IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කොළඹ වරාය නගරයේ “ආනාගතයක දැක්ම” සිසු මුර්ති තරගයේ ජය ‘ලෝඩියා’ සහ ‘බුබුළු පවූරට’

සන්නිවේදන පවූර (Interactive Wall) කාණ්ඩයේ  ජය මොරටුව විශ්වවිද්‍යාලයේ ආර්. ජවනීසන්ගේ ‘බුබුළු පවූර’ නිර්මාණයට

වෙරළ මූර්ති (Beach Sculpture) කාණ්ඩයේ ජයතරිඳු පෙරේරා, පුලස්ති හඳුන්ගේ සහ විරංගා වඩුගේ ප්‍රමුඛ City School of Architecture  ‘ලෝඩියා’ නිර්මාණයට  

ජයග්‍රාහකයින් සඳහා රු.. 600,000/= මුදල් ප්‍රදාන

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය විසින් සංවිධානය කරනු ලැබූ ර්‍ණඅනාගතයක දැක්ම” ශිෂ්‍ය මුර්ති නිර්මාණ තරගයේ ජයග්‍රහකයින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. එම තරගය කාණ්ඩ දෙකක් යටතේ පැවති අතර,  සන්නිවේදන පවූරු (Interactive Wall) කාණ්ඩය යටතේ මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන යාපනයේ ආර්. ජවනීසන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ‘බුබුළු පවූර’ (‘Wall of Bubbles’) නිර්මාණය ජයග්‍රහණය හිමි කරගත්තේයග වෙරළ මූර්ති (Beach Sculpture) කාණ්ඩය යටතේ තරිඳු පෙරේරා, පුලස්ති හඳුන්ගේ සහ විරංගා වඩුගේ ප්‍රමුඛ City School of Architecture කණ්ඩායම විසින් ඉදිරිපත් කළ ලෝඩියා (‘Lodiya’) නිර්මාණය ජයග්‍රහණය හිමිකරගත්හ.

මෙම තරගයේ සමාප්තිය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය නොවැම්බර් මස 16 දා සවස 06 සිට සජීව විකාශයක් ලෙස කොළඹ වරාය නගර මුහුණුපොත ඔස්සේ විකාශනය කෙරුණි.

මසl කලක් පුරා නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවස්ථාව සහ පුළුල් වූ උපදේශන කාල පරිච්ඡේදයක් යටතේ පවත්වනු ලැබූ ”අනාගතයක දැක්ම” (“Envision the Future”) තරගය, ශ්‍රී ලාංකීය යොවුන්  කලා කුසලතා නිර්මාණ තුළින් කොළඹ වරාය නගරය වෙත ආකර්ෂණයක් හිමිකර ගැනීමේ අරමුණින් දියත් කරනු ලැබූ ව්‍යාපෘතියකි.

රුචි ජයනාදන්, අනෝමා විඡේවර්ධන, ශිලන්ති අභයගුණවර්ධන, ෂියා යුවාන් ගෙන් සමන්විත ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් = කණ්ඩායමක් විසින් මෙම තරගය සදහා ඉදිරිපත් කරනු ලැබූ සියලූම නිර්මාණ සැළසුම් අධීක්‍ෂණ සහ විනිශ්චය කිරීම් සිදු කළහ. මෙහිදී විනිශ්චය මණ්ඩල සාමාජිකයින් එක් එක් කාණ්ඩය යටතේ සහභාගී වූ තරඟකරුවන් අතරින් හොදම නිර්මාණ 10 තෝරාගත් අතර, එයින් ද හොදම නිර්මාණ 3 තෝරාගනු ලැබුවේ විශේෂ ශක්‍යතා කමිටුවක් මඟිනි. මෙමගින් තේරී පත්වූ නිර්මාණ 3 අවසන් වටය සඳහා ඉදිරිපත් කළ අතර ඔවුන් හට සිය නිර්මාණ සංකල්පය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා නිර්මාණ ක්‍ෂේත්‍රයේ විශේෂඥයකු වන ඉස්මයිල් අබ්ඩීන් මහතාගේ උපදේශන සහය හිමිවිය. එමෙන්ම ජූරි සභිකයන් සමඟ සති 5 ක උපදේශන සැසියක්ද ලබාදුන්හ. මෙම තරගාවලියේ අවසන් තරගය සඳහා ලෝක ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පයකු වන සෙසිල් බැල්මන්ඞ් මහතා ගෞරවනී විනිශ්චය මණ්ඩල සාමාජිකයකු ලෙස සහභාගී විය.

 

මෙම තරගය සදහා දේශීය හෝ විදේශීය පිළිගත් විශ්ව විද්‍යාලයන් හි කලා, ගෘහ නිර්මාණ ශිල්පය, සැළසුම්, ඉංජිනේරු සහ / නිර්මාණශීලීත්වය හා සම්බන්ධ ඕනෑම ශාස්ත්‍රපති උපාධියක් හදාරණු ලබන ලාංකීය සිසුන් සඳහා අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව ලබාදුන් අතර එහිදී ලොව ප්‍රමුඛතම විශ්ව විද්‍යාල නියෝජනය කරමින් අයදුම්පත් 400කට ආසන්න ප්‍රමාණයක් කොළම වරාය නගර ව්‍යාපෘතිය වෙත ලැබී තිබුණි. fමම තරඟය හා සම්බන්ධ නිර්මාණ සංකල්ප උපදේශන කාර්යය සඳහා කොළඹ වරාය නගරය ව්‍යාෘතිය Academy of Design ආයතනය දායකත්වය ලබාදුන් අතර “ARTRA” සඟරාව නිල කලාත්මක සහකරු ලෙස සම්බන්ධ විය.

කාලයේ වෙනස්වීම යන සංකල්පය පදනම් කර ගනිමින් නිර්මාණය කර ඇති ‘ලෝඩියා’ :‘ඛදාසහ්’- නිර්මාණය, වානේ සහ තඹ තහඩු ආශ්‍රයෙන් නිර්මාණය කිරීමට නියමිත අතරල එය වරාය නගරයේ වෙරළ තීරයට සුන්දර දර්ශනයක් එක් කරනු ඇති බව විශ්වාසයි. මෙම කාණ්ඩයේ අනුශූරතාවය පිළිවෙලින් Academy of Design සහ මොරටුව විශ්ව විද්‍යාලයේ රොෂෙල් ප්‍රනාන්දු සහ ලකල් පියරත්න විසින්  දිනාගනු ලැබීය.

වායු බුබුළු ආශ්‍රයෙන් නිර්මාණය කරනු ලැබූ සන්නිවේදන පවුර කාණ්ඩයේ ජයග්‍රාහී ‘බුබුළු පවූර’ (‘Wall of Bubbles’)නිර්මාණය, එහි ඇති ජල බුබුළු මඟින් ආතති ලිහිල් කිරීමටත් මුදාහැරීමටත් අවකාශය සලසයි. මෙම කාණ්ඩයේ අනුශූරයන් ලෙස මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ නෙත්මිනි ලියනගමගේ, මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ෂවේන්‍ද්‍ර ගුණතිලක , කෙන්ට් විශ්ව විද්‍යාලයේ අසාමුල් හක් අබ්දුල් හලීම් සහ ජෝන් මුවර්ස් විශ්ව විද්‍යාලය රන්ජක කල්හාර හෙට්ටිආරච්චි විසින්  දිනාගනු ලැබීය. මෙහිදී මෙම සෑම කාණ්ඩයකම ජයග්‍රහකයින්ට රු. 300ල000 බැගින් වූ මූල්‍යමය ත්‍යාග ලබා දීමට කටයුතු යොදා තිබුණි. මෙම ජයග්‍රාහී නිර්මාණ කොළඹ වරාය නගර පරිශ්‍රයේ වෙරළ කලාපයේ ඉදිරියේදි ඉදිකිරීමට නියමිතය.

 



අදහස් (0)

කොළඹ වරාය නගරයේ “ආනාගතයක දැක්ම” සිසු මුර්ති තරගයේ ජය ‘ලෝඩියා’ සහ ‘බුබුළු පවූරට’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 236 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2091 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site