IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


HNB ඇෂුවරන්ස්, ශ්‍රී ලංකා බිහිරි ක්‍රිකට් කණ්ඩායම සඳහා අනුග්‍රහය දක්වයි.

(වමේ සිට දකුණට)  HNBA හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ප්‍රසන්ත ප්‍රනාන්දු, HNBA හි සහ එහි පූර්ණ අනුබද්ධිත HNBGI හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරච්චි, HNBA හි අලෙවිකරණ අංශ ප්‍රධානී දිනේෂ් යෝගරත්නම් , HNBGI හි ප්‍රධාන තාක්ෂණික නිලධාරි, සිතුමිණ ජයසුන්දර, HNBA  හි නියෝජ්‍ය මෙහෙයුම් නිලධාරි ලසිත විමලරත්න හා ශ්‍රී ලංකා බිහිරි ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්. 

HNB ඇෂුවරන්ස් PLC (HNBA) 3 වන වරටත් ශ්‍රී ලංකා බිහිරි ක්‍රිකට් කණ්ඩායම සඳහා සාඩම්බරයෙන් තම අනුග්‍රහය දැක්වීය. මෙවර ශ්‍රී ලංකා බිහිරි ක්‍රිකට් කණ්ඩායම, ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන බිහිරි ක්‍රිකට් තරගාවලිය සඳහා පිටත් වුණි. 2018 දී ශ්‍රී ලංකා බිහිරි ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ පැවැත්වූ ආරම්භක බිහිරි ක්‍රිකට් විස්සයි 20 ලෝක කුසලානයේ ශූරයන් බවට පත් වූ අතර 2012 දී පැවති 2 වන ආසියානු බිහිරි ක්‍රිකට් කුසලාන තරගාවලියේ අනුශූරයන් බවට ද පත් විය.  පසුගිය කාල වකවානුව තුළ බොහෝ ජයග්‍රහණ අත්පත් කර ගෙන ඇති මෙම කණ්ඩායම, රටේ විවිධ ප්‍රදේශවලින් පුහුණු සාමාජිකයින්ගෙන් සමන්විත වන අතර, HNBA විසින් අනුග්‍රහය කරනු ලබන්නේ, කැපී පෙනෙන දක්ෂතා ඇති පුද්ගලයන් හට අත හිත දීමේ තම සමාජ මෙහෙවරේ වැදගත් අංගයක් ලෙසයි.  

සිය අදහස් හුවමාරු කර ගනිමින්, HNBA හි සහ එහි පූර්ණ අනුබද්ධිත HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් හි (HNBGI ) කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරච්චි මහතා පැවසුවේ, "අප දේශයට කීර්තිය ගෙන ඒමට ඇප කැප වූ වෙහෙස නො බලා කටයුතු කරන්නා වූ මෙම ශක්තිමත් කණ්ඩායම සඳහා අත දීමට අපි බෙහෙවින් සතුටු වන්නෙමු.  මෙහි සෑම සාමාජිකයෙක් ම පෙන්නුම කරන්නා වූ හැකියාවන් සහ කැපවීම සැබවින්ම මුළු සමාජයට ම කැපී පෙනෙන ආදර්ශයකි. ව්‍යාපාරයක් ලෙස අපගේ පරමාර්ථය වන්නේ අපගේ සමාජය රැක බලා ගැනීමටත් අවැසි ආරක්ෂාව සලසා දීමටත් වේ. එබැවින් සියලු දෙනා සඳහා සම අවස්ථා සලසමින්, ඔවුන්ගේ සිහින යථාර්ථයක් බවට පත්කර ගැනීමට අප නිබඳ ව සහය දක්වමු. වසර ගණනාවක් පුරා, මෙම කණ්ඩායම ජාතික හා ජාත්‍යන්තර තරගාවලි ජයග්‍රහණය කරමින් අතිශයින් ම දක්ෂතා දැක්වූ අතර ඉදිරි තරගාවලියන්ටත්, ඉන් ඉදිරියටත් ඔවුන්ට ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරමි". 

HNBA හි අලෙවිකරණ අංශ ප්‍රධානී දිනේෂ් යෝගරත්නම් මහතා පැවසුවේ, “අපගේ සමාජ මෙහෙවර ක්‍රියාකාරකම් සෞඛ්‍ය හා යහපැවැත්ම, පිරිසිදු පානීය ජලය සැපයීම, අධ්‍යාපනය, කලා හා සංස්කෘතිය, පරිසරය හා ක්‍රීඩාව වැනි ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරයි. මේ යටතේ සමාගම බිහිරි ක්‍රිකට් සංගමය හා හවුල් වී ඇති අතර, මෙම හවුල්කාරිත්වයේ තුන්වන වසර මෙයයි. මේ අවස්ථාවේ දී  ආබාධිත ක්‍රීඩා ක්ෂේත්‍රය නංවාලීමට අත හිත දැක්වීමට සමාගම තීරණය කරන ලදී. විස්සයි 20 බිහිරි ක්‍රිකට් ලෝක කුසලානය මෙරටට ගෙන ඒමට සමත් වූ මෙම තරුණ කණ්ඩායමේ ශක්තිය හා ජවය දැකීම ඇත්තෙන්ම සතුටට කරුණකි. මෙම තරගාවලිය සෑම අතකින් ම සාර්ථකත්වය උදාකර දීම අපගේ ප්‍රාර්ථනයයි". 

මෙම හවුල්කාරිත්වය පිළිබඳ ව අදහස් දක්වමින් ශ්‍රී ලංකා බිහිරි ක්‍රිකට් සංගමයේ ජාතික සංවිධායක ඉන්ද්‍රානි ආරියරත්න මහත්මිය සිය අදහස් ප්‍රකාශ කරමින් පැවසුවේ, "HNBA  සමාගම වසර 3ක් පුරා දක්වා ඇති අනුග්‍රාහකත්වය, ලෝක කුසලානයේ ශූරයන් වීමට මෙම කණ්ඩායම සඳහා දැවැන්ත සවියක් සහ දිරියක් වී ඇත. කණ්ඩායම වෙනුවෙන්, මේ මොහොතේ මම ඔවුන්ගේ උදාර සහයෝගය වෙනුවෙන් සමාගමට හෘදයාංගම කෘතඥතාව පළ කරමි. 2020 දී එළඹෙන ලෝක තරගාවලි සඳහා ද අප සමඟ අඛණ්ඩව සිටිමින් අපට සහයෝගය සලසා අපට දිරියක් වනු ඇතැයි ද අපගේ විශ්වාසයයි."

HNB  ඇෂුවරන්ස් PLC ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන රක්ෂණ සමාගමක් වන අතර එහි ශාඛාවන් 62ක් දැනට රට පුරා පවතී. HNBA, Fitch Ratings Lanka වෙතින් කෙරෙන  "ජාතික රක්ෂණ සමාගම් හී මූල්‍ය සවිය ශ්‍රේණිගත කිරීම" අනුව A (lka) යන ශ්‍රේණිය ලබාගත් ජීවිත රක්ෂණ සමාගමක් වේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමකයා විසින් 2015 ජනවාරි මස හඳුන්වා දුන් සමාගම් වෙන් කිරීමේ නීතිය අනුව HNB General Insurance Limited සමාගම එහි මෙහෙයුම් ඇරඹුවේ ය. HNBGI යනු සාමාන්‍ය රක්ෂණ සේවාවන් වන මෝටර් රථ, මෝටර් රථ නොවන සහ ටකාෆුල් රක්ෂණ විසඳුම් සලසා දෙන HNB assurance PLC හී සම්පූර්ණ හිමිකාරිත්වය ඇති පරිපාලිතයක් වේ. HNBA, LMD විසින් නම් කරන ලද ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 100 ඇතුළතත් ශ්‍රී ලංකාවේ හොඳම වෙළඳ නාම 100 ඇතුළතත්  ඇගයුම් ලබා තිබෙන අතර ජාත්‍යන්තර තලයේ වෙළඳ නාම විශිෂ්ටත්වය, ඩිජිටල් අලෙවිකරණය, මානව කළමනාකරණ විශිෂ්ටත්වය සඳහා සම්මාන ද එහි වාර්ෂික වාර්තාවන් සඳහා ශ්‍රී ලංකා වරළත් ගණකාධිකරණ ආයතනය විසින් සහ දකුණු ආසියානු ගණකාධිකාරී වරුන්ගේ සංගමය විසින් ලබා දෙන නොයෙකුත් සම්මානත් ජය ගත් සමාගමක් වේ.



අදහස් (0)

HNB ඇෂුවරන්ස්, ශ්‍රී ලංකා බිහිරි ක්‍රිකට් කණ්ඩායම සඳහා අනුග්‍රහය දක්වයි.

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31364 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13587 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11013 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 128 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1003 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site