IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


MyDoctor වෙතින් 1390 ක්ෂණික ඇමතුම් අංකය හරහා සියලුම ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ වෛද්‍ය උපදෙස්

 

සියලුම ශ්‍රී ලාංකිකයන්ට MyDoctor වෙතින් 1390 ක්ෂණික ඇමතුම් අංකය හරහා නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාගැනීමේ අවස්ථාව දැන් හිමිව තිබේ. සුදුසුකම්ලත් වෛද්‍යවරුන් (ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි) විසින් මෙම උපදෙස් ලබාදෙන අතර ඕනෑම පුරවැසියෙකුට කොරෝනා වෛරසය හෝ තමන්ට ඇති රෝග ලක්ෂණ පිළිබඳව සැකයක් ඇත්නම්, 1390 ක්ෂණික අංකය අමතා වෛද්‍යවරයෙකු හා සම්බන්ධ වී තමන්ට ඇති සැකය දුරුකරගැනීමේ හැකියාව පවතී. පුද්ගලයාට ඇති අවදානමේ ස්වරූපය මත පදනම්ව වෛද්‍යවරු ඔවුන් සමඟ සම්බන්ධවන අතර, මෙහිදී වැඩි අවදානමක් සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් නිසි පියවරගැනීම සඳහා අදාළ වෛද්‍යවරයා විසින් නියමිත දිස්ත්‍රික් රෝහලේ වසංගත රෝග අංශය දැනුවත් කරනු ලබයි. 

මහජනතාවට රෝහලක් හෝ වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත නොයා 1390 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් "සුවසැරිය" සේවාව හරහා තම නිවසටම ගිලන් රථයක් ගෙන්වාගත හැකිවීම මෙම සේවාවේ විශේෂත්වයකි. ඩයලොග්, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ Wavenet සමාගම එක්ව ක්‍රියාවට නංවා ඇති මෙම ජාතික මට්ටමේ සේවාව ඕනෑම ජාලයක් ඔස්සේ ලබාගනීමේ හැකියාව ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළ පරිදි යම් පුද්ගලයෙකුට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හෝ උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ ඇත්නම් රෝහලකට යාමට ප්‍රථමයෙන් 1390 අමතා රෝග ලක්ෂණ පරීක්ෂා කරවාගැනීමෙන් පසු රෝගියා රෝහල්ගත විය යුතුද, කුමන රෝහලට ඇතුළත් විය යුතුද, රෝහල්ගත විය යුත්තේ කෙසේද, යනාදී සියලු තොරතුරු  මෙමගින් ලබාගත හැකියි. තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් එකවරම රෝහල් වෙත ඇතුළත්වීමෙන් එම රෝගය අනෙක් අයට බෝවීමේ අවදානම අවම කිරීමටද මෙය පිටිවහලක් වන බවයි.

වර්තමානයේ පවතින තත්ත්වය හමුවේ MyDoctor මොබයිල් ඇප් එක හරහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ  නොමිලේ වෛද්‍ය උපදෙස් සැලසීමට MyDoctor සේවාව පියවර ගෙන තිබේ. MyDoctor මොබයිල් ඇප් එක සඳහා වීඩියෝ ඇමතුම් කිසිඳු ඩේටා ගාස්තුවකින් තොරව ලබාදීමටද ඩයලොග් ආයතනය දැනටමත් කටයුතු කරමින් සිටියි. පවතින තත්ත්වය හමුවේ රෝගීන් පරීක්ෂා කිරීම සඳහා වඩාත් කාර්යක්ෂම ක්‍රමය මෙය වන අතර,  රෝගීන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් කිරීම සඳහා එය වෛද්‍යවරුන්ටද පහසුවකි.

 මේ දිනවල තම නිවසට ඖෂධ ගෙන්වාගැනීමට නොහැකිවීමෙන් බොහෝ දෙනෙකු අපහසුතාවයට පත්ව    තිබේ. MyDoctor මොබයිල් ඇප් එක හරහා බස්නාහිර පළාතේ කොළඹ, කළුතර, ගම්පහ සහ මීගමුව ආවරණය වන පරිදි විශේෂ ඖෂධ බෙදාහැරීමේ සේවාවක් ක්‍රියාවට නංවා ඇත. කිසියම් කෙනෙකුට ඖෂධ අවශ්‍ය නම් අදාළ එකී ඖෂධ වට්ටෝරුවේ ඡායාරූපයක් ලබාගෙන ඇප් එක හරහා එය ළඟම ඇති ඖෂධහල වෙත යොමුකළ හැකියි. මෙමගින් බස්නාහිර පළාතේ ඕනෑම ප්‍රදේශයකට පැය 48ක් තුළ අදාළ ඖෂධ බෙදාහැරීමට පියවර ගැනේ. කිසියම් කෙනෙකුට ඖෂධ මිලදීගැනීම සඳහා වලංගු ඖෂධ වට්ටෝරුවක් නොමැතිනම්, ඔහුට හෝ ඇයට ඇප් එක හරහා නොමිලේ වෛද්‍යවරයෙකු හා සම්බන්ධවිය හැකියි. එහිදී වෛද්‍යවරයා  සෘජුවම අදාළ පුද්ගලයාගේ ඇප් එකට ඖෂධ වට්ටෝරුව යොමු කරනු ලබයි. 

සෞඛ්‍ය සේවා නොමිලේ ලබාගැනීමට පහසුකම් සලසමින් ඩයලොග් රටම බලගැන්වූවා සේ ඒ හා සමානවම Guru.lk වැනි වෙබ් අඩවි වෙත නොමිලේ පිවිසීමට ඉඩ ලබාදෙමින් අධ්‍යාපනයෙන් ද ජාතියේ දූ දරුවන් බලගැන්වීමට පියවර ගෙන තිබේ.



අදහස් (1)

MyDoctor වෙතින් 1390 ක්ෂණික ඇමතුම් අංකය හරහා සියලුම ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ වෛද්‍ය උපදෙස්

Niroshan kotalawala Wednesday, 15 April 2020 05:02 AM

ඉතාම හොඳ වැඩක්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 958 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1022 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 406 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site