Lankan Government Cloud කළමනාකරණය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියට සේවාවන් සැපයීම සම්බන්ධයෙන් මෑතකදී පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා SLT-MOBITEL හි විශේෂ අවධානයට යොමු වී තිබේ.
මෙම මාධ්‍ය වාර්තා වලට අනුව, ඖෂධ සැකසීම සම්බන්ධ ඇතැම් තොරතුරු සහ ඊට අදාළ වෙනත් ලියකියවිලි පසුගිය මාසයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවෙන් මැකී ගොස් ඇති අතර, ඒ සම්බන්ධ දත්ත උපස්ථ (Backup) කර නොමැත.
2018 වසරේදී ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ ලියාපදිංචි කිරීම සහ ලියාපදිංචිය අලුත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් භාරගැනීම ආරම්භ කළ බවත්, මේ සම්බන්ධ දත්ත, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධීක්ෂණය යටතේ, ශ්‍රී ලංකා ටෙලිකොම් හි පවත්වාගෙන යනු ලබන Lankan Government Cloud (LGC) හි ගබඩා කිරීමට කටයුතු කරන ලද බවත් එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටී.
කෙසේ නමුත් ‘Lanka Government Cloud’ සඳහා තමන් Hosting සේවාවන් ලබා නොදෙන බව SLT-MOBITEL අවධාරණය කරයි.
එමෙන්ම එබඳු සේවාවන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ලබා දී නොමැති බවත්, එම අධිකාරියේ දත්ත SLT දත්ත මධ්‍යස්ථානයේ ගබඩා කර නොමැති බවත් SLT-MOBITEL වැඩිදුරටත් කියා සිටී.
ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය ලෙස, පාරිභෝගිකයන් තමන් කෙරෙහි රඳවා ඇති විශ්වාසය පලුදු වන ආකාරයේ කිසිදු ක්‍රියාවක නිරත නොවන බවත්, තම මෙහෙයුම් වල සෑම අවස්ථාවකදීම විනිවිද භාවය සහ වගකීම්සහගත භාවය ආරක්ෂා කරන බවත් SLT-MOBITEL යළි යළිත් අවධාරණය කරයි.
2025 දෙසැම්බර් මස 04
96
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
359
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
372
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
Lankan Government Cloud කළමනාකරණය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියට සේවාවන් සැපයීමට අදාළ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් SLT-MOBITEL කරුණු පැහැදිලි කරයි