හදිසියේ ඇතිවූ අධික උණුසුම් තත්ත්වය හේතුවෙන් පකිස්තානයේ දකුණුදිග සින්ද් පළාතේ 120ට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ට වැඩි අගයක පැවතීම මේ මරණවලට හේතුවී ඇත.
වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ කරච්චි නගරයේය. ඒ 114කි. නගරයේ විදුලි අවශ්‍යතාව ඉහළයාම හේතුවෙන් විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක වෙයි. කරච්චිහි ජිනා රෝහලේ පාලන අධිකාරිය පවසන්නේ මියගිය බොහෝ දෙනා වයෝවෘද්ධ පුද්ගලයන් බවයි. ඔවුන් අධික උණ ගතියෙන්, විජලනයෙන් හා වලිප්පු රෝගයෙන් පෙළුණු බව වාර්තා වෙයි. මෙය පසුගිය වසර පහළොවක කාලයේ දී පකිස්තානයේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වයයි.
පකිස්තානයේ බොහෝ මුස්ලිම් බැතිමතුන් රාමදාන් උපවාසය ගත කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට හේතුව ඩෙනිම් ඇන්ද එකද නැත්නම්... (ර)
කන්නත් නැහැ , විදුලියත් නැහැ , රස්නෙත් ඉන්න බැහැ. අනේ මන්දා කරුමයක මහත! (නි)
හිනා වෙන්න නරකයි , මොනවා වුනත් මිනිස් ජිවිත . කාටද කියන්න පුළුවන් හෙට අපේ රටේ නොවෙයි කියලා ?(හේ)
පව් වැඩ වලින් වෙන් වෙන්න (ම)
නුවන්ට ජාතියක් ජන්මයක් නැහැ වගේ. (ස)
එහෙ රස්නෙන් මිනිස්සු මැරෙනවා අපි ඉන්න රටේ දැන් සෙල්සියස් -25කට උෂ්ණත්වය බැහැල මිනිස්සු මැරෙනවා අනේ මෙහෙමත් ලෝකයක්. (ම)
කවූරුවත් කලබල වෙන්න ඕනේ නැහැ. (ර)
ගෑනු ඩෙනිම් අන්දපු එකට දෙවියන් කෝප වෙලා... හැබැයි බැට කෑවේ වයෝවෘද්ධ උදවිය. මේකට වග කියන්න ඕන කලගුනේවත්, සොබාදහමවත් නෙවේ බොලවූ... ඩෙනිම් අඳින ගැණු. (බ)