IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඩයලොග් ආසිආටා වෙතින් තෝරාගත් රෝහල්වල ICU සංවර්ධනය සඳහා රු. ලක්ෂ 2000 ක පරිත්‍යාගයක්

වමේ සිට දකුණට :සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා ) - වෛද්‍ය ඒ.කේ.එස්. ද අල්විස්,සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන,සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි,ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනි අමලි නානායක්කාර යන මහත්ම මහත්මීන්.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් සඳහා  කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රු. ලක්ෂ 2000ක් ලබාදීමට එකඟ වී තිබේ. අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීමට සහ සියලුම රෝගීන්ට දැඩි සත්කාර ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථා උදාකර දීම සඳහා මෙරට සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීම වෙනුවෙන් මෙම මුදල යෙදවෙනු ඇත.

වර්තමානයේ වර්ධනය වෙමින් තිබෙන තත්වය හේතුවෙන් මෙරට රෝහල්වල  දැඩි සත්කාර ඒකකවල පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාවයක් මතුව තිබෙන අතර, ඩයලොග් ආසිආටා සමාගම විසින් රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීමට, අති නවීන වෛද්‍ය උපකරණ ලබාගැනීමට සහ රෝහල්ගත වන ආසාදිතයින්ට පමණක් නොව රෝහල් ගතවන සියළුම පුද්ගලයින්ගෙන් අවශ්‍ය වන අය වෙනුවෙන් දැඩි සත්කාර පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා මෙම ප්‍රදානය සිදුකර ඇත.

මෙම සත්කාරය පිළිබඳව සෞඛ්‍ය  හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මෙසේ අදහස් දක්වන ලදී.  “මෙම ජාතික සත්කාරය සඳහා අති දැවැන්ත මුදලක් ලබාදීමට එකඟවූ ඩයලොග් ආසිආටා සමාගමට අපි අපගේ ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම රටට දැඩි අවශ්‍යතාවයක් ඇතිවූ අවස්ථාවල ඩයලොග් සමාගම අඛණ්ඩව සහයෝගය දක්වන්නෙකු ලෙස දිගු කාලයක් පුරා කටයුතු කර තිබෙන අතර සමාගම සෑමවිටම ජාතික සංවර්ධනයට මහඟු මෙහෙයක් ඉටු කරනවා.”

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, “මෙරට  කීර්තිමත් ආයතනයක් වන ඩයලොග් ආසිආටා සමාගම විසින් Covid -19 තත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන මෙම පරිත්‍යාගය සුවිශේෂී වැදගත්කමකින් යුතු වනවා. අප වෙත සිදුකරන ලද මේ ප්‍රදානය, අපගේ දැඩි සත්කාර ඒකක මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන වශයෙන් සංවර්ධනය කිරීමට පිටිවහලක් වනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි අභිවෘද්ධිය පිළිබඳවද සිතා බලමින් ඩයලොග් ආසිආටා සමාගම සිදුකළ මේ සත්කාරයට සෞඛ්‍ය අමාත්‍යතුමිය, ලේකම්තුමිය, අපගේ කාර්යමණ්ඩලය ඇතුළු අමාත්‍යාංශයේ සියලුම දෙනා වෙනුවෙන් කෘතඥතාවය පළ කර සිටිනවා.”

මේ පිළිබඳව ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි, සුපුන් වීරසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. “මේ වන විට ශ්රී ලංකා රජය කොවිඩ් 19 ගෝලීය වසංගතය මෙරටින් තුරන් කිරීම සඳහා විශාල වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ වැඩපිළිවෙලට සහාය දැක්වීමේ අරමුණින් ඩයලොග් ආසිආටා සමාගම අද දින සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ ලක්ෂ 2000 ක දැවැන්ත ගිවිසුමකට එළඹ තිබෙනවා. ශ්‍රී ලංකාවේ දැඩි සත්කාර ඒකක පද්ධතිය වැඩි දියුණු කිරීමට සහායවීම එහි අපේක්ෂාවයි. මෙවන් අවිනිශ්චිත තත්වයකදී අපට ශක්තියක් වෙමින් නිබඳව රැඳී සිටින අපගේ සියලුම පාරිභෝගිකයන්ට අපේ ස්තුතිය පුදකර සිටීමට මෙය අවස්ථාවක් කරගන්නවා. එමෙන්ම සමස්ත ශ්‍රී ලංකාවම සුරක්ෂිත කිරීම වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින රජයටත්, මේ වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙමින් කටයුතු කරන ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ සියලු නිලධාරීන්ටත්, සෞඛ්‍ය හා අනෙකුත් සියලු අත්‍යවශ්‍ය සේවා කාර්යමණ්ඩලවලටත්, ගරු අමාත්‍යතුමිය, ලේකම්තුමිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමා ඇතුළු කාර්යමණ්ඩලයටත් අපගේ ගෞරවනීය ස්තුතිය පුදකර සිටිනවා.”



අදහස් (0)

ඩයලොග් ආසිආටා වෙතින් තෝරාගත් රෝහල්වල ICU සංවර්ධනය සඳහා රු. ලක්ෂ 2000 ක පරිත්‍යාගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 718 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site