තම ස්වාමියා මියගිය බව නොදැන ඔහු එනු ඇතැයි බලාපොරොත්තුවෙන්දෝ අවුරුදු 2 ක පුරාවට එක් දිනයකුදු මගනොහැර රෝහලට පැමිණ බලා සිටින බැල්ලියක ගැන සර්බියාවෙන් වාර්තා වේ.
මාෂා නම් සුරතල් නමින් හැදින්වෙන මේ ඩෑෂ්හවුන්ඞ් වර්ගයට අයත් බැල්ලියගේ ස්වාමියාව සිටියේ විශ්රාමිකයෙකි. ඔහු මීට අවුරුදු 2 කට පෙර හදිසි රෝගාබාධ තත්ත්වයක් නිසා රෝහලට ඇතුළත් කෙරී තිබෙන අතර ඔහු රෝහලේදීම මියගොස් ඇත.
මේ බව මාෂා නොදන්නීය. ඇයට කියාදීමටද රෝහලේ කාර්යමණ්ඩලයට නොහැකිය. කිහිපවරක්ම ඔවුන් ඇයට නව නිවසක් සොයාදුන්නද ඇය ඒ සෑම අවස්ථාවකම පැන විත් රෝහලටම පැමිණ ඇත්තීය.
මාෂා රෝහලේ සිටින්නේ උදය කාලයේදී පමණක් වීමද විශේෂය.ඇය රාති‍්‍රයේ තම මියගිය ස්වාමියාගේ නිවස මුර කිරීමට යන්නීය.තම රාජකාරිය නිමවා ඇය වහාම පැමිණෙන්නේ රෝහලටය.
තම ස්වාමියා පැමිණෙන තෙක් වසර 10 ක් දුම්රියපළට වී බලා සිටි ජපානයේ හචිකෝ හා මාෂා සමාන කිරීමට මාධ්‍ය කටයුතු කර තිබේ.රුසියාවේ ඇය දැන් හැදින්වෙන්නේ ‘‘රුසියාවේ හචිකෝ‘‘ ලෙසය.
රෝහල් කාර්යමණ්ඩලය ඇයට ආදරයම දක්වති. ඇය වෙනුවෙන් සයනයක් පිළියෙල කර දීමටද ඇය රෝහලට පැමිණෙන අවස්ථාවේදී කෑමට යමක් තැබීමටද ඔවුහු කටයුතු කරති.
‘‘පේනවද ඇයගේ ඇස්. ඒවා දිළිසෙනවා. සාමාන්‍යයෙන් බල්ලෙකුගේ ඇස් ඒ විදිහට දිළිසෙන්නේ නැහැ.ඇය හඩනවා.සතුන්ටත් අපට වගේම හැගීම් දැනීම් තිබෙනවා.අනාගතයේ කවුරුන් හෝ මාෂාගේ ආදරය දිනාගනීවි කියලා මගේ විශ්වාසයක් තිබෙනවා.එතකම් ඇයව අපි බලා ගන්නවා‘‘ යැයි පවසන්නේ රෝහලේ ප්‍රධාන වෛද්‍ය ව්ලැදිමිර් බෙෂ්පොලොව්ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැම සිවුපාවෙක්ම ආදරය කරන අයට පෙරලා ආදරය කරයි. (නදී)
බලුකම් කරන උදව් කල අයට හතුරුකම් කරන (නො)මිනිස් සතුන් සිටින මේ යුගයේ මේ මිනිස් ගතිගුණ ඇති මේ සතා ලබන වර මිනිස් ආත්මයක් ලබනවා.(නදී)
හොද සතෙක් (ස)
සමන්, ඔබ හරියටම හරි. (හේ)
සමන්ති බල්ලෙක් හදල තියෙනවද? දවසෙම කූඩුවක කොටු කරලා හදන හරි, දම්වැලකින් බැඳලා හරි, හදන බල්ලෙක්ගෙන් නම් සමහර විට සැර වෙන්න පුළුවන්, නමුත් 99%ක් සත්තු සමන් කිව්වා වගේ තමා. දේශපාලුවෝ වටේ ඉන්න කටු කන බල්ලෝ ගැන නම් කුමන කතා ද? (අ)
සමන්ති, සැම සිවුපාවෙක්ම ආදරය කරන අයට පෙරළා ආදරය කරනවා.බල්ලා කියන්නේ මිනිසුන්ට වඩා සියදහස් ගුණයකින් ගුණයහපත් සතෙක්. (නි)
සමන්, එතකොට බල්ලා මිනිසුන්ට,අනෙක් සතුන්ට හිරිහැර කළාට කමක් නැද්ද? (නි)
මගේ පෞද්ගලික අත්දැකීම අනුව බල්ලා කියන්නේ මිනිසුන්ට වඩා සියදහස් ගුණයකින් ගුණයහපත් සතෙක්. කන්න දුන් අත හපානොකන , එක වේලක් කන්න දුන්න කෙළෙහිගුණ තිබෙන උතුම් සතෙක්. බල්ලාගේ ආදරයට කිසිම නීති අණපනත් නැහැ. ඒ ආදරය මරණය දක්වා නොසැළී තියෙනවා. ඒ නිසා බල්ලෙකුට කවදාවත් ගහන්න එපා. හිරිහැර කරන්න එපා. (නි)
මිනිසාට බල්ලා කියා බනින්න එපා. ඒක බල්ලන්ට කරන අපහාසයක්.(නදී)
දුක හිතෙනවා. මම ගොඩක් සතුන්ට ආදරය කරන කෙනෙක් (නදී)
බල්ලෙක් ඇති කරලම බලන්න ඕනා උන්ගේ තියෙන උතුම් ගති ගුණ. වෙලාවකට හිතෙනවා බල්ලන් සහ මිනිස්සු කියන නම් දෙක මාරු වෙලාද කියලත් (නදී)
මිනිසුන් ළඟ නැති උතුම් ගතිගුන මේ සතුන් ළඟ තියෙනවා නේද , පවු අහිංසකයා. අපේ රටෙත් එක්තරා අගමැති කෙනෙකුගේ අබාවයෙන් පසුව ඔහුගේ සුරතල් බල්ලාද නොකා නොබී මිය ගිය බව මා අසා තියෙනවා (නදී)
ඇගේ දුක තුනී වී, කාගේ හෝ ආදරය ලබා ඉදිරිකාලය සුවසේ ගෙවේවා ..!!(නදී)
ලබන ආත්මයේදී මේ දෙදෙනා නැවත ඉපදී සතුටින් වාසය කිරීමට හැකියාව ලැබේවා. මේ ආත්මයේදී මාෂා ගේ දුක තුනී වේවා. සුවපත් වෙත්වා! (බ)
මේකත් නිකන් අපේ හිටපු සෞක්‍ය ඇමති තුමා පනත සම්මත වෙනකම් බලා හිටිය වගේ වැඩක් (නදී)
අවිස්සාවේල්ල නගරයේ මහලු යාචක කාන්තාවක් ජීවත් උනා. ඇය සමග බැල්ලක් ද සිටියා. කාන්තාව මිය ගිය පසු වෙළඳ සංගමය විසින් කනත්තේ අවසන් කට යුතු කළා. මේ බැල්ලත් එහි ගියා. අවසානයේ සියල්ලෝම ගෙදර ගියත් බැල්ල මිනී වල අසල නැවතුනා. කිසිම කෑමක් බීමක් දුන්නට කන්නේ නෑ. කඳුළු පිරි දෙනෙති දින ගණනක් සිටි බැල්ල මියගියා. (නදී)
තමන්ගේ දෙමව්පියෝ පවා අමතක වෙන දරුවෝ ඉන්න ලෝකෙක නියම කලගුන දත් සතෙක්. නැවත හොද කෙනෙක් ලැබේවා (නදී)
ඉතාමත් සංවේදනීය පුවතක්.කථා කරල හරි, සංඥා වෙන් හරි සත්තුන්ට තේරෙන විදියට භාෂවක් හැදුවොත් බ්‍රේල් ක්‍රමය සොයත්ත කෙනාට වගේම ගෞරවයක් එයාටත් අත්වේවි. (ම)
මිනිස්කම දන්නැති මිනිස්සු අතර මේවාගෙ සත්තු වාසනාවන්. (ස)
මිනිසුනි, මෙය බලුකමද? මිනිස්කමද? මඳක් සිතන්න (නි)
බොහොමයක් මිනිසුන් ළඟ නොමැති උතුම් ගුණයක්.(දිල්)
පුදුම බැඳීමක්. මාෂා ට, ඉක්මනින්ම සතුට ලැබේවා! (ර)
කලගුණ දන්නවා.(හේ)
අපේ රෝහල් කාර්ය මණ්ඩලවලින් මෙහෙම සැලකිලි බොරු. අඩුගානේ මනුස්සයෙකුටවත් (බ)
කළගුණ දත් සතෙක් සහ හදවත් තෙත් වූ මහත්වරු. (බ)