තොල් ආලේපන යැයි වැරදී සුපර්ග්ලූ දෙතොලේ ආලේපනය කරගත් කාන්තාවක් ගැන නවසීලන්තයේ ඩියුන්ඩින් ප්‍රදේශයෙන් වාර්තා වේ.
සුපර්ග්ලූ ආලේපනය නිසාවෙන් ඇයගේ දෙතොල් එකිනෙක තරයේ ඇලවී ඇත.කරන්නට දෙයක් නොමැති තැන පොලිස් හදිසි අනතුරු අංශය අමතා ඇතත් ඇයට ඇලවී ගිය තොල් නිසා තමාට සිදුව ඇති අකරතැබ්බය පවා විස්තර කර ගැනීමේ හැකියාවක් තිබී නොමැත.එහෙත් ඇමතුම ලබා ගත් පොලිස් නිළධාරියා විමසිලිමත් කෙනෙකු වීම නිසාවෙන් ඇයගේ නිවස සොයා පොලිස් නිළධාරීන් පිටත් කර හැර ඇත.
එසේ පැමිණි පොලිස් නිළධාරීන් ඇයට සිදුව ඇති කරදරය වටහාගෙන ඇයව රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණි. රෝහලේදී වෛද්‍යවරුන් විසින් ඇයගේ දෙතොල් යථා තත්ත්වයට පත්කිරීමට සමත්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද අනේ ඒ
අපරාදේ තොලේ ගාගත්තේ.. ඒ වගේම තීන අනික් පැත්තේ ගාගත්තනම් තමයි හොඳ...(අ)
මම හිතන්නේ මෙම දැන්වීම ප්රචාරයෙන් ඉවත් කලොත් හොඳයි කියලා (දී)
පොලිස් නිලදාරියාට කෙටි පණිවුඩයක්ද යැව්වේ? (දී)
මෙය ඔබට සිදුවුනහොත් ශල්‍යකර්ම සදහා ගනු ලබන ස්පිර්ට් වලින් පොගවන්න. (නි)
වෙළද දන්වීම් කලාවේ නව ප්රවණතා.(නදී)
මේක එයාගේ මනුස්සයාගේ වැඩක් වෙන්නේ ඇති. කච-කචේ..ඉවසන්න බැරුව කරපු. (නි)