
තම සියළුම නිෂ්පාදන හා සේවා පිළිබඳ පාරිභෝගිකයන්ට විමසුම් පැය 24 පුරා ඕනෑම දිනක යොමුකිරීමට WhatsApp හරහා විශේෂ පාරිභෝගික සේවාවක්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා පීඑල්සී හඳුන්වාදෙයි. මෙම සේවාව ප‍්‍රථමයෙන් ඩයලොග් Club Vision සාමාජිකයින් සඳහා සපයනු ලබන අතර, දෙවන පියවර ලෙස සියලූම ඩයලොග් පාරිභෝගිකයින් සඳහා විවෘත කරනු ලැබේ.
නවමු තාක්ෂණය දේශයට දායාද කරමින්, පාරිභෝගික සේවාවන්හි ගුණාත්මකභාවය වැඩි දියුණු කරමින් ‘අනාගතය අදයි’ යන දැක්මෙන් යුතු තාක්ෂණික පුරෝගාමියා වන ඩයලොග් සමාගම මෙලෙස ඉදිරි පියවරක් තබනු ලබයි. මෙය පාරිභෝගිකයන්ට ගැටළු නිරාකරණය කරගැනීමට සහ සේවාවන් පිළිබඳ තොරතුරු ලබාදීමට වේගවත් මාධ්‍යයක් වනු ඇත. ඩයලොග් Club Vision පාරිභෝගිකයන්ට දැන් ඩයලොග් WhatsApp සේවාව හරහා පාරිභෝගික සේවා නියෝජිතයෙකු සමඟ සම්බන්ධ වෙමින් සබඳතා තත්ත්වය, ගිණුම් ශේෂය, පැකේජ වෙනස් කිරීම, e-Bill සේවාවන් සහ තවත් බොහෝ සේවාවන් පිළිබඳව විමසීම් කළ හැකි අතර, ඔවුන්ට ක්ෂණිකව සේවාවන් පිළිබඳව ප‍්‍රතිචාර දැක්වීමට ද මේ හරහා හැකියාව ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා විසින් පරිහරනය කරන ඩයලොග් සිම් පත හරහා ඔබ ආයතනයෙන් හදුන්වා දුන්න (කරකවා තෑගිදිනා ගන්නා වැඩසටහනේදී)මා විසින් ඔබ සේවාවෙන් අසා ඇති ප්‍රශ්න (11)ටම පිළිතුරු නිවැරදිව සැපයූ අතර එහිදී මාහට ඔබ ආයතනයෙන් දන්වා සිටියේ මා කැමති භාණ්ඩය තෝරාගන්නා ලෙසයි. ඒ අනුව මා විසින් අදාල භාණ්ඩය තෝරාගත් අතර ඔබ ආයතනයට ඇමතීමට දැන් දුරකතන අංකය භාවිතා කලපසු මා හට දැනුන් දුන් විනාඩියකට අය කරන මිල මගින් මා දැඩි ලෙස අපහසුතාවයට පත් වූ බවනම් නොකියාම බැරිය, මා ඔබ ආයතනයේ පාරිභෝගිකයෙක් වන අතර මට දිනකටලැබෙන වැටුප මෙන් දෙගුණයක් ඔබ (1)විනාඩියකට අය කරන්නේ නම් මෙම තරඟයෙන් පාරිභෝගිකයන්ට දෙවියන්ගේම පිහිටයි,,,, අවසානයේ මගේ හිතේ සටහන් උන සිහිනය බොඳවූ බවද සිහිපත් කරමි,
හොඳයි
මට මොබයිල් ඩේටා ගැන ගැටලුවක් ඇත. බේරුවල මගේ ස්ථානයේ නිසි සංඥාවක් නොමැත මම වට්ස් ඇප් භාවිතා කරන විට වීඩියෝ ඇමතුම පැහැදිලි නැත.
ඔබගේ නිව්ස් සේවාව වට්ස් ඇප් මගින් ලබා දෙන්න . 0716310635
ඔබගේ නිව්ස් සේවාව වට්ස් ඇප් මගින් ලබා දෙන්න . 0716310635
හිගුරක්ගොඩ ඩයලොග් එකට phone එකක් මිලදි ගන්න ගිය අවස්ථාවේ (2023/09/20)එහි එම සේවාව සැපයීමට සිටි නිළධාරිනිය කාර්‍ය් බහුලව සිටි බැවින් අනෙකුත් නිළදාරිනියන් දෙදෙනාගෙන් ඒ පිළිබදව විමසිමේදි ඔවුන් දෙදෙනා ලබා දුන් පිළිතුරු සහ ඔවුන්ගේ හැසිරීම ඉතාමත් අවිනිතයි... මා දැඩි කළකිරිමකට සහ අපහසුතාවයකට පත් වුනෙමි... ඒ පිළිබද hotline අමතා පැමිනිළි කළද මේ වනතෙක් ඒ සම්බන්ධවද කිසිදු විමසිමක් සිදු කළේ නැත... මේ තත්වය පිළිබද මාගේ බලවත් අප්‍රසාදය පළ කරමි...
ඩයලොග් සිම් කාඩ් එක මගේ නමට රෙජිස්ටර් කරන්න
මට ඔබ හා හැකි ඉක්මනින් සම්බන්ද වීමට අවශ්‍යයි