චීනයේ ලූවොයැන්ග් නගරයේ ගල් අඟුරු බලාගාරයක් විදුලිය නිපදවා ගැනීමට පුළුස්සමින් සිටින්නේ ගල් අඟුරු නොව මුදල් නෝට්ටුය.
මෙම මුදල් නෝට්ටු පැරණි නිසා භාවිතයෙන් ඉවත් කර තිබෙන ඒවා වන අතර චීන මහ බැංකුවෙන් ලබාගෙන ඇති විශේෂ අවසරයක් යටතේ ගල් අගුරු බලාගාරයේ ඉන්ධන ලෙස යොදාගැනෙන බව සඳහන්ය.
මුදල් ටොන් එකකින් කිලෝවොට් පැය 660 ක විදුලි බල ධාරිතාවක් ජනනය කරගත හැකිබව බලාගාරයේ බළධාරීහු කියති.
මුදල් පිළිස්සීම ගල් අගුරු පුළුස්සනවාට වඩා පහසු මෙන්ම බලය නිපදවීමේදී කාර්යක්ෂමද වන බව ඔවුන් පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි (නදී)
අනේ අප්පේ මේ සල්ලි නේද? චීනෙන් හැම කුණු කන්දක්ම ලංකාවට එවන එකේ මේ ටිකත් එව්වනම් මොකද වෙන්නේ? (නදී)
ඔය සල්ලි එව්ව නම්, චීනෙත් කටවුට් ගහන්න තිබුනා. (බ)
මේ යුවාන් 100 ඒවානේ. පැරණි බවක් පේන්නේ නහැ. සමහර වෙලාවට ප්‍රින්ටින් වැරදි තියෙන ඒවා වෙන්න ඇති සාමාන්‍යයෙන් යුවාන් 100 රුපියල් 2000ක් විතර වෙනවා (බ)
සුනිල් ගීකියන්ගේ, මෙහේ නම් හොර සල්ලි වැහිවැහැලා. මේවත් ඒ වගේ ඒවද දන්නෙ නැහැ (නි)
පෙනෙන විදියට චීනයේ මුදල් සංසරණය ගොඩක් අඩුයි වගේ. පැරණි සල්ලි මේ තරම් අලුත් නම්, අලුත් ඒවා කොහොම ඇද්ද? (නි)
මේක මොකක්ද? අපි විදුලිය ගන්නේ පාවිච්චිකරන සල්ලි පුච්චලා විතරක් නොවෙයි ඉදිරියේදී අච්චු ගහන සල්ලිත් පුච්චලානේ. (බ)
ලංකාවේ සල්ලි නම් එක පවුලක් ගිලිනවා.(හේ)
අජිත් ඔයා නම් හරියටම හරි! වැඩි දුරක නෙමෙයි මේ ඊයේ පෙරේදත් හොඳ කතාවක් තිබුණා අධි වෝල්ටීයතා සම්ප්‍රේෂණ පද්දතියක ටෙන්ඩර් ගැන.(හේ)
චීන්නු හැම දෙයකින්ම ප්‍රයෝජනවත් දෙයක් කරන්න හපන්නු. චීන වෙළද භාණ්ඩ දිහා බලන්න. ඒ හැම දෙයක්ම ඉතාම සරල නිර්මාණ. (නි)