IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මුදල් ලබාගැනීම පහසු කිරීමට කොමර්ෂල් බැංකුව ඇඳිරි නීතිය තිබෙන ප‍්‍රදේශවල ජංගම බැංකු රථ යොදවයි

ඇඳිරි නීතිය ඉවත්කළ ප‍්‍රදේශවල කොමර්ෂල් බැංකු ශාඛා පැය 03 ක් විවෘතයි

ඇඳිරි නීතිය දමා තිබෙන ප‍්‍රදේශවල ජනතාවට තම එදිනෙදා වියදම් සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම පහසුකරමින් කොමර්ෂල් බැංකුව සිය ජංගම ්ඔඵ ඒකක සහිත රථ එම ප‍්‍රදේශ වෙත පිටත්කර යවන බව නිවේදනය කර තිබේ.

මෙම ජංගම සේවාව ක‍්‍රියාත්මක වන ප‍්‍රදේශ සහ වේලාවන් එම දිනයේදී බැංකුවේ වෙබ් අඩවිය, ත්‍්ජැඉදදන පිටුව සහ ෂබිඒටර්ප පිටුව මාර්ගයෙන් ගනුදෙනු කරුවන්ට දැනුම් දෙන බව බැංකුව සඳහන් කරයි.

කොමර්ෂල් බැංකුවේ ‘ඊ්බන-දබ-උයැැකි’ ඒකක මගින් ඉතාමත් පහසුවෙන් ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර කාඞ්පත් සහ පාස්පොත මගින් මුදල් ආපසු ලබාගත හැකි අතර බැංකු කවුළුවකින් කරන මූලික බැංකු ගනුදෙනුද කළ හැකිවේ.

මීට අමතරව, බැංකුව සඳහන් කරන්නේ ඇඳිරි නීතිය ඉවත් කර තිබෙන ප‍්‍රදේශවල පිහිටි කොමර්ෂල් බැංකු ශාඛා උදෑසන 9.00 සිට දහවල් 12.00 දක්වා පැය තුනක කාලයක් අත්‍යවශ්‍ය ගනුදෙනු සඳහා විවෘතව තැබෙන බවයි.

මේ සමගම ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප‍්‍රදේශවල ගිනුම්හිමියන්ගේ හදිසි අවශ්‍යතාවයන් සඳහා කොමර්ෂල් බැංකුවේ ශාඛා කිහිපයක් විවෘතව තබා ඇත.

එසේම, කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය භාවිතා කිරීම සහ ෆ්ලෑෂ් ඩිජිටල් ගිණුම් විවෘත කිරීම මේ වනවිට බැංකුව විසින් වඩාත් පහසුකර තිබේ. මේ අනුව, බැංකු ශාඛාවක් වෙත පැමිණ මෙම පහසුකම්වල ලියාපදංචිවීම වෙනුවට අන්තර්ජාලයෙන් මෙම පහසුකම්වල ලියාපදිංචි වීමට අවස්ථාව බැංකුව මේ වනවිට ලබාදී ඇත.

මෙහිදී, ගනුදෙනුකරුවන්ට බැංකුවේ වෙබ් අඩවියෙන් අන්තර්ජාල බැංකුකරණ අයදුම ඩවුන්ලෝඞ් කරගත හැකි අතර සම්පූර්ණ කරන ලද අයදුම් පත‍්‍රය ගිණුම් හිමියාගේ ජාතික හැඳුනුම්පතේ පැති දෙකේම සේයාරූ සමග ලබාදී තිබෙන ඊ-මේල් ලිිපිනයට එවිය යුතුය. පසුව, බැංකුවේ කාර්ය මණ්ඩලය ගනුදෙනුකරුවා දුරකතනයෙන් අමතා මෙම පහසුකම සක‍්‍රීය කරනු ඇත.

එසේම, බැංකුවේ සුවිශේෂී ඩිජිටල් බැංකුකරණ අයදුම වන ෆ්ලෑෂ්, ඇපල් ඇප් ස්ටෝර් වෙතින් හෝ ගූගල් ප්ලේ ස්ටෝර් වෙතින් ඩවුන්ලෝඞ් කරගත හැකිය. මෙහිදී, ස්වයං ලියාපදිංචිවීම බලගන්වා තිබෙන අතර ගනුදෙනුකරුවෙකුට කොමර්ෂල් බැංකු ශාඛාවකට නොපැමිණ තමාම ලියාපදිංචිවීම මගින් විවිධ වූ මූල්‍ය ගනුදෙනු මෙමගින් සිදුකළ හැකිවේ.



අදහස් (0)

මුදල් ලබාගැනීම පහසු කිරීමට කොමර්ෂල් බැංකුව ඇඳිරි නීතිය තිබෙන ප‍්‍රදේශවල ජංගම බැංකු රථ යොදවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 75 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 937 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site