‘නගරයක් ඇතුලේ නගරයක්‘ තැනීමට ඩුබායි බලධාරීහු සැළසුම් සකස් කරමින් සිටිති.
මෙම නගරය සම්පූර්ණයෙන්ම වීදුරු ආවරණයක් යට පිහිටැවෙන අතර එහි ලොව විශාලතම වෙළද සංකීර්ණයද ඉදි කිරීමට නියමිතය.
ඊට අමතරව හෝටල 100 කට ආසන්න සංඛ්‍යාවක්, සිනමා ශාලා,උද්‍යාන,අවන්හල්,විනෝද මධ්‍යස්ථාන ආදී පහසුකම්ද මේ නගරය ඇතුළත ඉදිකෙරෙන නගරයේ ඇති කෙරෙනු ඇත.
මෙම ඉදිකිරීම් වර්ග අඩි ලක්ෂ 480 ක වපසරියක් පුරා පැතිරේ.
ඩුබායිහි ඇතැම් කාලයන්හිදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ක පමණ ඉහළකට නගී.එනිසා මෙම මුළු නගරයේම උෂ්ණත්වය අවැසි පරිදි එකවර පාලනය කිරීමේ පහසුකම්ද ඇති කෙරෙනු ඇතැයි සදහන්ය.
මෙය ඉදිකිරීමේ අරමුණ වසර පුරාවටම ඩුබායි නගරයට සංචාරකයින් අද්දවාගැනීම බව බළධාරීහු කියති.
ඊට අමතරව මැදපෙරදිග කලාපයේ සංස්කෘතිකමය හා ආර්ථිකමය මධ්‍යස්ථානයක් බවටත් ඩුබායි පත් කිරීමද මෙයින් අපේක්ෂා කැරෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉන්නෙත් ඩුබායි වල තමයි (අ)
බලන්න මැද පෙරදිග රටවල් කොච්චර පොහොසත්ද අපි මෙහේ ඉන්න අයට බනිනවා. හැබැයි ඒ අය දියුනුයි. අපි තවම එතනමයි. (නදී)
අපේ රටේ අය ඉතින් අනෙක් රටවල දියුණුව ගැන බලලා කට ඇරගෙන ඉන්න තමයි දන්නේ (නි)
අනාගතය ලෝකය මොනවගේ තියේවිද කියල බලාගන්න නම් ඩුබායි එන්න හැබැයි දැම්ම නමෙයි , තව අවුරු 6 කින් (දී)
අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. හැබැයි මිහිකත තරහ කරගෙන නොවේ. මේ හැම දේම තත්පර ගානකින් වෙනස් වෙන්න පුළුවන් (අ)
සමන්ත ඔය මිනිස්සු ඉරිසියාවට කියන දේවල් ගණන් ගන්න එපා. අපි ආවොත් එන්නම් ඔයාවත් බලල යන්න. (නදී)
අපේ පාර්ලිමේන්තුවත් හදමු මෙහෙම.එතකොට මීට වඩා අපිට හොඳ සිදුවීම් බලාගන්න පුලුවන්. (නි)
මමත් හිටිය ඩුබායි වල. (ස)
ගොඩක් ලස්සනට ඇති (නි)
මම ඉන්නෙත් ඩුබායි වල තමයි (නි)
ඩුබායි වලට සංචාරකයින් මිලියන 60ක් විතර වසරකට එනවා. අපේ රටට ඒ තුළින් යමක් ඉගෙනගන්න පුළුවන් සංචාරක කර්මාන්තය දියුණු කරන්න (නි)
ඒ රටවල් කොච්චර නම් දියුණුද? (නි)
අපිත් හදමුද එකක්? (නි)
සමන්ත, දැන් ඔයා අපිට ඉතින් මොකක්ද කියන්නේ? ඔයා විතරක් නෙමෙයි, ලංකාවේ ගොඩක් අය ඩුබායි වල ඉන්නවා. (නි)
සමන්ත, ඉතින් ඔයා ඩුබායි හිටියා කියලා අපි මොනවද කරන්න ඕනෑ? (නි)
සමන්ත ඔයා ඩුබායි හිටියට අපිට මොකොද මේ ලියමනට අදාල දෙයක් කියන්න.(දී)
සමන්ත ඉතින් අපිට මොකෝ (දී)