‘බර‘ නිදහස් කරගන්නා තෙක් ඉස්පාසුවක් නැතියවුන්ම ඉලක්ක කර ඇති වැඩසටහනක් ඩෙන්මාර්කයේ ඇම්ටර්ඩෑම් නගරයේ ක්‍රියාත්මකය.
නගරයේ තැන් තැන්හි පිහිටුවා ඇති ජංගම කැසි කිළි වලට ‘බර‘ ඇතියවුන්ට ආරාධනා කෙරෙන අතර ඔවුනට දැනුම් දෙන්නේ හරිත නගරයක් ඇතිකිරීම වෙනුවෙන් ඔවුන්ගේ මුත්‍රා ලබාගැනෙන බවයි.
මෙම හරුපයේ තේරුම පැහැදිලි කර දෙනු ලැඛෙන්නේ ‘බර‘නිදහස් කරගෙන ගත සිත සැහැල්ලූ කර ගත්තායින් පසුවය.
මිනිස් මුත්රාවල ඇති නයිට්රජන්,පොටෑසියම් හා පොස්පරස් යන පෝෂකයන් උකහා ගැනීම මෙම වැඩසටහනේ අරමුණයි.මෙම පෝෂකයන් ශාඛවල වර්ධනයට වැදගත්ය.ශාඛ වලට යොදන රසායනික පොහොර වල අන්තර්ගත වන්නේත් මෙම පෝෂක අඩංගු වෙයි.
මුත්‍රා වලින් ලබාගැනෙන මෙම පෝෂක ආධාර කරගෙන පොහොර නිපදවා ඒවා ඇම්ස්ටර්ඩෑම් නගරයේ වගා කර ඇති ශාඛ වලට යෙදීම සිදුකෙරේ.මෙහිදී වෙන වෙනම රසායනික පොහොර මිලදී ගන්නවාට වඩා අඩු වියදමකින් අවශ්‍ය පොහොර වර්ග සකස් කර ගැනීමට හැකියාව ඇතැයි මේ වැඩසටහනේ නිර්මාතෘවරු කියති.
යහපත් අරමුණක් වෙනුවෙන් ‘මුත්‍රා‘ පරිත්‍යාග කිරීමට ඉදිරිපත්වන්නවුන්ගේත් අඩුවක් නැති බව පවසන ඔවුන් රසායනික පොහොර නිෂ්පාදනය කිරීමට අවැසි අමුද්‍රව්‍ය ශීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පැවතීම සම්බන්ධයෙන් මහජනයා දැනුම්වත් කිරීමත් මෙම වැඩසටහනෙන් බලාපොරොත්තු වන්නක් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙත් මේ වගේ කරන්ඩ අපේ බලධාරීන් උනන්දු වෙනවනම් කොච්චාර හොදද ? (ස)
අනේ නැහැ දොන් සේතන් අයියේ, අර ඔයාලගේ ගමේ හදනවා කිව්වා බීමට. (ස)
අනේ ඉන්දු නගෝ, ඔයා ඊයා කිවුවේ මටද? (නි)
ඊයා... දොන් සේතන් !(නදී)
ඩෙන්මාර්ක් වල නෙමේ මේ නගරය තියෙන්නේ හොලන්ඩ් වල.ඩෙන්මාර්කයේ අග නුවර කොපන්හගෙන් .(නදී)
මේක ගැහැණු පාර්ශවයට කරපු අසාදාරනයක් , ගැහැණු අය කොහොමද මේ වගේ සත් ක්‍රියාවකට දායක වෙන්නේ? සෑම කාසිකිලියකම පුනීලයක් එල්ලා තැබිය යුතුයයි යෝජනා කරනවා. (නදී)
චමත්, ලංකාවේ දුර ගමන් බස් නවතන තැන්වල බිත්ති වල පවා ගහලා තිබෙන වැකියක් මතක් වුණා මට[මුත්‍රා කිරීම බල්ලන්ට පමණයි] (නි)
එතකොට නෙදර්ලන්තයේ තියෙන්නේ? (නි)
එතන හිටගෙන ඉන්නවා පෙනෙන ගැහැණු ළමයා කැසීකිලිය පාවිච්චි කළාට මුදල් එකතු කරන කෙනා වගෙයි පෙනෙන්නේ මට නම් (නි)
ඉස්සර කොහෙද රටක මුත්‍රා පානය කරන්නන්ගේ සංගමය කියලා එකක් තිබුනා. ඒ කාලේ ඒ රටේ කෙනෙකුත් ඒකේ සාමාජිකයෙක්. (නි)
මුත්රවලින් පමණක් නෙවේ තාව බොහෝ අප ද්‍රව්‍ය වලින් වැඩ ගන්න පුළුවන්,එහෙත් බැරි කොමිස් ලැදී දේශ පාලුවන් නිසාත්,කම්මැලි,උඩගු නිලදාරීන් නිසාත්.ලංකාදීපයට ස්තුතී මෙවනී පුවත් පලකිරීම ගැන. (ස)
ලංකාවෙත් දුර ගමන් බස් රථ තේ බීමට නවත්වන, හෝටල් අසල මේ වගේ ජංගම කැසිකිලි තියන්න බැරිද දන්නේ නෑ නේද? (ස)
පොලොං විසට හදන බෙහෙත් වල ආයුර්වේදයේ බේත් අඹරන්නේ මුත්‍රා සමග (නි)
අරාබියේ ඉන්නේ කොහොම අයද කියලා දන්නවනේ, ලාල් (නි)
ඇම්ටර්ඩෑම් නගරය තියෙන්නේ ඩෙන්මාර්ක් වලද? (නි)
මේ අරාබි රටවල නම් ඔය විදිහට මූත්ො කරලා අහුවුණොත් දඩත් ගහවි (නි)
අරයා මොකද සමච්චලයට වගේ හිනා වෙන්නේ. අනික පිරිමි ඒවා විතරද ගන්නේ. (නි)
දොන්සේතන්ලාගේ ගමේ මම යෝජනා කරන්න සිතූ දෙයක් කරනවා එහෙනම්? (නි)
අනේ ඔයගොල්ලෝ පොහොර හදනවා. අපේ ගමේ නම් මුත්‍රා වලින් කසිප්පු පෙරනවා මල්ලියේ (නි)
අර ගෑනු ළමයා එතන ඉදගෙන ඒ ගොල්ලන් උනන්දු කරවනවාද ? (ස)
මුත්‍ර විතරක් නොවෙයි. මල, මුත්‍ර දෙකම භාවිතා කරන්න පුළුවන්.ඒ වගේම ජිව වායුව නිපදවන්නත් පුළුවන්.ඕනේ ඔලුව තියෙන කෙල්ලේ කොල්ලෝ විතරයි. (ස)
ලංකාවෙත් කරන්න පුළුවන් වැඩක්. අපරාදේ පෝර වලට වියදම් කරන්නේ. (ස)