චීනයේ බීජිං නුවර වීදියක පසුගියදා දැකගත හැකිවූ විශේෂ පුද්ගලයෙකa විය.‘යුවාන් 10 ක් (රුපියල් 211.95) ගෙවන්න.ඉන්පසු මට පහරක් දෙන්න‘ යැයි සඳහන් වූ ටී ෂර්ටයක් ඔහු ඇඟලාගෙන සිටියේය.ඔහු ඉදිරියේ වූයේ නොයෙකුත් රෝහල් බිල්පත්, වෛද්‍ය වාර්තා වලින් පිරි පෙට්ටියකි.ඒවා කියවා බලන්නෙකුට ඒ සියල්ල මේ පුද්ගලයාගේ දෙහැවිරිදි පුතණුවන්ට අයත්බව වටහා ගත හැකිය.
ලියුකේමියාවෙන් පෙළෙන තම දරුවාගේ රෝහල් ගාස්තු පියවාගැනීමට මිනිස් ‘පන්චිං බෑගයක්‘ බවට පත්ව සිටින මේ පුද්ගලයා නමින් ෂියා ජුන්ය.තම දරුවාට ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කමක් කිරීමට නිර්දේශව ඇතත් ඒ සදහා වැය කිරීමට සිදුවන යුවාන් ලක්ෂ 7 ක් පමණ වන මුදල සොයාගැනීම තමන්ට සිහිනයක් බදු යැයි ඔහු කියයි.
මුදල් සොයාගැනීමට මුලින් හිගා කෑමට සැරසුණද මග යන එන්නෝ තමන් බොරුවක් කරයි සිතා මුදල් නොදේය කියා තේරුම් ගිය හෙයින් මෙසේ ‘පන්චිං බෑගයක්‘ වීමට තීරණය කළ බව ඔහු පවසයි.ඔහු බොරුවක් නොකරන බව ඉදිරියේ තිබෙන පෙට්ටියේ ඇති රෝහල් බිල්පත් ආදිය පරීක්ෂා කිරීමේදී හොදින්ම අවබෝධ වේ.
මේවා දකින මහමග යන්නෝ තමන්ට තඩිබෑමට නතර නොවී ඔවුන්ගේ කැමැත්තෙන්ම මුදල් ප්රදානය කරන බව ඔහු කියයි.චීන මාධ්‍යයද ෂියා ජුන්ට විශාල ප්‍රචාරයක් ලබාදී තිබෙන අතර ඒ ඔස්සේද සැළකිය යුතු තරමේ මුදල් ප්‍රමාණයක් එක්රැස් කරගැනීමට ඔහුට හැකිව තිබේ.
ඔහුගේ දෙනෙතින් සතුටු කදුළු වැගිරේ.ඉක්මනින්ම තම දරුවාව සැත්කම සදහා යොමුකරවන බව ඔහු පවසයි.
උදවු සදහා ඉදිරිපත්වූ ඇතැමුන් ෂියාට රැකියාවක් පවා සොයාදීමට කැමැත්ත පළ කර තිබෙන බව සඳහන්ය.
මේ සා කරුණාවක් තමන් කිසිසේත්ම බලාපොරොත්තුවූයේ නැති බව ෂියා ජුන් කියයි.සියලූදෙනාටම ඔහු ස්තූති කරන්නේ හෘදයාංගමවය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මවු සෙනෙහස සාගරයකි .පිය සෙනෙහස මේඝ වලාවකි. (හේ)
ඉක්මන් සුවය පතමි (නි)
උතුම් පියෙක්. ඔබේ දරුවාට ඉක්මන් සුවය පතමි (නි)
ඉන්ද්‍රජිත්, ඔහොම හිතන්න එපා (නි)
ඔබගේ උත්සාහයට අපේ සුභ පැතුම්.. දරුවාට ඉක්මන් සුවය පතනවා. (නදී)
උතුම් පියෙක්. අපේ අප්පච්චිත් මෙහෙම දෙයක් නොකරත් අපිට මේ තරන්ම ආදරෙයි. (ර)
තාත්තලගේ ආදරය හරියට ගහක මුල් වගේ. හරිම ශක්තිමත්. මුලු පවුලේම පැවැත්ම රඳවා ගන්නේ ඒකෙන්. ගහක මුල් කාටවත් පෙනේන්නේ නැහැ වගේ තාත්තලාගේ ආදරයත් පෙනෙන්නේ නැහැ. මුල් නැතුව ගහකුත් නැහැ. (නදී)
ඔබේ දරුවා සුවවෙනවා ඒකාන්තයි!. දරුවෝ වෙනුවෙන් තාත්තලට කරන්න බැරි දෙයක් නැහැ. (නදී)
ඔබවැනි පියෙකුට හිසනමා ආචාර කරමි දරුවට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබී ඉක්මන් සුවය ලැබේවා (නදී)
බුදුසරණින් ඉක්මනින් සුවය ලැබේවා! (නි)
ඉන්ද්‍රජිත් කියන්නේ මෝඩ කතාවක් (නි)
අනේ පවු! (නි)
දරුවාගේ ජීවිතය රැකගන්න ඔබට ශක්තිය හා දෛර්ය ලැබේවා ...! හරිම ආඩම්බරයි ...(හේ)
මේ දරුවාට නීරෝගිභාවය, දීර්ගායුෂ ලැබේවා !(හේ)
ඔබගේ දරුවාට ඉක්මන් සුවය ලැබේවා!!!!!! (නි)
අපේ රටේ නම් සැත්කම් සඳහා කියමින් මුදල් එකතු කරන එක දැන් ලොකු ජාවාරමක් වෙලා ඉවරයි.කුලී පදනම මත වෛද්‍ය වාර්තා විකුණන අයත් ඉන්නවා.මේ වගේ දේවල් සඳහා නීතිරීති අවශ්‍යයි නේද? (නි)
තම ලෙයින් උපන් දුවරු පුතුන් දුෂණය කරන පියවරුන් සිටින මේ ගතානුගතික සමාජයේ ඔබ සැබවින්ම අාර්ය පියෙකි (නදී)
දයාබර තාත්තෙක්. මගේ ඇස් වලට කඳුලුත් ආවා.ඔබේ ප්‍රාර්ථනාව ඉටු වේවා! (හේ)
හරිම දුකක් දැනුනා (නි)
ඉන්ද්‍රජිත්ට තේරුම්යයි එයත් තාත්තා කෙනෙක් වූ දවසට (නි)
පව් ඉක්මන් සුව මේ වගේ තාත්තලා ලබන්න පිං කරලා තියෙන්න ඕනේ (නදී)
ඇහැට කඳුළු එන කතාවක්. හරිම සංවේදී. පුතාට ඉක්මන් සුවය ලැබේවා. (නදී)
කපටි තාත්තෙක් (අ)
බුදුබව ලැබිය යුත්තේ මවුවරු පමණක් නොවේ. පියවරුන්ගේ පපුවල කිරි නැතත් මහා කරුණාවක් තම දරුවන් කෙරෙහි තියනවා. අම්ම බුදුවේවා! තාත්තත් බුදු වේවා! (හේ)
දැන් ලංකාවේ අයත් ඔය වැඩේ පටන් ගනී.(හේ)
ඔබ වන් තාත්තලා ලබන්න දරුවෝ පින් කරන්න ඕනේ (නදී)
ඔබ දරුවට ඉක්මනින්ම සුවය ලැබේවා . (හේ)
නොසිදෙන ආදරයයි ඔබතුල මේ , ඉතිරී, පැතිරී වැගිරෙන්නේ මා පියාණෙනි (නදී)
ඔබේ දරුවාට ඉක්මන් සුවය පතනවා. (නි)
වෙනස් විදිහකට හිතන්න පුරුදු වුනු කෙනෙක් තමයි ලංකාවටත් අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ විදිහට වෙනස් ආකාරයකට පුළුවන් නායකයින් තමයි.(නදී)
මම ඔබට ගරුකරනවා (නදී)
ඔබ සැබෑ වීරයෙකි (නදී)
සැබෑ පියෙක්. මගේ මේ නමස්කාරය ඔබටයි (නදී)