකයන්ටත් මා දෙන උපදේශය මෙයයි. නැතුවම බැරි කෙනකු වන්න.

මගේ වගකීම කුමක්ද? මා කළ යුත්තේ කුමක්ද? මා වැඩකරන තැනට අද‌ාළ සාමූහික අරමුණ කරා මට ළඟාවිය හැක්කේ කෙසේද? යන්න ඔබ ඔබෙන් අසාගත යුතුයි. ප්‍රමාණාත්මක සහ ගුණත්මක ඉලක්ක සකස්කරගෙන ඒ කරා ළඟාවන්නට තමා මෙහෙයවා ගන්න, එවිට සංවිධානයේ යහපත තකා ඔබ ඉටු කරන කාර්යයට ජනයා ගරු කරන්නට පෙළඹෙනු ඇත.

නැතුවම බැරි කෙනකු වන්න යයි කීමෙන් අදහස් වන්නේ ඔබ කාර්ය පිළිවෙළ අවහිර කරන්නකු බවට පත්වීම යන්න නොවේ. එසේ වුවහොත් සිදුවන්නේ අනෙක් අයටත් ඔවුන්ගේ වැඩ ටික කරගන්නට නොහැකි වීමයි. සංවිධානයක් ලෙස වැඩකරනවාට වඩා ඔබ තනිවම වැඩ කරනවා යන්නද එයින් අදහස් වන්නේ නැත. එසේ කළහොත් ඔබ යායුතු දිසාව හෝ දුර නොදකින අයකු වනු ඇත. ඔබ නිතරම, තම සංවිධානයේ දැක්ම හඹායන එහි අරමුණ කරා යන්නට ද‌ායක වන්නකු විය යුතුය. ඔබ ඉටුකළ යුතු ප්‍රධානම කාර්යභාරය එයයි.

අද මා ඉටුකරන කාර්යභාරයත්, අතීතයේ මා ඉටුකළ කාර්යභාරයත් එවැන්නකි. පාසලේදී වේවා, කාර්ය දිවි පෙවෙතේදී වේවා, මා නැතුවම බැරි කෙනකු බවට පත් වූ බව ආපසු හැරී බැලූ විට මට පෙනේ. ඕනෑම දේකටත්, හැම දේටමත් එය ඉටුකරගන්නට, මිනිසුන්ට මා සොයා ගන්නට සිදුවන තරමට මම කටයුතු කළෙමි.

මා පැමිණියේ මාතර කෘෂිකාර්මික පවුලකිනි. මගේ පියා සුළු ව්‍යාපාර කිහිපයක් හිමිව සිටි ගොවියෙක් වූයේය. මගේ දෙමාපියන් යම් දැක්මක් ඇතිව කටයුතු කළ බව මා සිතන්නේ, තමන්ට අධ්‍යාපනය අඩු වුවත් දරුවන්ට අධ්‍යාපනය හොඳින්ම ලබාදීමේ වැදගත් කම ඔවුන් අවබෝධ කරගෙන සිටි නිසාය. ඔවුන්ගේ ඉදිරි දැක්මට පින්සිදු වන්නට, මගේ සහෝදරයාත් මාත් අධ්‍යාපනය ලැබුවේ රිච්මන්ඩ් විද්‍යාලයේය. මගේ අනෙක් සහෝදරයන් ඉගෙන ගත්තේ ආනන්දයේ සහ මාතර රාහුල විද්‍යාලයේය. මගේ සොයුරිය ඉගෙන ගත්තේ ගාල්ලේ සංඝමිත්තා බාලිකාවේය.

රිච්මන්ඩ් විද්‍යාලය ප්‍රභූ පවුල්වල ආධිපත්‍යයට නතුව තිබූ කාලයක මා පැමිණි පසුබිම නිසා යම් යම් නිපුණතාවල අඩුපාඩුවක් මට තිබුණු බව ඉක්මනින්ම දැනෙන්නට ගත්තේය. එහෙත් මම ඉවසා සිටියෙමි. ඒ අතර තුර මා පන්ති නායකයා බවට පත් කළ වේලේ මගේ විභවතාව මම වටහා ගත්තෙමි. මගේ ගමනේ නිහතමානී ආරම්භය වූයේ එයයි.

මා 1983 කොළඹට පැමිණි අවස්ථාවේ එහි සංස්කෘතිය, ගාල්ල සහ මාතර ප්‍රදේශවලට වඩා බෙහෙවින් වෙනස් වග මට අවබෝධ විය. මා විගණන කටයුතු පුහුණු වන්නකු ලෙස කටයුතු කළ ආයතනයේ, එංගලන්තයේ සහ වේල්සයේ සුදුසුකම් ලැබූ වරලත් ගණකාධිකාරීහු කටයුතු කළහ. ඔවුන් කතා බහ කළේ ඉංග්‍රීසියෙන් පමණකි. මගේ ඉංග්‍රීසි හැකියාව වර්ධනය කර ගැනීම සඳහා මම ඇක්වයිනාස් කොලීජියේ අසීරු පාඨමාලාවක් හැදැරීමි. මගේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ එයයි. ඉන්පසු මගේ ජීවිතය පහසුවෙන් ගතවිය. දැන් මගේ ඉංග්‍රීසි වාග් ශක්තිය ප්‍රබලය.

කෙසේ වුවද තවත් බොහෝ අභියෝග මා ඉදිරියේ තිබිණි. ඒ කාලයේ කොළඹ ආයතනවල ආධිපත්‍ය පවත්වාගෙන ගිය ඉහළ පැලැන්තිය උසස්වීම් පිරිනැමුවේත්, ඉහළින් අගය කළේත් ඒ අයම පමණකි. ඒ වන විට මා හට උසස්වීම් පිරිනැමීම ගැන ඔවුන් කිසිවිටක සලකා බැලුවේ නැත. ඔවුන් මට හරි හැටි නොසැලකූ නරක උදවිය බව මම නොකියමි. එහෙත් ඔවුන් එක් එක් ජනයාට සැලකුවේ වෙනස් වෙනස් ආකාරයටයි. තනිකර වෙනස් පසුබිමකින් පැමිණි මා වැන්නකුට උසස්වීම යන්න සිහිනයක්ම වූයේය.

මා ඉදිරියේ පෙනෙන්නට තිබුණු ලොකුම අභියෝගය මගේ සෘණාත්මක මානසිකත්වය බිඳගැනීමේ අභියෝගයයි. මට සිතුණු දේ පිළිබඳව මා තුළ තිබුණේ තැතිගැන්මකි. නැතහොත් චකිතයකි. මගේ පවුල් පසුබිම ගැන සිතා නිතරම මම පසුබසින්නට වූයෙමි. එහෙත් ඒ සියල්ලම මා තුළ වූ මානසිකත්වය නිසා හටගත් දේ වග මම වටහාගතිමි. මට සාමාන්‍ය පුද්ගලයකුට වඩා විශේෂඥයකු වීමට අවශ්‍ය නම්, නායකයකු වීම උදෙසා ඉනිමග නැග ගන්නට අවශ්‍යනම්, මා තුළවූ සෘණ මානසිකත්වය බිඳගත යුතුව තිබුණි.

මගේ බාල පරම්පරාවට මා දෙන උපදේශය නම්, ඔබට ඉනිමගේ ඉහළටම නැග නායකයකු වීමට අවශ්‍යනම් ඔබේ සෘණ මානසිකත්වය බිඳ හරින්න. ඔබේ දක්ෂතාවල හරය කෙරෙහි අවධානය යොමු කොට මුළු වෙර යොද‌ා ඉදිරියට ඇදෙන්න. ඒ අතර තුර තමාගේ දුර්වලතා ඔබ පාලනය කරගත යුතුය.

ඉතින් ප්‍රායෝගික වශයෙන් සංවර්ධනය කෙරේ මට ද‌ායක විය හැක්කේ කෙසේද යන්න ගැන මම මගෙන්ම අසා ගතිමි. තිරසාරව ගොඩනැගෙන්නට මම අධිෂ්ඨාන කර ගත්තෙමි. අපේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකරුවන් කරන දෑ නිරීක්ෂණය කොට, ඒවා අධ්‍යයනය කරමින් මම ඉගෙනගත්තෙමි. මම නැතුවම බැරි මිනිසකු වූයෙමි.

මට අවශ්‍ය නායකත්ව නිපුණතා මොනවාදැයි සිතා බලන්නටද මම පටන්ගතිමි. එම නිපුණතා වලින් මා සන්නද්ධ විය යුතු වූයේය.
මා සිටි ආයතනයේ නායකයෝ පොත් ගුල්ලෝ වූවෝය. මේස ළඟ සැප පහසුවට හිඳගෙන සිටි ඔවුහු සේවාද‌ායකයන් තමන් වෙත පැමිණෙන තෙක් බලා සිටියහ. තමන්ගේ හෝ ආයතනයේ හොඳ නම දිනාගැනීමට ඔවුහු ක්‍රියා නොකළෝය. අන් අයට අත්කර ගැනීමට අසීරු නිපුණතාවලින් හෙබි ඔවුහු මහන්සිවී වැඩ කළහ. එහෙත් ඔවුහු දක්ෂ බුද්ධිමත් වැඩකරුවෝ නොවූවෝය.

එහෙත්, ඔබට නැතුවම බැරි අයකු වන්නට අවශ්‍ය නම් බුද්ධිමත් දක්ෂ නායකයකු වන්නට අවශ්‍ය නම්, ඔබේ පුද්ගල නිපුණතා ඔබ වර්ධනය කර ගත යුතවේ. එහිදී, ඔබේ කාලය කළමනාකරණය කර ගන්නට, ඔබේ ඇඳුම, ඔබේ භාවාත්මක බුද්ධිය, ඔබ කතා කරන ආකාරය, ඔබේ ශරීර හැසිරීම් විලාසය, අනෙකාගේ නෙත් දෙස බලන බැල්ම, කණ්ඩායම් සමග වැඩකිරීමට ඔබට ඇති හැකියාව, ගැටලු නිරාකරණය කර ගන්නට ඇති හැකියාව, පූර්ණ නිගමනයකින් තොරව කන් දෙන්නට ඇති හැකියාව සහ අනෙකුත් සුබැසුම් නිපුණතා සියල්ල ආදීය ඔබ වර්ධනය කර ගත යුතුය.

මගේ ඊළඟ අභියෝගය වූයේ වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ කවුන්සලයේ නිලවරණයට තරඟ කිරීමයි. ඒ වන විට මා එහි හවුල්කරුවකුව සිටියේ නැත. ඒ ගැන මම ජ්‍යෙෂ්ඨ සහකරුවන්ට දැනුම් දුන් විට ඔවුන් මට කීවේ එය මොන මෝඩකමක්ද? කියාය. ළමයා තව ටිකක් වැඩ කරලා තව අවුරුදු දෙකකින් විතර ඒ ගැන හිතල බලන්න. ඔවුහු තවදුරටත් මට කීහ. මම මෙසේ පිළිතුරු දුනිමි. නෑ සර්, මට ඔබේ ආශීර්වාදය ඕන නෑ. මට ඕන තරඟ කරන්නයි. ඒ ගැන ඔබට දැනුම් දෙන්නට පමණයි මට අවශ්‍ය.

මා නිලවරණය ජයගත් විට මා ප්‍රායෝගිකව කටයුතු ඉදිරියට ගෙන යා හැකි පුද්ගලයකු බව ඔවුහු තේරුම් ගත්හ.

බාල පරපුරට මා දෙන උපදේශය, ඔබේ දැක්ම අනෙක් අයගේ කීම මත වෙනස් කරනු එපා. තමාගේ දැක්ම උදෙසා ඔබ වැඩකරන විට ඔබ බොහෝ දේ සම්බන්ධයෙන් එකඟතා ඇති කරගත යුතුය. එහෙත් ඔබේ දැක්ම වෙනස් කරගන්නට එකඟ වෙන්නට එපා.

එතැන් සිට වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපතිවරයා බවට පත්වන්නට මම 10 අවුරුදු සැලැස්මක් සකසා දියත් කළෙමි. මාතර සිට පැමිණි අයකුට ඊනියා ඉහළ පැලැන්තිය යයි කියනා පැලැන්තිය සමග එක්වී කටයුතු කිරීම පහසු දෙයක් නොවීය. එහෙත් මම හිත හද‌ාගෙන එම අසීරුව ජයගතිමි. මට දැක්මක් තිබිණි. මම එය කිසිවකු ඉදිරියේ පාවා නොදුන්නෙමි. මා මහජන බැංකුව හැර යන්නේ එහි මහත් ධනස්කන්ධයක් ඉතිරි කොට එය අද්විතීය ස්ථානයක තබමිනි. මම එය තහවුරු කොට කියමි.

දියුණුව අපේක්ෂා කරන නායකයන්ටත්, මගේ බාල පරම්පරාවටත් මා දෙන උපදේශය අවධානය යොමුකරනු, නැවත නැවතත් නැතුව බැරි මිනිසකු වනු, ඒ සඳහා ඔබ අවධානය යොමු කළ යුතුය. ඉන් පසු රිසිසේ ජීවත් වනු.


2020 සැප්. 08  Daily FT පුවත්පතේ පළවූ ලිපියේ
(*** පරිවර්තනය  - සමන් පුෂ්ප ලියනගේ)

 



අදහස් (1)

නැතුවම බැරි කෙනකු වන්න

Gayathri Silva Tuesday, 22 September 2020 08:20 AM

වඩා හොඳ පාඩමක්. අපිට ඕනේ මේ වගේ ආටිකල් තමයි. නැතුව ගොසිප් නොවේ. ඒ නිසා කරුණාකරලා මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න.

:       0       10

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 38 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 115 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 80 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site