සෞදි අරාබියේ අද (02) සන්ධ්‍යා භාගයේ සිට පවතින දැඩි සුළං සමග කුණාටු තත්ත්වය නිසා රියාද්,සහ නැගෙනහිර කලාපය ඇතුළු තදාසන්න පෙදෙස මුළුමනින්ම දුහුවිලි වලින් වැසී ඇති අතර මහා මාර්ග වල ගමන් ගන්නා වාහන සහ සාමාන්‍ය ජනතාව අධික දුවිල්ලෙන් පීඩා විදිනු දැක ගත හැකියි.මෙම දුහුවිලි කුනාටුව පිලිබඳව පුවත් පත් වලට නිවේදනයක් නිකුත් කරන සෞදි බලධාරීන් පවසනුයේ සියලුම වාහන ඉතා සුපරික්ෂාකාරීව ගමන් ගන්න ලෙසය.අද රාත්‍රී 11 පමණ වනතුරුත් පවතින දැඩි සුළං සහිත මෙම කුණාටු තත්ත්වය මත හෙට (2)දින සියලුම පාසල් වසා තැබීමට කටයුතු කර ඇත .මෙම අයහපත් කාලගුණයේ බරපතල කම කෙසේද යත් නිවෙස් සහ විදේශිකයින් ලැගුම් ගන්න නවාතැන්වල ඇතුළත සහ පිටත ඝන දුවිලි තට්ටුවක් තැන්පත්වී ඇති අතර මුළු පරිසරයම අඳුරු පැහැ ගැන්වී ඇත
වීඩියෝ කරුණා ප්‍රේමලාල්
ඡායාරුප ලලිත් ප්‍රේමලාල්
ඡායාරුප කරුණා ප්‍රේමලාල්









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව කොච්චර වටිනවද කියලා හිතෙනවා මේ වේලාවට..(ම)
දැන් අඩු වෙලා (නදී)
අපි ඉන්නේ සෞදි වල දකුණු මායිමේ. අපිට දුවිලි කුණාටු නම් නැහැ. යේමන් එක්ක යුද්ධයක් යනවා. ජීවිතේ කොයිවෙලාවෙද කියලා කියන්න බැහැ. (නි)
මම ඉන්නේ අබුඩාබි. මගේ රැකියාව කුලී රථ රියදුරු. අම්මෝ! පුදුම දුකක් වින්දේ (නි)
මුළු පැත්තම දුවිල්ලෙන් වැහිලා.ලංකාවේ අගේ හරියට දැනෙනවා මෙහෙම වෙලාවට.(හේ)
මේ පැත්තම දුවිලි වලින් වැහෙනවා.(හේ)
මම ඊයෙ රෑ කටාර් වල එයා බේස් ඉදල මිසයිඩ් වලට වාහනය පදවන්න මාර පරිප්පුවක් කැවා. (ස)
මේ කුණාටුවට මා හසු වුණා. වාහනය පදවන්න පාර පේන්නේ නෑ. මෙහි භයානකත්වය වචනයෙන් පැහැදිලි කරන්න බැහැ. තෙරුවන් බලයෙන් කිසිම කරදරයක් වුනේ නැහැ. (ස)
වැහැල මේවා නැතිවේවා. අනේ දෙවියනේ අපිට වහින්න. ඩුබායි අපි . (ස)
ඩුබායි තාමත් දූවිල්ලෙන් වැහිලා තියෙන්නේ...වැඩ නිම වී කාමරයට යන එක තමා ප්‍රස්නේ....(ස)
මමත් දම්මං වල ඉන්නේ. රූම් එක ඇතුලෙවත් ඉන්න බෑ. පුදුම දුවිල්ලක් තියෙන්නේ. (ස)
දෙවියන්ට මොනවත් කරන්න බැරිද මේ දෙයට ? (ස)
ඩුබායි දූවිල්ලෙන් වැසී රතුපාට වී ඇත. (ස)
කියල වෑඩක් නෑහෑ මුලු කුස්සියම අද හෝදන්න වෙනව දොර යටින් දුවිලි කුස්සියට ඈවිත් කුස්සියම දුබුරු පාටයි කොහොමද සවුදියේ කට්ට.(ම)
බහරේන් වල පාරවල් හොයාගන්න බැරි විදියට වැලි කුණාටු අවා ඊයේ රාත්‍රියේ. අපේ වාහන ගෙවල් සහ කාමර ඇතුල සිහින් දුවිල්ලෙන් වැහිලා.(ම)
දැන් අපට පායන්න පටන් ගත්තා. එතකොට දුවිලි කුණාටු එන එක සාමාන්‍ය දෙයක්. සුළඟ හැම වෙලේම තියනවා. සමහර වෙලාවට පාරේ යන්නවත් පේන්නේ නෑ. වාහනයකින් එළියේ හෝ වාහනයක් එනතරු හෝ ඉන්න උනොත් හරිම අමාරුයි. සුළඟ තද කමට හිටවල තියන ගස් පවා ගැලවිලා වැටෙනවා. එ් වෙලාවට එන දුවිල්ල ඉතාමත් සියුම්. දොර ජනෙල් අතරින් ගෙවල් ඇතුලට එනවා. අප දැන් ඒවා පුරුදු වෙලා. 50-52 c විතර යනකල් රත්වෙනවා. පායන කාලෙට සුළඟ නිසා දැනෙනවා අඩු උනාට සුළඟ මූනට වදිනකොට පිච්චෙනවා වගේ දැනෙනවා. (ස)
මම ඉන්න අබුඩාබි වලත් ඊයේ රාත්‍රී සිට මෙවැනි දුවිලි කුණාටු දකින්නට ලැබුණා. දිවා කාලයේද මෙවැනි තත්වයකුයි තිබුණේ (නි)
ඊයෙ රෑ බහරේන් වලටත් දූවිලු කුණාටු තිබුනා. දැන් නම් හරි (නි)
මෙහෙත් ගන්න දෙයක් නැහැ. හැමතැනම දූවිලි. ලංකාවේ ඉන්න වාසනා කරන්න ඕනෑ. (නි)
දමාම් වල මම ඉන්න ප්‍රදේශයේ අඩි 20 ක් දුරින් ඉන්න කෙනා පෙනෙන්නේත් නැහැ. (නි)
කටාර් වලත් ඉතාම අයහපත් කාළගුණයක් තිබෙන්නේ (නි)
කටාර් වලටත් ප්‍රභල දුවිලි කුණාටුවක් ආවා.අපි බොහොම අමාරුවෙන් කාර්යාලයට ආවේ. පාරවල් මුළුමනින්ම දුවිලි වලින් වැසී තිබුණා. එහෙත් දැන්නම් දුවිලි කුණාටුව අඩුවෙලා. (නි)
මගේ සිරි ලක වාසනාවන්. ලංකාවේ ඉපදුණු අපිත් පිං කර තියෙනවා (දිල්)