තව දින දෙකකින් (6) පැවැත්වීමට නියමිත ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ කිරුළ හිමි කර ගැනීමට ප්‍රධාන අපේකAෂකයින් දෙපළ අතර ඇත්තේ තියුණු තරගයකි. නව ජනමත විමසුම අනුව දැනට ඩිමෝක්රටික් පක්ෂ අපේක්ෂක හා ජනපති බරක් ඔබාමා ඉදිරියෙන් සිටී. කෙසේ වුවද ඔහුගේ ප්‍රතිවාදියා වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක මිට් රොම්නි පසුපසින් සිටින්නේ ඉතා සුළු ප්‍රතිශතයකිනි. වෙනසකින්ය.මේ නිසා ජනාධිපතිවරණයේ ජය කාටද යන්න තවමත් තීරණය කළ නොහැකි බව දේශපාලන විචාරකයෝ කියති. මිට් රොම්නිට ජනාධිපතිවරණය ජය ගැනීමට ඉතා හොද අවස්ථාවක් ඇති බව ඔවුන්ගේ මතයයි. රොම්නි හා බරක් ඔබාමා අතර පසුගිය කාලයේ මුහුණට මුහුණලා පැවැති වාද විවාදවලදී ජනාධිපතිවරයා සිය ප්‍රතිවාදියාගේ ප්‍රකාශ හමුවේ අසරණ වන ආකාරය දැක ගත හැකි විය.අනෙක් අතට බරක් ඔබාමාගේ ජනාධිපතිවරණ තේමාව වන ‘‘ඉදිරියට‘‘ යන්නට වඩා මිට් රොම්නිගේ ‘‘සැබෑ වෙනසක් කරා‘‘ යන්න කෙරෙහි ඇමරිකානුවන් විශ්වාසය තබා කටයුතු කරන සෙයක් දැන් දැන් පෙනේ. වැටී තිබුණු සිය ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීමට නැගෙනහිර ඇමෙරිකාව මහත් හානියක් සිදු කරමින් හමා ගිය ‘‘සැන්ඩි‘‘ චණ්ඩ මාරුතය බරක් ඔබාමා වෙත ගෙන ආවේ මහගු අවස්ථාවකි.ජනාධිපතිවරණ උමතුව පසෙක තබා සැබෑ නායකයෙකු ලෙස ඔහු කටයුතු කළ ආකාරය බොහෝ දෙනාගේ ප්‍රසාදයට හේතුවිය. ඇමරිකා ජනතාව ආදරය කරනා සුපිරි ගායන තරු වන ස්ටීවි වොන්ඩර්, ජේ.සී වැන්නන්ද ඔබාමාට ප්‍රසිද්ධියේ සහය පළකිරීමද ඔහුගේ වාසියට හේතුවකි. මිට් රොම්නි මාධ්‍ය සංදර්ශන නොපැවැත්වූ අතර සුපිිරි තරුද ඔහු පසුපස නැත.එහෙත් ඔහුගේ වාග් විලාශය හා ඇමරිකාවේ සැබෑ තත්ත්වය ඇති සැටියෙන් පෙන්වා එයින් මිදීමට ඉදිරිපත් කර ඇති සැලැස්ම බහුතර ඇමරිකානු ජනයා පිළිගන්නා සෙයක් මේ නවතම ජනමත විචාරණයෙන් පෙනේ. ලෝක බලවතාගේ මුල් පුටුවට පත්වන්නේ කවුරුන්ද යන්න එළැඹෙන දින කිහියපයේදී දැනගතහැකි වනු ඇත. (කෝ වි ගු)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවද බුදුන් වැඩිය දේශයකි. (නි)
ඕකේ ඉතින් අහන්න දෙයක්යෑ ඉන්න නායකයාම දිනනවා. ඕක තමයි ලෝක ප්‍රතිපත්තිය. ඕකට මහජන ඡන්දයක් අවශ්යයයැ. (ස)
නියත ලෙසම ඔබයි නැවතත් පත්වන්නේ. (නි)
ඔබාමාට ජය වේවා! (නි)
ඔබාමා කොහොම හරි මේ සැරෙත් ඒවි.. (ස)
අසිත , ප්ලේන් එකෙන්ද? (නි)
කවුරු දිනුවත් එකයි. ඇමරිකාව ඇමරිකාවමයි. (නි)
තුවාන් , කොලොම්බස් ගියේ සී ප්ලේන් වලින්ද (ස)
හිටපු ජනාධිපති ජෝජ් බුෂ් ආවනම් තමයි වඩාත් හොඳ (ස)
ඔබාමා දිනනවා